Author: LANKA24X7

බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී රටට ආදර්ශයක් වෙමින් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා වුවත් අප රටේ කැපකිරීම් කරන්නේ සාමාන්‍ය ජනතාව පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි ධානපතියන් කෝටිපතියන් බේරා මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට බලපෑම් කළ බවත් වැඩ කරන ජනතාව මෙන්ම සුපිරි ධනවතුන්ද කැපකිරිම් කළ යුතු බවට තමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පැවසූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. තමන් මෑත දිනයකදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමු වී රටේ සිදුවිය යුතු වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාව කුරුණැගලදී අමතමින් ඔහු පැවසිය. අද වන විට විවිධ ප්‍රශ්න ගැටලු…

Read More

ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පොලිස් ප්‍රධානීන් කැඳවා ඊයේ (2) උපදෙස් මාලාවක් දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා පොලිස් මූලස්ථානයේ පරිපාලන කටයුතු භාර (වැඩබලන)ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කැඳවනු ලැබ සිටියහ. ඉදිරි මැතිවරණ කටයුතු සඳහා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ කොළඹ රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා අවශ්‍ය සහායඋපරිම ලෙස දෙන ලෙස මෙහිදී එම පොලිස් ප්‍රධානීන්ට දැනුම් දුන් බව කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ. මේ අතර මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්…

Read More

ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගේ සම්භාවනාවට පත් ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවගම්කෝරලය ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා (05) පස්වරු 3.00 විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගනයේදී සිදුකෙරේ. ඥානිස්සර හිමියන්ගේ දේහයෙ (3) පෙරවරුවේ 6.00 සිට සඳුදා ආදාහන කටයුතු සිදු කෙරෙන තුරු අවසන් බුහුමන් දැක්වීමට මහජනතාවට අවස්ථාව සලසා ඇති බව විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ පැවසූහ. අපවත් වන විට 81 වැනි වියේ පසු වූ උන්වහන්සේ වඩාත් ප්‍රචලිත වූයේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමිනි. උන්වහන්සේ රටට දැයට සමයට සසුනට නොමියෙන අමිල මෙහෙවරක් ඉටු කළ යතිවරයන් වහන්සේ නමක් ද වේ. සම්ප්‍රදායිකත්වයේ නොගිලි නූතනයට ගැලපෙන සේ කොළඹ…

Read More

යතුරුපැදියක් අනතුරට ලක්කර 7 හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගොස් නැවත 32 හැවිරිදි පියා විදුලි කණුවක හප්පා මරණයට පත්කල බව කියන ලොරි රථය රියදුරු සමග ඊ (02) දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. බලන්ගොඩ නගරයේ දි මෙම ලොරි රථ රියදුරු විසින් යතුරුපැදියක ලොරි රථය හප්පා හත් හැවිරිදි දැරියකට තුවාල සිදු කර පලා ගොස් තිබුණ. පසුව එම දැරියගේ පියා සිය යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති දොරට නැග රියදුරු බස්සවා ගැනිමට උත්සාහ කර තිබුණ අතර එහිදී ලොරි රථ රියදුරු විසින් ලොරි රථය විදුලි කණුවක හප්පා…

Read More

පක්ෂය නැවත තීරණය කළහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත. එසේම පක්ෂය ගත් තීරණය තමාට පෞද්ගලිකවම මැදිහත්වී වෙනසක් කළ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවෙසේදී (1) හමුවී සාකච්ඡා කර ඇත හිටපු ජනාධිපතිවරයා සිය ස්ථාවරය මෙසේ දැනුම් දී ඇත්තේ එම හමුවේදීය. දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් ඉතා සුහද අයුරින් පැවැත්වුණු බව දැනගන්නට ඇත. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන…

Read More

ඊශ්‍රායලය හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට පිළිතුරු ලෙස හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධාන සහ ඉරානය එකතුවී ඉදිරි දින කීපයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (02) වාර්තා කළේය. ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ යුතු හොඳම සහ වැඩිම හානියක් කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉරාන රජයේ ඉහළ නිලධාරීන් ලෙබනනය, ඉරාකය සහ යේමනයේ සිය හිතවාදීන් (01) ටෙහෙරානයේදී මුණ ගැසී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම සාකච්ඡාව සඳහා හිස්බුල්ලා, හවුති, ඉස්ලාමීය ජිහාඩ් සහ හමාස් සංවිධාන මෙන්ම ඉරාක සන්නද්ධ කණ්ඩායම් වල ඉහළ පෙළේ සාමාජිකයන් සහභාගීවී ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඉරානය සිරියාවේ සිට ඩ්‍රෝන යානා යොදා…

Read More

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබේ.

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.

Read More

මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ආයතනය එක්වී පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සිදුකරන ලද ගෘහස්ථ සමීක්ෂණයේදී මේ පිළිබඳ කරුණු හෙළිවී ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඒ බව පැවසීය. මෙරට දිස්ත්‍රික්ක 25තුළ නාගරික, ග්‍රාමීය සහ වතු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිවාස ඒකක 3210ක නියැදීන් යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත. මේ තීරණය ගෙන ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පක්ෂ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ උප සභාපතිවරුන් වන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතාංජන ගුණවර්ධන, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන සහ උප ලේකම් ලලිත් රෝහණ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Read More