Author: LANKA24X7

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. ඒ මහතා පැවසුවේ සිංහ තරුකාරාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව සිදුවන බැවින් එය ලියෝනිඩ්ස් වශයෙන් නම්කර ඇති බවය. එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හෙට පෙරවරු 4.00 – 5.00 දක්වා කාලයේ දී ඉතා හොඳින් නිරීක්ෂණ විය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය. එහිදී අදහස් දැක්වූ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා, ”අද රාත්‍රී කාලයේදී සහ හෙට අලුයම් කාලයේදී අපිට වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව තමයි අපි ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව කියලා…

Read More

බස්නාහිර පළාතේ රෝහල් 03ක් සහ උතුරු පළාතේ රෝහල් 04ක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේය. ඒ සඳහා පළාත් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තුවේ ලේකම්වරුන් රට යනවා වැඩි යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ පැවසීය. සමහර ලේකම්වරුන් සිය වතාවක් විදේශ රටවල ගොස් ඇතත් එක ඵලදායි යෝජනාවක් හෝ රට වෙනුවෙන් ඉදිරිපත් කර නැතැයිද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ දක්ෂ නිලධාරීන් සිටින බවත් ඉන් වැඩි පිරිසක් එකම විදේශ රටක් හෝ නොදැකපු අය බවත් රත්නායක මහතා කීවේය. වරප්‍රසාද මත්තෙම නැහෙන සුළු නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බව කී සභානායකවරයා මේ පාර්ලිමේන්තුවත් ජනවාරමට යටත් බව මතක තබා ගත යුතු යැයිද සඳහන් කළේය. ප්‍රථම වතාවට සභානායක කාර්යාලයේ නිලධාරිනියක විදේශ සමුළුවකට පිටත් කර යැවූ බවද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුවේ වැටුප් සහ අනෙකුත් කටයුතු ප්‍රතිව්‍යුහගතකරණයට අදාල අභියාචනා ඇතුළත් වාර්තාව බාර…

Read More

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඊයේ (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය මිය යන විට ඒ මහතා වයස අවුරුදු 62 කි, ගාල්ල, මාතර, හම්බන්තොට හා වවුනියාව දිසාපති වශයෙන්ද, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් සහ රජයේ විවිධ තනතුරු රැසක් දරා ඇති ඒ මහතා දෙදරු පියකි. ඒ මහතා දින කීපයකට ඉහතදී බස්නාහිර ආණ්ඩුකාර තනතුරේ වැඩ බැලීමේ ද නිරත විය. දේහය අද ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර හෙට ගාල්ල ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යාමට නියමිතය. ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති හා ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි.

Read More

යාපනය ප්‍රදේශයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයකු හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි, සැකකාර පොලිස් කොස්තාපල්වරයා 2025 ජනවාරි 8 වෙනිදා නිවාඩු ලබා පැමිණ නැවත රාජකාරී වාර්තා නොකිරීම හේතුවෙන් අප්‍රේල් 21 වෙනිදා සේවය අතහැර යාමේ නියෝග නියුත් නිකුත් කළ අයකුද වේ. පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද නිල හැඳුනුම්පතද ඔහු සතුව තිබී සොයා ගැනීමට හැකි වූ බව වැලිකන්ද ‍පොලිසිය සඳහන් කරයි.

Read More

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. එමෙන්ම දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…

Read More

කදාන සාන්ත මරියා මාවතේ හල්පේ පටුමග ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයකට රහසිගතව ඇතුල් වු පුද්ගලයකු එහි නවතා තිබු ලොරි රථයක් පැහැරගෙන යද්දී වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ගමන් කළ යතුරු පැදි තුනක් අනතුරට ලක්කිරිම හේතුවෙන් යතුරු පැදි කරුවකු එම ස්ථානයේම මියගොස් තවත් සිව් දෙනකු රාගම රෝහලට ඇතුළත් කළ බව කදාන පොලිසිය පවසයි. මෙලෙස අනතුරට පත්ව මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ උක්ගල්බොඩ පදිංචි කුලී යතුරු පැදි කරුවකු වු දිපාල් හේමන්ත (44)නැමති දෙදරු පියෙකි. කදාන සාන්ත මරියා මාවතේ පිහිටි දියර කිරි නිශ්පාදන අලවි නියෝජිත ආයතනයට ඇතුල් වු සැකකාර පුද්ගලයා ලොරි රථය පණ ගන්වා පිටතට රැගෙන යන අයුරු නිවස තුල සිට සීසී ටීවී කැමරා ඔස්සේ දුටු…

Read More

රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත් වූ පුද්ගලයන්ට එම මන්ත්‍රී ධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කරදීම පිළිබඳව ද මෙහිදී යෝජනා වී ඇතුළත් අතුරු වාර්තාවක් පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීය භාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් මෙම අතුරු වාර්තාව එහි අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් ඉදිරිපත් කර ඇත. ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වැය ශීර්ෂ වියදම් වලින් සියයට පනස් අටක් අඩුකරගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය. මෙමගින් ජනාධිපතිවරයා කෝටි 30කට ආසන්න මුදලක් ඉතිරි කර ඇතැයිද ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරයා මහ මන්දිර කිසිවක් පාවිච්චි නොකරන බව පැවසූ අමාත්‍යවරයා ඔහු ලබා දුන් ආදර්ශය වෙනත් කිසිදු නායකයකු ලබාදී නැතැයි ද ප්‍රකාශ කළේය.

Read More

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් කොළඹදී සිදුව තිබේ. ජාතික ජන බලවේග රජයට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කරන මහජන රැලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සුමන්තිරන් මහතා හමුවූ බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. ITAK පක්ෂය මෙම විරෝධතා රැලියට සහභාගී නොවන නමුත්, විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලද බවද රාජපක්ෂ මහතා කියයි. දිගු කලක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව තමා සහ සුමන්තිරන් මහතා මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළේ යැයිද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More