Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වර්ෂාව සහ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 56 දෙනකු මේ වන විට මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් නාය යාම හේතුවෙන් පුද්ගලයන් 30 දෙනකු මියගොස් ඇත. හපුතලේ කහගොල්ල ප්‍රදේශයේ නාය යාමකින් එකම පවුලේ මවක් සහ පුතුන් දෙදෙනකු මියගොස් ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි. තවත් පුද්ගලයන් 21 කු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
දින කිහිපයක් තිස්සේ අඛණ්ඩව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවන දරුණු ආපදා තත්ත්වයන් අද 28 තවදුරටත් ඉහළ යමින් පවතින බවත් විවිධ ප්‍රදේශවලින් නායයාම් ගංවතුරට කොටුවී සිටින තැනැත්තන් වාර්තා වෙන බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන යාන්ත්‍රණය ශක්තිමත් කර ගනිමින් දැඩි පරිශ්‍රමයක් දරමින් ආපදා හඳුනා ගනිමින් ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක වීම සිදුවන බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. හපුතලේ කහගල වත්තේ ලයින් පේලියක සිදුවූ නාය යාමකින් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වී තිබේ. තිස්පහ හැවිරිදි මව දහ හතර හැවිරිදි දියණිය දහය හැවිරිදි පුතා මෙහිදී ජීවිතක්ෂයට පත් වී තිබේ. බදුලු ඔය පිටාර ගැලීමත් සමග බදුලු රෝහලද ජලයෙන්…
ආපදා සහන සේවා කටයුතු සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන් කළ බව රජය පවසයි. ඊට අමතරව අවශ්‍ය මුදලක් වෙතොත් ඉල්ලා සිටින ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් සියලු දිසාපතිවරුන් දැනුවත් කර ඇත . ජනාධිපති අනුර දිසානායක මහතා සහ දිසාපතිවරුන් අතර මාර්ගගත සාකච්ඡාවක් අද(28) උදෑසන නවයට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා පැවසීය.
නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල් බෝක්කු ආසලින් මාර්ගයට පස් කන්දක් කඩා වැටි එහි තිබු ලී මෝලක් සහ නිවාස කීපයක් පහළ දුම්රිය මාර්ගයට දක්වා අද (28) දින අලුයම නාය ගොස් ඇත. එනිසා නාවලපිටිය ගම්පොළ මාර්ගයේ නාවලපිටිය නගරයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල කරුණාරත්න මහතා කියා සිටියේ. අනතුරෙන් තුවාල ලැබු අයකු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කළ බවත්, තවත් කිහිප දෙනෙකු අනතුරෙන් අතුරුදහන් වී ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ. මේ වන විටත් එම නායයෑම සක්‍රියවන් පවතින අතර, එම ප්‍රදේශයට නැරඹීම සඳහා ඇතුළත් වෙමින් වළකින ලෙසයි නාවලපිටිය පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි. තවද නාවලපිටිය ප්‍රදේශය තුළ තවත්…
යාන් ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශ වලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන නිසා සහ යාන් ඔය පිටවාන මගින් මේ වන විට ජලය පිට කරමින් පවතින බැවින් ද යාන් ඔය පහල ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යාන් ඔය පහල ප්‍රදේශ වල වෙසෙන මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කුච්චවේලි, පදව් ශ්‍රී පුර, පදවිය, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල, හොරොව්පතාන, මොරවැව, කහටගස්දිගිලිය හා ගලෙන් බිඳුණුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල යාන්ඔය ආශ්‍රිත පහත් බිම් වල වෙසෙන ජනතාව සහ…
අයහපත් කාලගුණික තත්වය පිළිබඳ අවධානය යොමු කර සියලුම දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මගේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර මෙම තීරණය ගත් බවත් ආරක්ෂාව තහවුරු වූ වහාම නැවත දුම්රිය ධාවනය ආරම්භ කරන එම දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් කීය.
මහනුවර උඩුදුම්බර, ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විශාල ප්‍රදේශයක් නායගොස් ඇති අතර, නිවාස 07ක් පමණ නායයෑමට හසුව ඇති බව වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම නායයෑමෙන් අවම වශයෙන් තවත් පුද්ගලයින් 17දෙනෙකු අතුරුදහන්ව ඇති බවය. ඔවුන් සොයා යුද හමුදාව සහ ආපදා අංශ මේ වනවිට මෙහෙයුම් දියත් කර තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිම වෙනුවෙන් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි. තම දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බලන ලෙස මෙහිදී මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන…
නුවරඑලිය ලෝෂන් වීදිය වෙළදසැලක වැසි ජලයෙන් යට වී සිටි පිරිසක් අද (27) මුදා ගැනීමට නුවරඑලිය ගිනි නිවන ඒකකයේ නිළධාරින් සහ නුවරඑලිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් සමත් වී ඇත. නුවරඑලිය නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වි ඇත. මේ අතර, නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ හයිෆොරස්ට් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නවතා ඇත.
