Author: LANKA24X7

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ. ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ. එම රැලියට දිවයිනේ දස දෙසින් විශාල පිරිසක් සහභාගි කරවීමට එම පක්ෂය බලාපොරොත්තු වෙයි.

Read More

ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඒ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට සහභාගී වීම සඳහාය. ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන එම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්තය. පුහුල්පොල ජලාශයේ සිට භූගත නල මාර්ග ඔස්සේ කිලෝමීටර් 4ක දුරක් ඩයරබා ජලාශය වෙත ජලය රැගෙන යන අතර පසුව ඩයරබා ජලාශයේ සිට එම ජලය කිලෝමීටර් 15.5ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා පවර්හවුස් බලාගාරය වෙත රැගෙනු ලබයි. මෙරට ජාතික විදුලි පද්ධතියට එමගින් එක් කිරීමට නියමිත විදුලි ධාරිතාව මෙගාවොට්…

Read More

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය. දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්ෂේත්‍රයේ ඉහළ පදවි රැසක් ද ඔහු විසින් හොබවනු ලැබීය.

Read More

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන්භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගෙන අත්තේ, එම ආයතනයේම අලෙවි නිලධාරියෙකු හා රන් භාණ්ඩ අංශය භාර නිලධාරියෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ත් 33ත් අතර වයස්වල පසුව පුද්ගලයින් දෙදෙනෙක් බව පොලීසිය පවසයි. මූල්‍ය ආයතනයේ තිබූ රු 68,978,357ක් වටිනා මාල, මුදු, වළලු, බේස්ලට්, කරාබු, පෙන්ඩන් ඇතුළු රන් භාණ්ඩ කිලෝ 03 ග්‍රෑම් 770ක් හා කැමරා පද්ධතියේ ඩෙකෝඩරය සොරාගෙන ගොස් ඇති බවට එම ආයතනයේ වැඩබලන කලමණාකරු විසින් කලවාන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලීසිය…

Read More

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම භූ කම්පනයත් සමග තවත් භූ කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් ඇති වූ අතර සමහරක් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවීමට හේතු වූ බව එ රට කාලගුණ පරිපාලනය අංශය පවසයි. එම භූමිකම්පා ග්‍රාමීය නැගෙනහිර ප්‍රාන්තයේ හුආලියන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන සිදුව ඇත. පසුගිය අප්‍රේල් 3 වන දින 7.2 ක කම්පනයකින් පසු අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙක් මිය ගියහ. එතැන් සිට තායිවානය පසු කම්පන සිය ගණනක් වාර්තා වී ඇත.

Read More

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු මැද සහ උතුරු පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කීපයකට වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට පමණ වැඩි තරමක තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති වේ.

Read More

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අයකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයෙදී මෙම ත්‍රිරෝද රථයට නවතන ලෙස පොලිසිය අන කළත් ඔවුන් එම අන නොතකා පොලිසිය දෙසට වෙඩි තබා පළා ගොස් ඇති අතර පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිසිවලට දන්වා ඇත. ඒ අතර ඉකුත් දා සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාද විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර පැමිණි ත්‍රිරෝද රථයක් නවතන ලෙස අන කර ඇතත් ඔවුන් පොලිසිය දෙසට…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්‍ෂයේ හිටපු සභාපතිවරයා පක්‍ෂය වෙන්දේසි කරන බවත් ඔහුගේ ආරක්‍ෂාව, නඩු සහ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙම පක්‍ෂය පාවිච්චි කරන්නේ නම් එය දැඩි අසාධාරණයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (22) පැවැසීය. කොළඹදී ඊයේ (22) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා එසෙස් පැවසීය. මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්‍ෂයේ විධායක සභාවට සම්බන්ධවීමට කිසිඳු හැකියාව නොමැත වීම නිසා ඔහු අධිකරණයට අපහාසයක් කර ඇති බවත් වැඩබලන ලේකම්වරයා ද අධිකරණයට අපහසකර ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාවලියකට යොමු වන බවත් අමරවීර මහතා කීය.

Read More

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව ඊයේ (22) දැනුම් දී තිබේ. ඒ මහතා ඊයේ (22) පස්වරුවේ සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම ලිපිය යොමුකළ බව එම පක්‍ෂය පැවසීය. එම විවාදයට නිශ්චිත දින නියම වීමක් මෙතෙක් නොවීම හේතුවෙන් ජනතාව අතර විවාදය සම්බන්ධව වැරදි අදහස් මතු වීමේ ඉඩක් ඇති බවත් යම් හෙයකින් සමගි ජන බලවේගය මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ…

Read More

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩුආදායම් ලාබී එක් අයකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීහු චෝදනා කරති. එම මුදල ලබා නොදීමට අපොහොසත් අයට සහල් කිලෝ දහයක ප්‍රමාණය නොලැබෙන බවට දැනුම් දුන් බවට අඩු ආදායම්ලාභීහු ප්‍රකාශ කරති. අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ වැලිකන්ද යන කොට්ඨාසවල අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ දහයක ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන 21 වෙනිදා ආරම්භ කෙරිණි. අප මේ පිළිබඳව 207 වසම බාර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ සමෘද්ධිලාභීන් කුඩා ගම්මාන රැස්වීම්වලට සහභාගි නොවීම නිසා…

Read More