Author: LANKA24X7

සංචාරකයන් පිරිසක් රැගත් බස්රථයක් අද අළුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී දුම්රියක ගැටී අනතුරක් සිදුවූවත් දෙපලක් සුළු තුවාල ලබා ඔවුන් බේරී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ දක්වා සංචාරකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් බව පොලිසිය කීය. අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය මෙසේ අනතුරට මුහුණ පා ඇත. චෙක් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යාමට යමින් සිටියදී අනතුර සිදුව තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පෙරවරු 9 ට පිටත්වීමට නියමිත ගුවන් යානයකට රැගෙන යන සංචාරකයන් පිරිසක්…

Read More

ගිනිකොන දිග බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශයේ පැවැතන කැලබිළි ස්භාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය වර්ධනය වීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඊසානදිග මෝසම් තත්වය දිවයිනේ ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවති. උතුරු,නැගෙනහිර, දකුණ,උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු පළාත්වලට පස්වරු 1.00 පමන පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර, මධ්‍යම,ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වේ.

Read More

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන “MTM Young Achievers” සහ “MTM Music & Entertainment” යන සම්මාන ප්‍රදානෝත්සවයේදී MTM YOUNG ACHIEVERS AWARD 2023 සම්මානය ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගි වූ 15 හැවිරිදි යෙනුලි බිනාරා ට හිමි වී තිබේ. විවිධ දක්ෂතා ඇගයීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ සිටි ලාබාලම තරගකාරියද යෙනුලි බව සඳහන් වේ. මෙම සම්මාන තරගාවලියේ අවසන් වටයේ තරගකාරියක ලෙස තේරී පත්ව සිටි යෙනුලිට ලොව පුරා විවිධ රටවල්වල තරඟකරුවන් රාශියක් අතරින් මෙම සම්මානය දිනා ගැනීමට හැකිවී තිබේ. කොළඹ උපන් යෙනුලි දැනට එක්සත් රාජධානියේ මවුපියන් සමග වෙසෙමින් අධ්‍යාපනය හදාරන අතර ඊට පෙර ඕමානයේ ශ්‍රි ලංකා පාසලේ අධ්‍යාපනය ලබා ඇත. පසුගිය වසර තුනක…

Read More

රනිල් වික්‍රමසිංහ මහතා මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා හූණා කිව්වා සේ පවසන්නේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (28 ) පැවසීය. “කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ” යැයිද ඔහු සඳහන් කළේය. ඔහු ජාත්‍යන්තර සංවිධානයක තනතුරක් ලබාගෙන ඉදිරි කාලය වැජඹීමට බලාවි යැයිද මන්ත්‍රීවරයා කීය. ජනාධිපතිවරණ අපේක්ෂකයෝ දැන් ගොඩක් සිටින බවත් පඳුරකට ගැහුවොත් හැටක් විතර සිටින බවත් වීරවංශ මහතා කීවේය. ජනාධිපති පුටුවට ගිය පසු ඔහුගේ සියලු කටයුතු අවසන් වන හෙයින් එතනින් එහාට මේ රටේ අනාගතය ගැන ඔහුට වගකීමක් නැතැයිද අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන නොහිතන නායකයෙකු අත යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

Read More

මඩුවන්වෙල නින්දගම වත්ත නමැති ඉඩමෙන් කොටසක් වන වගා ව්‍යාපෘතියක් සඳහා සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනාමුර ග්‍රාම නිලධාරී වසමේ මෙම මඩුවන්වෙල නින්දගම වත්ත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමකි. කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ දැක්වෙන්නේ ලංකා දුම්කොළ සමාගම විසින් ඉදිරිපත් කර ඇති අදාළ ව්‍යාපෘති වාර්තාව ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවය. ඒ අනුව මඩුවන්වෙල නින්දගම වත්තෙන් අක්කර 87යි රූඩ් 3යි පර්චස් 25ක කොටසක් මෙම වන වගා ව්‍යාපෘතිය සඳහා වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති…

Read More

විදේශගත ශ්‍රමිකයන් සදහා සුබසාධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඊට සහය නොදැක්වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගෙන තිබුණ ද මෙතෙක් ඒවා ක්‍රියාත්මක නොවන බවය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “විදේශගත ශ්‍රමිකයන්ට විවිධ යෝජනා ක්‍රියාත්මක කරද්දි අපිට හම්බවුණේ, ඒවට සහයෝගයක් නෙමෙයි. ඒවට හම්බවුණේ බාධා කිරීම් තමයි. අපි සමහර නිලධාරීන් එක්ක රණ්ඩු කර කර, විදේශගත ශ්‍රමිකයන්ට සහන සලසන්න කටයුතු කළා. ඒ අයට නිවාස ණය ලබාදෙන්න අවශ්‍ය අයට අපි කටයුතු සුදානම් කරලා තියෙනවා.…

Read More

මහනුවර – කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබේ. ලංගම බස් රථයක සේවකයින් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට පහරදුන් බව කියමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි. අප වාර්තාකරු පැවසුවේ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ මහනුවර – කොළඹ බස් ගාල් කර ඇති බවයි.

Read More

නවසීලන්තයේ දුම්වැටි තහනම් කිරීමට, එරට කම්කරු පක්ෂය සහ පක්ෂ නායිකා අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ගෙන තිබුණු තීරණය අත්හිටුවීමට නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සහ ඔහුගේ දක්ෂිණාංශික ජාතික පක්ෂ සන්ධානය රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් සහ ඇගේ කම්කරු පක්ෂ රජය තීරණය කර තිබුණේ, 2008 වසරෙන් පසු උපන් අයට දුම්වැටි අලෙවිය තහනම් බවය. ඒ අනුව, දුම්වැටි තහනම් කෙරුණු පළමු රට නවසීලන්තය බවට පත් විය. නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ සන්ධාන රජය, බදු අඩු කරමින් ජනතාවට සහන දීමට පොරොන්දු වී සිටී. බදු අඩු කිරීමට අරමුදල් උපයා ගැනීමට නම්, පසුගිය කම්කරු පක්ෂ රජයේ දුම්වැටි තහනම අත්හිටුවීමට සිදුවන බව නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් පැහැදිලි කර ඇත.

Read More

කුරුණෑගල රිදීගම රත්හැටිකන්ද ප්‍රදේශයේ ස්ථානයක නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටියේ යැයි කියන නාවික හමුදා ලුතිනන් වරයකු ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය පවසයි. නාවික හමුදා ලුතිනන්වරයාට අමතරව යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් සහ සාමාන්‍ය වැසියෝ දෙදෙනෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. අඩංගුවට ගත් පස් දෙනා අතර කඩියකු යැයි කියන පුද්ගලයෙක් සිටින බව පැවසේ. කිසියම් පිරිසක් රිදීගම රත් හැටි කන්ද ප්‍රදේශයේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරන බවට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව රිදීගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් රිදීගම සහ ගොකරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම හැකි ඉක්මණින් දින කීපයක් තුළ ඉත්කරගැනීම ඉතාමත් වැඳගත් බවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගන්නා තීරණ නීතියට අනුව ක්‍රියාත්මක කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් පසුව හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (27) පස්වරුවේ පැවසීය. එම තහනම ඉවත්කරගැනීම වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට වඩාත් වැඳගත් වන බවත් එම තරගාවලිය හැකිනම් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සහ කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අයි.සී.සී.ය අතුරු කමිටු පිළිනොගන්නා බවත් ක්‍රිකට්වලට අවශ්‍ය මුදල් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පමණක් සපයන අතර ආණ්ඩුවේ මුදල් ක්‍රිකට්වලට වියදම් නොකරන බවත් අමාත්‍යවරයා කීය. දූෂණ නැති කිරීම ආදි සියලුම…

Read More