Author: LANKA24X7

දූෂණ විරෝධී පනතේ විධිවිධානයන්ට අනුකූලව ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් තමන්ගේ සහ තම පවුලේ සියලුම වත්කම් උපයා ඇත්තේ නීත්‍යානුකූලව, ආදායම් උපයාගත් ආකාරය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය ඕනෑම අයෙකුට ඒ පිළිබඳව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය. එලෙස පැමිණිලි කරන ඕනෑම අයෙකුට තමන් වත්කම් උපයාගත් ආකාරය අන්තිම සතේට පැහැදිලි කිරීමට බැඳී සිටින බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. තමන් මේ ආකාරයෙන්ම පසුගිය වසරේ මෙන්ම ඊට පෙරද මෙලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන බවද ඔහු පැවැසුවේය. තමන් දේශීය ආදායම් දෙපර්තමේන්තුවේ ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කරනු…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදුව තිබේ. මෙම හමුව සිදුව තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදීය.

Read More

වාහන ආනයනය සඳහා ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි (සැප්තැම්බර්16වන විට) විවෘත කර ඇතැයි වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න මහත්මිය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසුවාය. වාහන ආනයනයෙන් මේ වසරට රුපියල් කෝටි 46000ක් අපේක්ෂා කළ නමුත් එය කෝටි 70000ක් දක්වා වැඩිවන තත්වයක් පෙනෙන්නට ඇති බවත් මෙපමණ වාහන ප්‍රමාණයක් පැමිණේවි යැයි බලාපොරොත්තු නොවූ බවත් අබේරත්න මහත්මිය කීවාය. එසේම මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 350ක් පමණ වනු ඇතැයිද මෙහිදී අනාවරණය කෙරිණ. මේ වසරේදී සංචාරකයන් ලක්ෂ විසි හතරත් 25ක් අතර සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. එහි අපේක්ෂිත ආදායම් ඉලක්කය ඇමෙරිකානු…

Read More

දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම සහ සිසුන්ට හානි පමුණුවන දඬුවම් ක්‍රම අවසන් කිරීම සහ එවැනි අපරාධ කරන්නන්ට නීතිමය දඬුවම් ලබා දීමේ අරමුණින් ඉදිරිපත් කෙරුණු දණ්ඩ නීති සංග්‍රහය (සං‍ශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් තවත් දිනයකට කල් තබනු ලැබීය. ළමා රැඳවුම් මධ්‍යස්ථාන සහ පාසල් ඇතුළු විවිධ ස්ථානවල දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් නැවැත්වීමට ප්‍රමාණවත් නීතිමය විධිවිධාන ශ්‍රී ලංකාවේ දිගු කලක් තිස්සේ නොතිබුණ හෙයින් එම ගැටළුව විසඳීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි අධ්‍යාපන අමාත්‍යාංශය සහ ගුරු වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවයන් සමඟ කළ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව…

Read More

කුරුණෑගල පන්සියගම නා උයන. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හිමිවරුන් වැඩම කරන කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් හිමිවරුන් හත් දෙනකු අපවත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. අපවත් වූ හිමිවරුන් අතර රුසියන් රුමෙනියා සහ ඉන්දියාවේ වෙසෙන හිමිවරුන් තිදෙනකු ද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. අපවත් වූ හිමිවරුන් වයස අවුරුදු 27 – 48 පසුවන්නන්ය. සිදුවූ අනතුරින් තුවාල ලද තවත් හිමිවරුන් හය දෙනකු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. එම ඩක්කුවෙන් හිමිවරුන් 13 කු ගමන් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය. එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙ.ව 12.45ට සමුළුව ඇමතීය. ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය පිළිබඳවද මෙහිදී කණස්සල්ල පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව…

Read More

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා එළැඹෙන මස 8වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක අද (24) නියෝග කළේය. අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇපමත සිටින සැකකරුවන් හා බන්ධනාගාර ගතව සිටින 10 වන සැකකරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. එමෙන්ම 11 වන සැකකරු වන හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න, හිටපු නාවික හමුදා බුද්ධි…

Read More

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්ක වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. ඒ, එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ අවස්ථාවේදීය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – වාහනවල අපේක්ෂිත ආදායම මොකක්ද මේ අවුරුද්දට? භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා – “මේ වසරට බිලියන 460ක්.” රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ඒක වෙනස් වුණේ නැද්ද? වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “දැන් තියෙන තත්ත්වය අනුව ඊට වැඩිවෙනවා. මෙච්චර වාහන එයි කියලා බලාපොරොත්තු වුණේ…

Read More

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත. ඒ අනුව පළාත් නවයම ආවරණය වන පරිදි ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඇති කිරිමට සැලසුම් කර ඇති අතර, එහි පළමු වැඩසටහන ලෙස රුපියල් මිලියන 50.8ක වියදමින් කාත්තන්කුඩි නගර සභාවේ ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කෙරිණි. ඒ සඳහා නොදිරන කසළ ප්‍රමාණයක් ජනනය වන ස්ථාන 6ක් බැගින් ස්ථාන 54ක් තෝරා ගෙන ඇති අතර දැනට එම ස්ථාන අතරින් 25 ක ශක්‍යතා අධ්‍යනය…

Read More

අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ලබාගෙන ඇති ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කතානායක වෛද්‍ය ජගක වික්‍රමරත්න මහතාගේ බයිනෑන්ස් ගිණුමේ ඇති යූඑස්ඩීටී 1850 ලබා ගත්තේ කෙසේදැයි මැතිසබයට හෙළි කරන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය මේ අනුව ආචාර ධර්ම පද්ධතිය සහ වරප්‍රසාද පනත උල්ලංඝනය වන සේ මෙම අය ක්‍රියාකර අැත් නම් නම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳව වහාම සොයා බැලීමක් කර එ් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය. නීතිඥ දයාසිරි ජයසේකර මහතා මෙසේද…

Read More