Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව යෝගා දිනය සැමරීම සඳහා එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් එවමින් ඉල්ලා තිබේ. සෑම වසරකම ජුනි 21 වන දින සමරනු ලබන ජාත්‍යන්තර යෝගා දිනය ගෝලීය සංස්කෘතික දින දර්ශනයේ වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාවක් ලෙස ආරම්භ වූ මෙම යෝගා සැමරුම මේ දශකයේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇතැයි ද නරේන්ද්‍ර මෝදි මහතා ජනපතිට එවූ ලිපියේ සඳහන් කර තිබේ. පුරාණ ඉන්දියානු උරුමයක් වන යෝගා අද ලෝකයේ සියලුම සංස්කෘතීන් සහ සියලුම මහාද්වීප විසින් වැළඳගෙන තිබෙන්නේ යැයිද…
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවතින විහාරස්ථාන 11,100 කට ආසන්න විහාරස්ථානවල ආරක්ෂාව සදහා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් 50,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ අනුව පොලිස් නිලධාරීන් 20,000 ක්, පොලිස් විශේෂ කාර්ය බළකාය 400 ක්, යුද හමුදා නිලධාරීන් 700 ක් , ප්‍රජා පොලිස් සාමාජිකයන් 27,000 ක් ද යොදවා ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම පොසොන් උත්සවය පැවැත්වෙන් මිහින්තලය, ශ්‍රී මහාබෝධිය, අටමස්ථාන, තන්තිරිමලේ, අවුකන, විජිතපුර හා නාමල් උයන සිද්ධස්ථාවනවලට විශේෂ ආරක්ෂාවක් සලසා ඇති බව ද පොලිසිය පවසයි. එසේම අනුරාධපුර ජලාශවල දින නාන පිරිසගේ ආරක්ෂවා සදහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 400 කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරීයේ යෙදවෙන අතර…
දකුණු පළාතේ මිනිස් ඝාතන දෙකක් සිදුකර තවත් ඝාතන දෙකක් කිරීමට මුදල් ලබාගෙන අරඅදිමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. එම සැකකරු සන්තකයේ තිබී බලපත්‍ර නොමැති විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් ,0.38 වර්ගයේ ජීව උණ්ඩ 5 ක් 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 7 ක් මෙන්ම හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 10100 ක් පොලිස් භාරයට ගෙන ඇත. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ බුද්ධි හා ආවේශන අංශයේ නිලධාරියකුට ලැබුණු පුද්ගලික තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව උප පොලිස් පරීක්ෂක එම් ටි.අයි සම්පත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අහුන්ගල්ල බලපිටිය කොස්ගොඩ හික්කඩුව…
නාවික හමුදාවේ උසස් නිලධාරිනියකට සහ සාමාන්‍ය සෙබලියකට වට්සැප් තාක්ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමු කර ලිංගික ක්‍රියාවන් සඳහා ඇරයුම් කර තර්ජනය කළ හිටපු නාවික සෙබළුකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු එම ක්‍රියාව සඳහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත. නොහඳුනන පුද්ගලයකුගෙන් ලිංගික ක්‍රියාවන් ඇතුලත් දර්ශන වට්සැප් තාක්ෂණය ඔස්සේ තම ජංගම දුරකථනයට යොමු කර ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඇරයුම් කරන බව නාවික හමුදාවේ සාමාන්‍ය සෙබළියක් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය කියයි. එහිම උසස් තනතුරක් දැරූ නිලධාරිනියක් තමන් සමීපව ඇසුරු කර ඉවත් වූ නාවික හමුදා සෙබලෙකු තමන්ගේ නිරුවත් දර්ශන පුද්ගලයන් කීප දෙනෙකු වෙත වට්සැප් තාක්ෂණය ඔස්සේ…
පක්ෂ නායකයකු වූ පළියට හෝ තාත්තා ජනාධිපති වී සිටි පළියට රට බාර දුන්නොත් නැවතත් රට අගාධයට යන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවැසීය. අරෙහෙ මෙහේ ගිහින් බඩු බෙදා කයිවාරු ගහන්නන්ට රටවල් පාලනය කරන්නට හැකියාවක් නැතැයි ද ෆොන්සේකා මහතා පැවැසීය. පක්ෂ නායකයන් වූ පළියට ජනපතිවරණයට ඉල්ලූ විට රටේ ජනතාවට විකල්පයක් නැතිවන බව කී සරත් ෆොන්සේකා මහතා මෙවරවත් රටට හරි නායකයකු තෝරා ගත යුතුව තිබෙන බව සඳහන් කළේය. පක්ෂවල ප්‍රබලයන් යැයි කියන අය සියයට 50ක් දූෂිත බව කී ෆොන්සේකා මහතා තවත් සමහර අයට කිසිම දැක්මක් නැති බව සඳහන් කළේය. පාර්ලිමේන්තුවෙන් රට හදන්නට නොහැකි බව…
හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය රංගන ශිල්පියකු ලෙස සැලකෙන ඩොනල්ඩ් සදර්ලන්ඩ් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස 88 කි. ඩොනල්ඩ් සදර්ලන්ඩ් යනු මෙරට පවා අතිශයින් ජනප්‍රිය වූ ’24’ කතා මාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළ කීෆර් සදර්ලන්ඩ්ගේ පියාය. කැනේඩියානු රංගන ශිල්පියකු වන ඩොනල්ඩ් සදර්ලන්ඩ්, රංගනයට යොමු වූයේ 1960 දශකයේය. 2020 වනතුරු ඔහු සිනමා නිර්මාණ රැසකට මෙන්ම රූපවාහිනී කතා මාලා රැසකට දායක විය. 70 දශකයේ හොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පියකු වීමට ද ඩොනල්ඩ් සදර්ලන්ඩ්ට හැකිවිය.
ඇල්පිටිය තලාව ප්‍රදේශයේ නිවෙසක අද (20) අලුයම ඇති වූ ගින්නකින් නිවාසය සම්පූර්ණයෙන්ම විනාශවී , නිවෙස් හිමියාද ගින්නට හසුවී මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය තලාව අලිකෑහේන පාරේ පදිංචිව සිටි පන්සල්වත්තේ ගෙදර සුජිත් සමන්ත දිසානායක හෙවත් ජනක නැමැති 48 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුපෙදරේරුවකු වශයෙන් රැකියාව කර ඇති බවද පොලිසිය කියයි. අද අලුුයම 3.30 ට පමණ මෙම නිවසේ අඹුසැමියන් අතර ආරවුලක් ඇතිවී ඇති බවත් බීමත්ව සිටි නිවෙස් හිමියා පොරවක් ගෙන බිරිඳට හා දරුවන්ට පහරදීමට උත්සාහ දරා ඇති බවත් එවිට දරුවන් හා බිරිඳ නිවෙසින් පළාගොස් අසල නිවෙසක සැඟවී දිවි බේරාගෙන සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය කියයි. පසුව…
ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති මන්දිරයේ දී සිදු විය. මේ වන විට ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා සිදු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජනරාල් රෝහිත අළුවිහාරේ මහතා පත්කර තිබේ. රෝහිත අලුවිහාරේ මහතා විජය බා රෙජිමේන්තුව නියෝජනය කරන දක්ෂ නිලධාරියෙකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් පැවැති වැඩ බලන තනතුරු ස්ථිර තනතුරු බවට ඊයේ (19) පස්වරුවේ රැස්වූ විධායක තීරණය කළේය. ඒ අනුවවැඩබලන සභාපති ලෙස කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා සහ වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ පක්ෂයේ තනතුරු ස්ථිර තනතුරු ලෙස භාවිතා කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. මෙම විධායක සභාව වැඩ බලන සභාපති ලෙස කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02 ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
