Author: LANKA24X7

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මගින් අද (08) සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතය. ගල්අඟුරු තොග ප්‍රමාණවත් නොවීම සහ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පසුගිය මස 23 වනදා අක්‍රිය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබුණි. මේ වනවිට ප්‍රමාණවත් පරිදි ගල් අඟුරු තොග ලැබෙමින් පවතින බැවින් එම ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. මේවන විට ගල් අඟුරු මෙට්‍රික්ටොන් 60,000 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට පැමිණ ඇති අතර ඉන් එක් නෞකාවක ගල්අඟුරු තොග ගොඩ බෑමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.

Read More

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ පුරපති ධුරය සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන බවට වාර්තා වනවා. ඒ අනුව මෙවර මැතිවරණයේ දී මහ නගරාධිපති ධුරය සඳහා මන්ත්‍රීවරයා තරග වදිනු ඇති. එම පක්ෂකයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ඉදිරියේ දී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කිරීමට නියමිත බවයි. මේ වනවිට (08) කොළඹ පුරපති නොහොත් මහ නගරාධිපති ලෙස කටයුතු කරන්නේ රෝසි සේනානායකයි. ඒ අනුව මෙවර මුජිබර් රහුමාන්ගෙන් වත්මන් පුරපතිනි රෝසි සේනානායකට දේශපාලන අභියෝගයක් එල්ල වනු ඇති බවට ද වාර්තා වනවා.

Read More

චීනයෙන් පරිත්‍යාග කළ ඩීසල් තොගය ලබන සඳුදා සිට ගොවීන්ට බෙදා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිර්මාණය කළ නව යෙදවුමක් හරහා ගොවීන්ට ඩීසල් බෙදා හැරීමට නියමිතයි. ගොවීන්ට නොමිලේ බෙදා දීම සඳහා චීනයෙන් ඩීසල් ලීටර් මිලියන 10යි දශම 6ක් ලබා දී තිබුණා. ඉන් කොටසක් ධීවරයන්ට ලබා දීමටයි කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කළේ. ඉතිරි ඩීසල් තොගය වන ලීටර් මිලියන 6යි දශම 9යි 8ක ප්‍රමාණය ලබන සඳුදා සිට ගොවීන්ට ලබා දෙනු ලබනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් ගොවීන්ට මෙම ඩීසල් ලබා ගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. හෙක්ටයාරයක් දක්වා වගා කර ඇති ගොවීන්ට අස්වනු නෙලීමට මෙම ඩීසල් ලබාදෙන අතර…

Read More

බෞද්ධ සිද්ධස්ථාන ලෙස ව්‍යාජ සකස් කරන ස්ථානවලට නොරැවටෙන ලෙස අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. බුදු දහම පදනම් කරගෙන ව්‍යාජව කටයුතු කරන පුද්ගලයන්ටද හසු නොවන ලෙසයි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

Read More

රාමසාන් උපවාස සමය ආසන්න වෙත්ම පාකිස්තානය තුළ ආහාරවටල අදාළව අර්බුදයක් මතුවිය හැකි බව විදෙස් මාධ්‍ය අනතුරු අඟවා තිබේ. ඒ, එරට ගිතෙල් සහ ආහාර පිසීමට ගන්නා අනෙකුත් තෙල්වර්ගවල හිඟයක් ඇතිවෙමින් තිබෙන බවට කරුණු අනාවරණයවීමත් සමගය. රට තුළ පවතින ඩොලර් අර්බුදය ඊට ප්‍රධාන හේතුව බවට පත්වී ඇත. පවතින තත්ත්වය පාලනය කර කඩිනම් විසදුම් ගෙනඒමට රජය අපොහොසත් වුවහොත් වෙළෙඳපොලේ පවතින ආහාර පිසීමට ගන්නා තෙල්වල මිල ඉහළ යනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ආනයනික භාණ්ඩ නිෂ්කාසනය සඳහා ණයවර ලිපි සහ අනෙකුත් ලියකියවිලි විවෘත කිරීමට වාණිජ බැංකු අපොහොසත්වීම හමුවේ මෙම අර්බුදය මතුවෙමින් ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ විභාගය ආරම්භ වන දිනය පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවය. විෂය ආවරණ කටයුතු හා ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය මත විභාගය පැවැත්වෙන දින නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. කොවිඩ් වසංගතය හේතුවෙන් විභාග කටයුතුවලට බාධා පැමිණීම හේතුවෙන් විභාග කාලසටහන්වල වෙනසක් සිදුවූ අතර 2021 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සිදු වූයේ පසුගිය වසරේ මැයි මාසයේදී ය. එම විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේදී නිකුත්…

Read More

ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳව මේ වනවිට ඉතා සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එය අපගේ ඉදිරි ගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇති බවය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නවදිල්ලි නුවරදී සංවිධානය කළ “දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත” නමැති සංවාදය සඳහා එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පවසා තිබුණි. “මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ජාතික තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය කිරීම අපගේ නවතම සැලැස්ම. අපි ඒ දේ සිදුකිරීමට දැනටමත් ප්‍රමාදයි, අපි මේ වනවිට ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා. ඒ වෙනුවෙන් නව රෙගුලාසි පවා සකස් කරමින් පවතිනවා.” “එය අවසන් වූ…

Read More

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය පහසුවෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි. ලකුණු 229ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 137කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. රාජ්කොට් හි පැවති තරගය ඒ අනුව ලකුණු 91කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වූයේ තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමිනි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 228ක් රැස් කළේය. සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 112යි.

Read More

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7,000 කින් එන්නත් 5,612ක්ම 2020 වර්ෂයේ ජුලි 16 වනදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබු බව අනාවරණ වී තිබේ. ඒ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවෙනි. එමෙන්ම ප්‍රසම්පාදන කොන්දේසිවලට සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදුවන අතිරේක පිරිවැය සැපයුම්කරුගෙන් අයකරගත යුතු වුවද ඒවා අයකර ගෙන නොතිබු බවද වාර්තාවේ දැක්වෙයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාව අනුව හෘද රෝගීන් සඳහා ලබාදෙන මිලිලීටර් 5 බැගින් වූ Dopamine (ඩොපමින්) එන්නත් 120,000ක් මිලදී ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය ජාත්‍යන්තර තරගකාරී ක්‍රමයට ලංසු කැඳවා තිබු අතර…

Read More