Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිරිකිරීමට නියමිත මෙගාවොට් 480 ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රදානය කිරීමට අනුමැතිය දීම අත්හිටුවූ බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ඊයේ (23) පැවසීය. එම ව්‍යාපෘතියේ විදුලි මිලදීගැනීම සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය සහ අදානි සමාගම අතර ගිවිසුමේ මූලික තොරතුරු දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්න ද එම තොරතුරු නොලැබුණු බවත් එම තොරතුරු නොමැතිව එම ව්‍යාපෘති සම්බන්ධයෙන් අධ්‍යනය කළ නොහැකි බවත් එම නිලධාරියා කීය. එම තොරතුරු නොමැති විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති පරිදි විදුලිබල පනත යටතේ මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාරවලට අනුමැතිය දිය නොහැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ලොව ඇතැම් රටවල ව්‍යාප්ත වෙමින් පවතින කුරුළු උණ රෝගී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවට මෙතෙක් අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කුරුළු උණ සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මෙරටට නොමැති වුවද ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මෙවැනි රෝගී තත්ත්ව ගැන අවදානමක් නැහැ. විශේෂ අනතුරු ඇඟවීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය අප වෙත කරලත් නැහැ. කුරුළු උණ රෝගී තත්ත්වයන් මීට පෙරත් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වුණා නමුත් ඒවා විශේෂ පැතිරීමකට ලක්වුණේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිම අනියත බියක් ඇති කර ගත යුතු නැහැ මේ අවස්ථාවේදී.”
බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර තිබේ. ඊයේ (22) අලුයම් කාලයේදී කටුවන පොලිස් වසමේ අමුදමන ප්‍රදේශයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, අමුදමන, කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු හා ඔහුගේ මස්සිනා අතර ඇතිවූ අමනාපයක් මත බහින් බස්වීමක් දුරදිගයාමෙන් මස්සිනා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ. එම ඝාතනය සිදුකළ සැකකරු ඊයේ (22) රාත්‍රී කටුවන පොලීසියට භාරවී තිබේ. මෙම සිද්ධියට හේතුව අනියම් සම්බන්ධතාවයක් බව පොලිසිය සඳහන් කළේය.
බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ. අනුරාධපුර – පාදෙනිය මාර්ගයේ, තලාව ඉන්ධනහල අසලදී අද (23) අලුයම මෙම බිහිසුණු අනතුර සිදුවිය. ඉන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් සහ 21ක් වූ එප්පාවල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි. අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයේ සිව් දෙනෙකු ගමන් කර තිබුණි. විනෝද චාරිකාවක් සඳහා පිරිසක් සමග රත්නපුර සිට යාපනය බලා පිටත් ගමන්කරමින් තිබූ බස් රථයක ත්‍රිරෝද රිය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි තලාව පොලීසිය පවසයි. අනතුරින් එම ස්ථානයේම දෙදෙනෙකු මියගොස් ඇති අතර තුවාලකරුවන් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා…
අධිකරණ වරෙන්තු ගණනාවක් ඇති දකුණේ පාතාල කල්ලි සාමාජිකයකු ඇමරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩ 10 ක් , හෙරෝයින් මිලි ග්‍රෑම් 2200 ක් ජංගම දුරකථනයක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් බඩෝවිට 2 අදියරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය. සැකකරු තාවකාලිකව පැපිලියාන ප්‍රාදේශයේ පදිංචිව සිට ඇති අතර දකුණේ අපරාධ ගණනාවකට අධිකරණ වරෙන්තු ගණනාවක් ඇති පොලීසිය සොයමින් සිටි පුද්ගලයෙකු වන බවත් පොලීසිය කියයි . යුක්තිය මෙහෙයුමට සමගාමීව ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා, දූෂණ මර්දන ඒකකය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කුරඹගේ මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් විසින් බඩෝවිට දෙවන අදියරේදී සිදුකල විශේෂ අපරාධ නිවාරණ රාජකාරියේ…
ඩුබායි රාජ්‍ය තුල රැදි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල් වත්තේ දෙනුවන් චතුරංග නැමැත්තාගේ ගෝලයෙක් ලක්ෂ පහක අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 900 ක් සමග ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 300,000 ක් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 12, සෙරැස්තියන් මාවත පදිංචි වයස අවුරුදු 19 පුද්ගලයෙකි. විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කෙසලේවත්ත සුචරිත මහල් නිවාසය අසල දී වැටලීමක් සිදුකර වැටලීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කෙසලේවත්ත පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාරගත් හෙයින් අද රට අර්බුදයෙන් මිදී ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය බංකොලොත් වීමෙන් පසු කෙටිම කාලයක් තුළ ඉන් මිදුණු එකම රට ශ්‍රී ලංකාව බවද ඔහු සඳහන් කළේය. වෙන කිසිම නායකයකු මේ අභියෝගය භාර නොගත් බව පැවසූ මන්ත්‍රීවරයා රට බංකොලොත් වීමෙන් ගලවා ගැනීමේ සියලු ගෞරවය රනිල් වික්‍රමසිංහ මහතාට යා යුතු බවද ප්‍රකාශ කළේය.
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු ඊයේ (22) දින අත් අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකය පවසයි අදාල සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු නීතිඥවරයකු මාර්ගයෙන් හං ඇල්ල පොලිසියට ඊයේ (22) උදෑසන භාරවීමෙන් පසු අත් අඩංගුවට ගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත අනෙක් සැකකරුවන් සිව් දෙනා ද අත් අඩංගුවට ගත් බව ද එම ඒකකය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ත් 24 ත් වයස්වල කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකි මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමු වීමට පෙරේදා…
ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එහිදි බලශක්ති ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර හවුල්කාරිත්වය ඉහළ නංවා ගැනීමට විශේෂ අවධානයක් යොමුව ඇති බවත්, වසර 30ක යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරේ ජනතාවට නව සංවර්ධනයක් අත්කර දීම අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ICT රත්නදීප හෝටලයේදී පැවති 31 වැනි සමස්ත ඉන්දීය හවුල්කාර හමුව 2024 (AIPM 2024) අමතමිනි. ජූනි 22 දක්වා කොළඹදී පැවැත්වෙන 31 වැනි සමස්ත ඉන්දීය හවුල්කරුවන්ගේ හමුව, ඉන්දියාවේ KPMG ආයතනය සහ ශ්‍රී ලංකාවේ KPMG ආයතනයේ සහයෝගයෙන් සංවිධානය කර තිබේ.
පක්ෂයට නඩු දාපු කෙනෙකුට නායකත්වය විවේචනය කරන අයකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කරයි. සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන හෝ එවැනි අදහසක් හෝ නොතිබූ අවස්ථාවක ඔහු වෙබ් අඩවියක පළවූ අසත්‍ය ප්‍රවෘත්තියක් පදනම් කරගෙන පක්ෂයට විරුද්ධව නඩු දැමූ බවද සඳහන් කළේය. පක්ෂයේ නායකයා කිසිම දවසක ඔහුට කතා නොදෙන ලෙස නොපැවැසූ බවද පක්ෂයට නඩු දාපු කෙනෙකු විදියට ඔහුට කාලය වෙන් කිරීම සුදුසු නැති බව තමාට අවබෝධ වීම නිසා එවැනි තීරණයක් ගත් බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය. කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත්…
