Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතා පැවැත්වීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, සැප්තැම්බර් 14 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙන විට විරෝධතා තීව්‍ර කරන බවය. “අපේ තියෙන වෘත්තීය සමිති ගණනාවක නායකත්ව මට්ටමේ ඉන්න සමාජිකයින් ගණනාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් සාකච්ඡාවකට අවස්ථාව ඉල්ලුවා නමුත් අපි තේරුම් ගන්න ඕනේ පණිවුඩය තමා තාමත් රජය විශ්වාස කරනවා නම් වෘත්තීකයින් විදියට මේ ඉවසීම වැරදි විදියට පාවිච්චි කරලා අපේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව කාපට් අස්සට දාලා මේ ප්‍රශ්නය වහලා දාන්න ඒකට මේ රටේ වෘත්තීයවේදීන් ඉඩදෙන්නේ නෑ. ඒ අපේ ඉවසීම වැරදි විදියට පාවිච්චි කරන්න පාලකයින් උත්සාහ කළොත්…
රූපවාහිනී අයි නාලිකාවේ ගුවන් කාලය පැවරීමේදී දූෂණයක් වංචාවක් සිදුවී ඇතැයි ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ජනමාධ්‍ය,ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22)පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේමතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය. මේ ගැන කරුණු දැක්වීමට අවස්ථාව සලසා දීම ගැන අනුර කුමාර දිසානායකට ස්තුතිවන්ත වෙනවා. මෙම නාලිකාව සමාගමකට විකිණීමක් හෝ බදු දීමක් හෝ කර නැහැ. ගුවන් කාලය මාස හයකට කුලී පදනම මත මසකට මිලියන 150ක බදු මුදලකට වී.අයි.එස් බ්‍රොඩ්කාස්ටින් සමාගමට පවරලා තියෙනවා. මම කිසිම අනීතික පැවරීමක් සඳහා උපදෙස්දී…
රජය සහ මහ බැංකුව එක්ව සංචාරක ක්ෂේත්‍රය ගොඩනැංවීම සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. අධික බැංකු පොලිය ගෙවා ගන්නට බැරිව සංචාරක ක්ෂෙත්‍රය කඩා වැටී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය. රටට ජාතික සංචාරක ප්‍රතිපත්තියක් නැතැයි කී හේරත් මහතා තවමත් ආණ්ඩුව එය හදන්නේ නැතැයි ද සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියන්නේ හෝටලයක් විවෘත කර එතැනදි කතාවක් පැවැත්වීම නොවේ යැයිද විජිත හේරත් මහතා පැවසීය. සංචාරක කර්මාන්තයේ කඩාවැටීමට හේතුව රටේ පාලකයන් බවද මන්ත්‍රීවරයා කීය. ආණ්ඩුව පළමුවෙන්ම කළ යුත්තේ මහ බැංකුව සමග සම්බන්ධ වී පොලී පිට පොලී වැඩි කිරීම නොව පොලිය කපා හැර හරිනම්…
ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය. එමෙන්ම නිධානයක් උඩ ඇවිදිමින් පැමිණ ගිය අවුරුද්දේ බංකොලොත් වූ රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය. සංචාරක කටයුතු පිළිබඳ පනතට අදාල නියමයන් සම්බන්ධ විවාදය අමතමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කීවාය. කරුණාකර ඇල්කොහොල් වල මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරිය ගල් අරක්කු මිල වැඩි නිසා මිනිසුන් ගෙවල් වල කසිප්පු පෙරාගෙන බොන බවද කීවාය. රටේ සුරාබදු දෙපාර්තමේන්තුව 40% ක පාඩුවක් ලබා තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරිය මේ සංචාරක පුරවරයක් දැයි ප්‍රශ්න කළාය.
ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව යෝජනා කර තිබේ. ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව එම අමාත්‍යංශ උසස් නිලධාරියෙක් පැවැසීය. ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
අන්තවාදී පිරිසක් පොළොන්නරුව මාදුරුඔය දිවුලපතාන ගම්මානයට පැමිණ එහි පාරම්පරික ගම්වාසින් පිරිසක් සමග ඊයේ (22) සවස ඇති කරගන්නට ගිය ආරවුලක් සමථයට පත් කිරීමට,ප්‍රදේශයේ මහා සංඝරත්නය එම ගම්වාසීහු සහ අරලගංවිල හා කරදියනාරු පොලීසි සමත් වූහ. දිවුලපතාන ගම්මානයේ පවුල් 50 කට ආසන්න පිරිසක් ජීවත් වන අතර එම ඉඩම්වලට මඩකළපුව හා අම්පාර දිස්ත්‍රික්කයේ ගවයන් නිදහස් කිරීමට ලබාදෙන ලෙසට මඩකලපුව දිස්ත්‍රිකයේ මන්ත්‍රීවරයා මඩකළපු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට දන්වා ඇත. ඒ අනුව අද මෙම ගම්මානයට වාහන කීපයකින් පැමිණි මෙම මන්ත්‍රීවරයාගේ අන්තවාදීන් පිරිසක් ගම්මානයේ නිවාස වීඩියෝගත කරන අවස්ථාවේදී විශාල ගැටුමක් වර්ධනය වීමට යෑමේදී එම උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ අරලගංවිල…
මෙරට මුහුණ දී සිටින නියං තත්ත්වය හේතුවෙන් පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් ලෙස සලකා අමාත්‍යංශ තුනක් ඒකාබද්ධව කටයුතු කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ජලසම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ එකාබද්ධව මෙම හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් එම අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සුඛෝපභෝගි මෝටර් රථයකට ව්‍යාජ ලේඛණ සකස් කර ආරක්ෂක සමාගමකට අනුයුක්ත කළැයි කියන නාවික හමුදාවේ හිටපු නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. සැකකරු මාස 4 ක් පොලිසිය මගහරිමින් සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. සැකකරුගේ මෙම සුඛෝපභෝගි මෝටර් රථය, ඔහුගේ පුද්ගලික ආරක්ෂක සමාගමේ රාජකාරි කරමින් සිටි තවත් කමාන්ඩර්වරයකු ධාවනය කරමින් සිටියදී, මෙම වාහනය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක ඒකකය මගින් මීට මාස 4 පෙර ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෝටර් රථයට ව්‍යාජ ලේඛණ සකස් කර එය ධාවනය සඳහා යොදවා ඇත්තේ එම පෞද්ගලික ආරක්ෂක සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන්…
දේශීය බිත්තරයක මිල රුපියල් 30 – 35 ට පාරිභෝගිකයන්ට හිඟයක් තොරව මිලදී ගැනීමේ අවස්ථාව උදා වූ වහාම බිත්තර ආනයනය නතර කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. දේශීය බිත්තර රුපියල් 60 – 65 ට අලෙවි කරමින් බිත්තර නිෂ්පාදකයන. අසීමිත ලාභ ලැබූ බවත් රජය බිත්තර ආනයනය කිරීමෙන් පසු බිත්තරයක මිල රුපියල් 40 – 45 දක්වා අඩු කිරීමට ඔවුන්ට සිදු වූ බව රාජ්‍ය වාණිජ විවිධ. නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි. වලිසුන්දර මහතා පැවසීය. දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 750 ක් ආනයනය කර රටපුරා ලංකා සතොස හා සුපිරි වෙළෙඳසල් හරහා ජනතාවට අලෙවි කර ඇති බවත් ඒ මහතා කීය.…
ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට පහසුවන ආකාරයෙන් සහ තවදුරටත් ක්‍රමවත්ව සකස් කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. කොටුව සහ කොටු පරිශ්‍රය දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට පහසුවන ආකාරයෙන් හා කොටුව තුළ පිහිටා ඇති විහාරස්ථානය, කොවිල සහ එහි ස්ථානගත කර ඇති හමුදා කඳවුරෙහි කාර්යයන් සඳහා බාධාවක් නොවන අයුරින් නියමු සැලැස්මක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා එහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය. කොටුව සහ ඉන් පිටත ස්මාරක තව දුරටත් ආරක්ෂාකාරී ලෙස සංරක්ෂණය කරන ලෙසත්, කැනීම් කිරීමට පවතින ප්‍රදේශන් කඩිනමින් සංරක්ෂණය කර අවසන් කරන ලෙසත්, සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා කොටුව පිළිබඳව තොරතුරු ලබාගත හැකි…