Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. මෙම සිද්ධිය පිළිබඳව ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ඇතිවූ ගැටුමකින් පසු රාජපක්ෂ මහතා තුවාල ලැබීය. කොළඹ නාරාහෙන්පිට යුද හමුදා රෝහලට ඇතළත් කෙරුණු රාජපක්ෂ මහතාගේ පාදයකට ශල්‍යකර්මයක්ද සිදුකෙරිණ.
කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. මෙම නව නගර සැලසුම යටතේ දැනට පහත් බිම් වල තිබෙන රෝහල්, පාසල් ,නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදී සියල්ල උස් භූමිවල ස්ථාපිත කිරීමට නියමිතය. ඒ සඳහා සුදුසු භූමි ප්‍රදේශ එම ප්‍රදේශයේම තිබෙන බව රජය පවසයි. එමෙන්ම කොළොන්නාව නව නගර සැලසුම අනුව අනවසර ඉදිකිරීම් තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමටද නියමිතව පවතී. මෙම සැලසුමට අනුව කැලණි ගං මිටියාවතේ ගංවතුර පාලන ක්‍රමවේදයක් සකස් කිරීමටද නියමිතය. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර සහ ප්‍රේමනාත් සී.දොළවත්ත මහත්වරුද සහභාගී වූහ.
කේට් කුමරිය නැවතත් කිසිම දිනක රාජකීය වැඩකටයුතුවලට සහභාගී නොවීමට ඉඩ තිබෙන බව යූ.එස් වීක්ලි සඟරාව පසුගියදා වාර්තා කළේය. කේට් කුමරිය මෙම වසර තුළදී කිසිම මහජන උත්සවයකට සහභාගී නොවනු ඇතැයි පසුගිය සතියේ වාර්තා වූ බවද යූ.එස් වීක්ලි සඟරාව සඳහන් කළේය. පිළිකා රෝගයට ගොදුරුවීම හේතුවෙන් කේට් කුමරිය පසුගිය මාර්තු මාසයේ සිට රාජකීය වැඩකටයුතු වලින් ඉවත්වී ප්‍රතිකාර ගැනීම ආරම්භ කළාය. ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කිරීමත් සමඟ කේට් කුමරිය සුවවෙමින් පවතින බවත් ප්‍රතිකාර අවසන් කිරීමෙන් පසුව ඇය වගකීම කුමක් විය යුතුද යන්න පිළිබඳව රාජකීය කණ්ඩායමක් ඇස්තමේන්තු කරමින් සිටින බවත් යූ.එස් වීක්ලි සඟරාව වාර්තා කළේය. එම කණ්ඩායම ගන්නා තීරණය මත කේට් කුමරියගේ වගකීම් තීරණය වනු…
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හෝමාගමදී පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධාකවරුන් සමග පැවති සුහද හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එම කරුණු අනාවරණය කරන ලදී. තමන් සම්බන්ධයෙන් ගන්නා විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන බවත් ඒවාට මුහුණ දිය නොහැකි නම් මෙවැනි තීරණ නොගන්නා බවත් පසුගිය කාලයේදී වෙනත් පක්ෂ වලින්ද තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත් ඒ මහතා මෙහිදී පැවසීය. තමන්ගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් අවශ්‍ය අයට ඉදිරියේදී එම කරුණු ඉදිරිපත් කරන්නට කටයුතු කරන බවද රාජපක්ෂ මහතා පැවසීය.
රට ගොඩ ගියේ තමාගේ කාලයේදී බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ඒ වගේම ඒ කාලයේදී තමාත් ගොඩ ගිය බව ඔහු සඳහන් කළේය. අධිකරණයෙන් තමාට තවත් දඩ නියම කර ඇති බවත් එය පදනම් කරගෙන අධිකරණයට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිවරයා කීය.
ආරක්ෂක වැටක් නොමැති නිවසක උඩුමහලෙන් වැටී 47හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ අරමනාගොල්ල කඳන්හේන ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකාගාරය එවකට අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් සඳහා කුලියටදී රුපියල් කෝටියකට ආසන්න හිඟ කුලී මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මෙම මුදල අයකරගෙන නැතැයි පැවසෙන්නේ 2015 මැයි මාසයේ සිට 2018 ජුලි මාසය දක්වා කාලය වෙනුවෙනි. එසේම එම හිඟ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැතැයිද වාර්තාවේ දැක්වේ. මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වන එම ආයතනයේ ප්‍රධානීන් පෙන්වා දෙන්නේ එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ වාචික නියෝගය අනුව ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සඳහා එම නේවාසිකාගාරය පාවිච්චි කිරීමට අවසර දුන් බවයි. කෙසේ වෙතත් ඒ සඳහා බිල්පත් නිකුත් කර නොතිබූ බවත් නේවාසිකාගාරය කුලියට…
ප්‍රධාන දුම්රිය මාර්ගයේ එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ධාවනය කළ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇති බව එඬේරමුල්ල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 54 බියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ අවුරුදු 34 ක කොළඹ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු කාන්තාවක බව පොලිසිය පවසයි. බදුල්ල සිට කොළඹ බලා ධාවනය කළ සීඝ්‍රගාමී දුම්රියක මෝටර් රථය හැපී ඇති බව පොලිසිය කියයි
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. උතුරු සහඋතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන…
මත්ද්‍රව්‍ය සහිත ගුලි දෙකක් පාසලේදී කෑ බව කියන බාල වයස්කාර සහෝදරයින් දෙදෙනකු ක්ලාන්ත ගතියක් ඇතිවී පදියතාලාව රෝහලට ඇතුළත් කළ බව අම්පාර ,පදියතලාව පොලිසිය පවසයි. පාසල් එන අතරවාරයේ මෙම බාල වයස්කාර දරු දෙදෙනාට මත්ගුලි විකුණූ බව කියන අවුරුදු විසි එකක් වයස තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු පදියතලාව, කෙහෙල් උල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. මෙසේ රෝහල් ගත කර ඇත්තේ ප්‍රදේශයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු හයක් වයස සිසුවකු සහ අවුරුදු එකොළහක් වයසැති හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔවුහු දෙදෙනාම සොහොයුරෝ වෙති. මෙම සොහොයුරන් දෙදෙනා පාසැලට එන අතර වාරයේ අතරමග රැඳී සිටි මෙම සැකකාර තරුණයා…
