Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. කොමිසම එම ලැයිස්තු මේ දිනවල සකස් කරගෙන යයි ඡන්ද මධ්‍යස්ථාන 13,000 කදී ඡන්ද විමසීම පැවැත්වෙන බව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. මේ අතර සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එබැවින් මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා තීන්දුවක් ගතයුතුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ Ask Ranil වැඩසටහනට පසුගියදා එක්වෙමිනි. පසුගිය වසර 75ක කාලය තුළ සිටි පාලකයන් රටේ දියුණුව වෙනුවෙන් කිසිවක් සිදු කර නොමැති බවට ඇතැම් පාර්ශ්වයන් චෝදනා කළත් එය නිවැරදි නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටට ශීඝ්‍ර…
ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී රුවල් යාත්‍රාවත් පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත්කිහිප දෙනකු අතුරුදන් බව පැවැසිණි. බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික මයික් ලින්ච් ද අතුරදන් පිරිස අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මීටර් 56ක පමණ දිගින් යුතු මෙම රුවල් නැව, අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 22 ක් සිට ඇති බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබේ. අයහපත් කාලගුණය අනතුරට හේතුව විය. යාත්‍රාවේ සිටි පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටි බව වාර්තා විය. ඊට අමතරව අමෙරිකා, සහ කැනඩා ජාතිකයින් පිරිසක් ද යාත්‍රාවේ සිටි බව පැවැසෙයි. අනතුරින් බේරාගත් 15 දෙනකුගෙන් 8 දෙනකු රෝහල් ගත කර ඇති…
වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අප්‍රිකා රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘එම් පොක්ස්’ වයිරසය, මේ වනවිට ගෝලීය සෞඛ්‍ය අවදානමක් ඇති කිරීමට ද සමත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. අප්‍රිකා රටවලින් හමුවුණු වඳුරු උණ ආසාදිතයන් ගණන 15,664 ක් බව ද පැවැසෙයි. අප්‍රිකා රටවල ආසාදිතයන් බොහෝ දෙනකු රෝහල්වලට නොගෙස් රෝගය සුව කර ගැනීමේ අරමුනින් පල්ලිවල යාඥා සඳහා සහභාගී වී ඇති අතර එය රෝග ව්‍යාප්තිය වේගවත් කිරීමට හේතුවක් වී ඇත. අප්‍රිකා රටවල, මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘එම් පොක්ස්’ වයිරසයේ නව ප්‍රභේදයකි. මෙම ප්‍රභේදය…
ඉදිරි මාසයේදී අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට විදේශගත වීමෙන් වළකින්නැයි ආණ්ඩුව සහ විපක්ෂයේ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත. මන්ත්‍රීවරුන් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට උපරිම වශයෙන් දායක කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. එම තීරණයත් සමග මන්ත්‍රීවරුන් පිරිසක් සිය විදේශ ගමන් අවලංගු කරගෙන ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දිනකට සීමා කර ඇත. මේ අනුව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ ලබන 21 වැනිදා පමණි. මන්ත්‍රීවරුන්ට මැතිවරණ කටයුතු වලට යෙදීමට අවස්ථාව සැලසීමේ අරමුණින් එම පියවර ගෙන ඇත. සිය ගම්බිම්වල රැඳෙමින් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට උපරිම වශයෙන් දායක වන්නැයිද පක්ෂ නායකයන් මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක සජිත්…
කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවූ බව කොටුව පොලිසිය කියයි. එලෙස හමු වී ඇත්තේ 9 එම් එම් වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩයකි. හෝටල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයෙකු පිවිසුම් දොරටුව අසල ඇති අරලිය ගස අසල තාප්පය පාමුල පිරිසිදු කිරීමේ යෙදී සිටියදී මෙම ජීව උණ්ඩය හමුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි. ජීව උණ්ඩය හමුවී ඇත්තේ ප්‍රභූන් හෝටලය වෙත පැමිණීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරීන් රැඳී සිටින ස්ථානයෙන් බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.
බංග්ලාදේශයේ වසා දැමුණු පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පැවැති උද්ඝෝෂණ සහ ගැටුම් හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල පසුගිය මස 17 වැනිදා සිට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණි. මසකට අධික කාලයකින් පසුව බංග්ලාදේශයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කල්පිටිය කන්දකුලියවැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දකුලියවැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය පවසයි.
ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා පැවසුවේ මේ තීරණය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල කල් තියා සූදානම් කර තිබූ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් නතර කිරීමට සිදුවූ බවයි. ප්‍රසංග සහ සැණකෙළි මැතිවරණ කාලයේදී නැවැත්වීමෙන් ඒවා සංවිධාන කරන පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ජීවත් වන්නේ කෙසේදැයි තමා…
ඇදහැලෙන අධික වර්ෂාපතනය සමග, කළුතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව පවතින බව ආපදා කළමනාකරණ මාධ්‍යස්ථානය කියයි. බුලත්සිංහල පරගොඩ මාර්ගයේ නාලියද්ද ප්‍රදේශය මේ වන විට අඩි අටක් පමණ ජලයෙන් යටවී නිවාස 44ක් ද ජලයෙන් යටව පවතින බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා මහතා පවසයි. ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලිමක් අනුව පරගොඩ ප්‍රදේශයට නාවික හමුදාවේ ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කළ බවත් එම සහන කණ්ඩායම් පරගොඩ ප්‍රදේශයේ ගංවතුර සහන මෙහෙයුම් සිදු කරද්දී දියේ ගිලෙන්නට ගිය පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූ බවද ප්‍රාදේශීය ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
