Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරිණි. අඹේවෙල කිරි ගොවිපොළ වෙත පැමිණි ජනාධිපතිවරයා කිරි ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය. ගොවිපොළේ නව සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා කිරි ගවයන් රඳවා සිටින පරිශ්‍රය ද නිරික්ෂණ කළේය. අනතුරුව එහි විධායක කාර්ය මණ්ඩලය සමඟ කෙටි සාකච්ඡාවකට ද…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත ඉදිකිරීම් භාණ්ඩ හිතු හිතු මිල ගණන් වලට විකිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. ඉදිකිරීම් භාණ්ඩවල අධික මිල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සියයට අනුවකින් පමණ කඩා වැටී ඇතැයි වාර්තාවේ.ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුක්තව සිටි 2,0000කට වැඩි පිරිසක් විදේශගතව සිටිති.
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගිනි තබාගෙන ඇත්තේ ෆ්ලොරිඩාහි පදිංචි මැක්ස් අසරෙල්ලෝ නැමැති පුද්ගලයෙකු බව නිව් යෝර්ක් පොලිසිය ප්‍රකාශ කළේය. ගිනි තබා ගැනීම හේතුවෙන් අසරෙල්ලෝ බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව නිව් යෝර්ක් පොලිසිය පැවසුවේය. අසරෙල්ලෝ සිරුරට ගිනි තබා ගැනීමට ප්‍රථම තමන් සොයා ගත් කුමන්ත්‍රණයක තොරතුරු වෙත සියල්ලගේම අවධානය යොමු කිරීම සඳහා මෙම දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට පෙළඹුණු බව පවසමින් අන්තර්ජාලය තුල සටහනක් තබා තිබිණි. පසුව දැඩි ආරක්ෂාව යටතේ ට්‍රම්ප්ගේ…
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත. වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලටය. ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බව වෛද්‍යවරු යෝජනා කරති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි. එම වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රටා අත්හැර ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය. පිරිසක් විදේශ පුහුණුවීම් සඳහා ගොස් ඇති බවත් පුහුණුවීම් සඳහා…
රඹේ – මැල්සිරිපුර මාර්ගයේ පන්සියගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් සිසුවෙකු මියගොස් තිබේ. තිදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් පැදිකරුට, පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. පොලීසිය පැවසුවේ ඊයේ (19) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් පැදිකරු සහ පසු පැදිකරුවෙකු බරපතළ තුවාල ලබා පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි ගලටන්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකි. තුවාල ලැබු පසුපැදිකරුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.
ඉන්දියාවේ සරණාගත කඳවුරක දිවි ගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දීය මහමැතිවරණය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඉන්දීය මැතිවරණයක් සඳහා ඡන්දය භාවිත කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමු වැනියා බවට 38 හැවිරිදි කේ.නාලනී පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 1986 වසරේ අප්‍රේල් මස ඉන්දියාවේ, තමිල්නාඩු මණ්ඩපම් හිදී කේ.නාලනී උපත ලබා තිබුණේ ශ්‍රී ලාංකික සරණාගත කඳවුරකය. ඇයගේ මව්පියන් ශ්‍රී ලංකාවේ සිට සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පැමිණ සිටි ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් ය. නාලිනීගේ පවුලේ පරම්පරා කිහිපයක් වතුකරයේ රැකියා කිරීම සඳහා මීට පෙර ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබුණි. ඒ අනුව සරණාගත කඳවුරේ රැඳී සිටි පිරිසෙන් 1950 සිට 1987 දක්වා කාලය අතරතුර උපත…
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක් වූ බවත් එම බලපෑම් හේතුවෙන් එම ප්‍රමාද වූ වසර පහේදී රුපියල් කෝටි 4,500 ක් පාඩු වී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය. සාම්පූර් විදුලි බලාගාරයට ඉදිරිකිරීමට නොදීමෙන් ශ්‍රී ලංකාව වසරකට රුපියල් කෝටි 3,200 බැගින් පාඩු ලබන බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ආරම්භ කීරීමට සැලසුම් කර ඇති බවය. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අප්‍රේල් 22 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය. මේ වනවිට විශාල ශ්‍රී ලාංකික වෘත්තිකයින් සහ සිසුන් පිරිසක් එහි රැදී සිටින අතර ඔවුන්ට පහසුකම් සැපයීම සහ දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන…
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් ඊ (19) රාත්‍රීයේදී අත්අඩංගුවට ලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මුල්ලේරියාව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අංගොඩ මුල්ලේරියාව ප්‍රදේශයේ කළ වැටලීමකදී පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 510ක් සොයා ගෙන ඇතැයි වාර්තාවේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඔවුන්ගෙන් දෙදෙනෙකු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු වශයෙන් හඳුනාගත් බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හතරකින් අස්ථානගත වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. මෙසේ අස්ථානගත වී ඇත්තේ අම්පාර අනුරාධපුර මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යවලට දී තිබූ ට්‍රැක්ටර් බවුසර්ය. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මෙම ට්‍රැක්ටර් බවුසර් පසු විපරමක් නොමැතිව දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට පවරා තිබීම හේතුවෙන් පානීය ජල පහසුකම් සැපයීමේ අරමුණු නිසියාකාරව ඉටු වී නැතැයි විගණන අංශ පෙන්වා දෙයි.
