Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් “මෙහෙයුම් මැදිරියක්” ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබෙනවා. උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් සහතික කරන ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා. මෙම ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ මූලික අභිප්‍රාය වන්නේ, උත්සව සමය තුළ මතු විය හැකි ඕනෑම ආරක්‍ෂක අභියෝගයකදී හෝ හදිසි තත්ත්වයකදී කඩිනම්, විධිමත් සහ ප්‍රශස්ත ප්‍රතිචාර දැක්වීම සහතික කිරීමයි. යාවත්කාලීන වන තොරතුරු හුවමාරුව ශක්තිමත්…
කරන්දෙනිය පොලිස් වසමේ 3කණුව ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. එහිදී ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන කරණ්දෙනිය 3කණුව ප්‍රදේශයේ පදිංචි ” වීරේ” නැමති පුද්ගලයෙකු බව සඳහන් වේ. කෙසේවෙතත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය අප කළ විමසීමක දී සඳහන් කළේ පොලිස් භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය සහ වටිනාකම කොතෙක් ද යන්න පිළිබඳව තවමත් ගණනය කරමින් පවතින බවය.
වසර අවසාන භාගයේදී වරායේ ආනයන අපනයන හා ප්‍රති අපනයන බහාලුම් ප්‍රමාණය ඉහළ යන බැවින් එම මෙහෙයුම් සේවා සහ නිෂ්කාශන කටයුතුවල ඇතිවන තදබදය අවම කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට අදාළව සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, වරාය නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ අමාත්‍යාංශ ලේකම්වරයාද මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබුණි. මේ වන විට බහාලුම් 8000ක් පමණ නිෂ්කාශන කටයුතු සඳහා යොමු කිරීමට ඇති අතර වරාය අධිකාරිය විසින් මෑතකදී ස්ථාපිත කරන ලද බ්ලූමැන්ඩල් අංගනයට අඩු අවදානම් බහාලුම් යොමු කර…
2025 වසරේ මුල් මාස 11 තුළ විදේස් ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 7197ක් ලැබී ඇති බව සංචාරක හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 20.7%ක වර්ධනයක් බවයි අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරන්නේ.
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඊට සාමාජිකයන් 9දෙනෙක් ඇතුළත් වන බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ. ආපදා හේතුවෙන් පරිසර පද්ධතියට සිදු වූ සමස්ත හානිය තක්සේරු කර සති 02ක් ඇතුළත වාර්තාවක් ලබාදීමටද නියමිත බවයි සඳහන් වන්නේ.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු මෙරට ආපදා කටයුතු ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන ලද සහාය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් මහත්මිය පවසයි. ඊයේ (19) උදෑසන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් මහත්මිය හමුවූ අවස්ථාවේදී ඒ බව සඳහන් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුවටෙ සමගාමීව මෙම හමුව සිදුවිය. මෙම හමුවේ දී දෙරට අතර අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික සහ සෞඛ්‍ය සහයෝගීතාව මෙන්ම ඉදිරි වසරවල දී දෙරට අතර පවතින සහයෝගීතාව තවත් ඉහළ නැංවීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකාව සහ…
‘දිට්වා’ ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ ගමන් අරඹනු ලැබීය. ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබීය. මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවන වූයේ ‘දිට්වා’ ආපදාවෙන් දින 23කට පසුවය. ඒ අනුව අද සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඇෆ්ගනිස්තානයේ, හින්දු කුෂ් කලාපයේ භූකම්පනයක් සිදුව තිබේ. රිච්ටර් පරිමාණයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භූකම්පනය ඇෆ්ගනිස්තානයේ උතුරු කුන්ඩුස් නගරයේ සිට කිලෝමීටර් 61ක් දුරින් සිදුව ඇති බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බවය.
‘Rebuilding Sri Lanka’ අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි. මෙම මුදලන් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති බවත්, ඉතිරිය විදේශ මුදල්වලින් ඍජුව තැන්පතු හරහා ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය. ලැබුණු මුදල්වල ඩොලර් වටිනාකම මිලියන 13.8 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් විදේශ මුදල්වලින් පමණක් ලැබුණු ප්‍රමාණය ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස් තිබේ. මෙහිදී සූරියප්පෙරුම මහතා පවසා සිටියේ උතුරු අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, භූතානය, ඉතාලිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නවසීලන්තය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය, කොරියාව ඇතුළු රටවල් 43කින්…
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බවය. මේ සම්බන්ධයෙන් විදිමත් විනය ක්‍රියාමාර්ගයන් ඉදිරියේදී ගනු ලබන බවද අදාළ ලිපියේ දැක්වෙයි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අද දෙරණ සිදුකළ…
