Author: LANKA24X7

මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු පළාතේ සංචාරක ආකර්ශනයට ලක්ව ඇති නිල්වැල්ල හිරිකැටිය වෙරළ තීරය මේ දිනවල විදේශීය සංචාරකයින් ගෙන් පිරී පවතී. විදේශීය සංචාරකයින් ඊයේ (26) දිනයේ ද දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙන අයුරුද හිරු රශ්මිය විදීමට පැමිණ සිටින අයුරුද දැකගැනීමට හැකි වූහ. බොහෝ විදේශීය සංචාරකයින් පැවසුවේ රට තුළ පවතින ආරක්ෂක තත්වය පිළිබදව තමන් සෑහීමකට පත්වන බවයි. එමෙන්ම නිදහසසේ සංචාරය කළ හැකි රටක් ලෙස තමන්ට ශ්‍රී ලංකාව හදුන්වා දිය හැකි බවද ඔවුහු පැවසූහ.

Read More

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ලබන 28 වැනිදා සිට අරඹන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. එලෙස දුම්රිය ධාවනය වන කාල සටහනද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

Read More

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට උත්සහ කිරිමේදි පාක්ෂිකයන්ගේ විරෝධය මතු වි ඇත. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා මෙම රැස්විම සංවිධානය කර තිබු අතර, එහිදි සි.බි රත්නායක මහතා රැස්විම ඇමතිමට සුදානම් විමත් සමග පාක්ෂිකයන් කෑගසමින් කියා සිටියේ තමන් පැමිණියේ නාමල් රාජපක්ෂ මහතාගේ කතාව ඇසිමට පමණක් බවත්, සි.බි රත්නායක මහතාගේ කතාව ඇසිමට නොවන බවයි. මද වේලාවක් එම උණුසුම් තත්ත්වය පැවති අතර පසුව නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් විමෙන් පසු සි.බි රත්නායක මහතා රැස්විම අමතනු ලැබුහ. ​

Read More

ඇල්පිටිය මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණන් කිරීමේ කටයුතු ද සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු පැවසුවේ එම ගණන් කිරීමෙන් පසු ගාල්ල තේරීම් භාර නිලධාරියාට එම ප්‍රතිඵල ලබා දෙන බවත් ඉන් පසු තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව සහ එක් එක් දේශපාලක පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව නිවේදනය කරන බවය. “ඡන්ද මධ්‍යස්ථානයේම තමයි ගණන් කිරීමේ කටයුතු කරන්නේ. ඡන්ද මධ්‍යස්ථාන 48ක් තියෙනවා කොට්ඨාස 17ක් සඳහා. කොට්ඨාසය 17ට අදාළ ඡන්ද ප්‍රතිඵල සියල්ල ගාල්ල තේරිම් භාර නිලධාරියාට භාර දුන්නාට පස්සේ ඒ 17 එකතුව අරගෙන එක් එක් කොට්ඨාස ජයග්‍රාහකයෝ කවුද? ඒ වගේම මේ සඳහා තේරීපත්වෙන අතිරේක ලැයිස්තු මන්ත්‍රී සංඛ්‍යාව කීයද? කියන එක සිදුකරනු…

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින වෙන් කළ ආකාරයේ විශාල ගැටලුවක් පවතින බව නීති විශාරදයෝ පෙන්වා දෙති. එම පනත ප්‍රකාරව නාමයෝජනා කැඳවීම සිදුකෙරුණේ ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා කාලයේදීය. නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයකදී ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව පනතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි එම විශාරදයෝ පෙන්වා දෙති. ඒ අනුව නාම යෝජනා බාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වැනිදා සිට සති පහක කාලය…

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති වේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Read More

උසාවිය බාරයේ ඇති ලොරියක නඩු කටයුතකට අදාළව සහතික පිටපතක් ඉක්මනින් ලබාගැනීම සඳහා අම්පාර දිසා අධිකරණයේ ලඝු ලේඛිකාවකට රුපියල් 1000/-ක අල්ලසක් දීමට උත්සහ කළ පුද්ගලයෙක් අම්පාර පොලිසියේ නිලධාරීන් විසින් අද සැකපිට අත්අඩංගුව ගන්නා ලදී. අම්පාර දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මියගේ උපදෙස් මත ලඝු ලේඛිකාව අම්පාර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් විසින් අම්පාර දිසා අධිකරණ සංකීර්ණය තුළදීම සැකකරු අත්අඩංගුව ගන්නා ලදී. මේ වන විට අම්පාර පොලිසිය බාරයේ සිටින සැකකරු රජයේ නිලධාරිණියකට අල්ලස් දීමට උත්සහ කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අම්පාර පොලිසියේ නිලධාරීයකු පැවසීය. බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කළැයි කියන සිද්ධියකට අදාළව මේ වනවිට අම්පාර උසාවිය බාරයේ ඇති…

Read More

රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසිය. මෙරට තනාධිපති කාර්යාල, ජාත්‍යන්තර බුද්ධි අංශ, සංවිධාන සමග සම්බන්ධ වෙමින් කටයුතු කර රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එකතු කරගනිමින් ආරක්ෂාව තර කර මහජනතාව මෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන්ද ආරක්ෂා කළ යුතුයි. සියළුම ජාතින්ගේ සංස්කෘතිය සමග කටයුතු කළ හැකි එකම දේශපාලන පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ එලවළු ගොවින්ගේ සහ පාරිභෝගිකයන්ගේ ගැටළු විසදිමට රජය මැදිහත් විය යුතු බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසිය. නාමල් රාජපක්ෂ මහතා ඒ බව කියා සිටියේ අද දින ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට…

Read More

නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජනාධිපති පොලිස් ආරක්‍ෂක අංශයේ පොලිස් රියදුරකු ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඔහුගේ රියදුරු බලපත්‍රය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමටද නියම කළේය” මෙම රිය අනතුර දුටුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සහ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කර බලමින් සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන බව සඳහන් කරමින් මහබාගේ පොලිසියේ සැරයන් කුලරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාතවරයා එලෙස නියම කළේය. සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට…

Read More

නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේ විදුලිසැර වැදුණු හය හැවිරිදි දරුවෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ (25) පස්වරුවේ මිය ගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අලවල, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි ව සිටි අලවල ප්‍රාථමික විදුහලේ 1 වසරේ ඉගෙනුම ලැබු වයස අවු 06 වන ජයකොඩි මොහොට්ටි අප්පුහාමිලාගේ තේජාන් දිනුවර නැමැති දරුවෙකි මෙම දරුවා නිවස ඇතුලත සෙල්ලම් කරමින් සිට ඇති බවත් නිවසේ කෑම කාමරය තුල තිබු ශීතකරණයේ පහල කොටස තුලට අත දැමීමේදී විදුලි සැර වැදී බිම වැටී සිටිනු දුටු දරුවාගේ පියා වහාම දරුවා වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතත් ඒ වන විටත් දරුවා මියගොස් ඇති…

Read More