Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත්කිරීම වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක් රට තුළ ගොඩනගන බවය. සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා කිරීම සදහා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
“ඔන්මැක්ස් ඩී.ටී.” පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16ක් මිලදීගෙන ඇති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරනු දක්වමින් අද (07) පැවසීය. සැකකාර අධ්‍යක්ෂවරයාට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම ඉඩම් දාසයෙන් ඉඩම් 12 ඕපනායක ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට අලෙවි කර ඇති බවත්, එකම දිනයකදී රුපියල් මිලියන ගණනක් යොදවා ඉඩම් 12 මිලදී ගත් වෛද්‍යවරයා පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් සැබවින්ම මෙම වෛද්‍යවරයා ඉඩම් මිලදී ගැන ඇතිද? එම ඉඩම් මිලදී ගත්තේ නම් ඔවුන්ට එම මුදල් ලැබුණේ කෙසේද? යන්න විමර්ශනය කරන බවත් රහස් පොලිසිය පැවසීය. රහස් පොලිසිය කරුණු සලකා බැලූ…
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ගිවිසුමක් අද (07) අත්සන් කෙරිණි. එම ගිවිසුම අත්සන් කරන ලද්දේ නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතරය.
යුක්තිය මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන මත්ද්‍රවශ වැටලීම් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ (06) දිනය තුළ සිදුකෙරූ මුළු වැටලීම් 780කට අදාළව සැකකරුවන් 750ක් සහ සැකකාරියන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඉන් සැකකරුවන් 22ක් වැඩිදුර විමර්ශනය සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත අතර සැකකරුවන් 03 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට ද, තිදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට නියමිත බවද සඳහන්. මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත තුළ වැටලීම් 503ක් ද දකුණු පළාත තුළ වැටලීම් 62ක්ද සිදුකළ බව පොලීසිය පවසයි.
අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කරනුයේ අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය. ඔක්ලහෝමා නගරයේ පිහිටි සන්ඩාන්ස් ගුවන් තොටුපලින් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වී තිබේ. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණක් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය ආරම්භ කර ඇති බවත් සඳහන්.
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ සංගීත ඒකකය ගිනි තබා වනසා ඇත්තේ එම පාසලේම 8 ශ්‍රේණීයෙ සිසුවකු යැයි සිදු කළ මූලික පරික්ෂණවලින් අනාරණය වූ බව පොලිසිය කියයි. ඒ සදහා තවත් පාසලක සිසුවකුද හවුල් කරගෙන ඇති බව ආණමඩුව පොලිසිය සිදුකළ මූලික විමර්ශණවලදි තහවුරු කර ගැනිමට සමත්ව ඇත. කන්නන්ගර විද්‍යාලයෙ සංගීත ඒකකය ඉකුත් 4 දින සවස ගිනි ගැනිමකින් විනාශ විය. ගින්න අනෙක් ගොඩනැගිලි වෙත යාම වැලැක්විමට විදුහල්පතිවරයා හා ගුරුවරුන් පිරිසක් කටයුතු කිරීම නිසා දැවැන්ත විනාශයක් වළකා ගැනිමට සමත්ව තිබුනී. එම ගිනි ගැනිමේන් සංගීත ඒකකයෙ තිබු ලක්ෂ 20 කට අධික උපකරණ සියල්ලම ගින්නට හසුව විනාශ වී තිබු අතර ගොඩනැගිල්ලට සිදුවු හානිය රුපියල් ලක්ෂ 70 කට…
බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට තමාට සැකයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමිනි. “අපගේ මිත්‍ර රටක් වන බංගලාදේශයේ දේශපාලනය පිළිබඳ කතා කිරීමට මා අදහස් නොකරන නමුත් ඒ පිළිබඳ යමක් සඳහන් කළ යුතුයි. ෂෙයික් හසීනා මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගියත්, අප ඉතා අසීරු අවස්ථාවක සිටිදී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මම සිහිපත් කළ යුතුයි. ඒ නිසා මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයකු ගැන හොඳ වචනයක් ප්‍රකාශ කිරීම සාධාරණ යැයි මම…
ගම්පහ තම්මිට ප්‍රදේශයේ දී සහ ජාඇල මාකේවිට ප්‍රදේශවල දී අද රාත්‍රී කාලයේ සිදු වූ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තම්මිට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බව ගම්පහ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. වෙඩි තැබීමෙන් එම පුද්ගලයාගේ අතකට වෙඩි වැදී ඇති අතර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇත. තුවාලකරු උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර ජාඇල මාකේවිට ප්‍රදේශයේ දී තවත් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. ජාඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. අපේක්ෂක ලෙස ඉදිරිපත්වීමට නාමල් රාජපක්ෂ මහතා කැමැත්ත පළකර ඇතැයිද වාර්තාවේ.
මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය. බේකරි නිෂ්පාදනය සහ සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට තව දුරටත් ලැබී නොමැති බවත් ඔහු පැවසීය. බේකරි නිෂ්පාදන ඇතුළු සියලුම භාණ්ඩ අළෙවියේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා රටපුරා වැටලීම් ක්‍රියාත්මක බවත් උඩුවර මහතා කීය. එම අධිකාරීයේ විමර්ෂණ නිලධාරීන් පසුගිය දින කීපයේදී පාන් මිල සම්බන්ධයෙන් පමණක් රට පුරා වැටලීම් 200 කට අධික සංඛ්‍යාවක් කළ බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
