ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදු කළ ප්රකාශ සියල්ල බොරුවූ බව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ සුමංගල නාහිමියෝ පවසති . ජාතික භික්ෂු පෙරමුණ සාමාජික භික්ෂූන් වහන්සේලා පිරිසක් මහ නාහියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.ඇතැම් භික්ෂූන් වහන්සේලා පමණ ඉක්මවා කටයුතු කළ බව මෙහිදී ජාතික භික්ෂු පෙරමුණ සාමාජික භික්ෂූන් වහන්සේලා පැවසූහ.අනුර කුමාර දිසානායක මහතා ජනපති ලෙස පත්වීමෙන් පසු සති දෙකක පමණ කෙටි කාලය තුළ විශාල වෙනසක් රට තුළ සිදු කර ඇතැයි ද උන්වහන්සේලා සඳහන් කළහ.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleපාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාර ගැනීම අද සිට
Next Article ශ්රී ලංකාව පරාදයි

