Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
යුද අභියෝගය ජය ගෙන දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකාට ඉදිරියේදී ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. යුද්ධයෙන් පසුව රණවිරුවන්ට මෙන්ම මේ රටේ ජනතාව සිදු කළ කැප කිරීමට හිටපු පාලකයන් නිසි වටිනාකමක් ලබා දුන්නාද යන්න පිළිබඳ මට සැකයක් පවතින බවද ජනාධිපතිවරයා කීය. හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. ග්‍රන්ථයේ පළමු පිටපත මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්…
ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පැවසීය. අලි සබ්‍රි මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. ” සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා දී ඇති යම් කාල පරාසයක් තුළ බව පැවසිය යුතුයි. සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගත යුතුව තිබෙනවා.…
ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළව අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු අතරමග නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසයි. අද (28) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට ද්විපාර්ශ්වික ණයහිමියන් සමග අත්සන් තැබීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජපානය අඛණ්ඩ සහාය ලබාදෙන බවද තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි, “එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට මෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය යළි දිනාගැනීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුයි. ශ්‍රී ලංකාවට…
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. ඊට අමතරව මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වය යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් සහ ජල පිරිපහදු පද්ධතියේ…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සී එන් එන් රූපවාහිනිය මගින් සංවිධානය කළ විවාදයට සහභාගී වූහ. විචාරකයින් පවසන්නේ ඔවුන් දෙදෙනා “බොරු කියන” බවට එකිනෙකාට චෝදනා කරගත් බවය. සජීවීව විකාශය කළ එම විවාදය විශාල පිරිසක් නරඹා තිබුණි. ට්‍රම්ප්, බයිඩන් ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ විදෙස් ප්‍රතිපත්ති විවේචනය කළ අතර බයිඩන්, ට්‍රම්ප් ගේ අපරාධ සම්බන්ධයෙන් සහ 2020 වසරේදී ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටද චෝදනා කළේය. එළැඹෙන නොවැම්බර් 05 වනදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා මෙම දෙදෙනා ඉදිරිපත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් මේ දෙදෙනා ප්‍රසිද්ධ විවාදයකට එක්වූ පළමු අවස්ථාව මෙය වෙයි. ස්ටෝමි ඩැනියෙල්ස් නම් නිල් චිත්‍රපට නිළියක් සමග ට්‍රම්ප්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.
මෙරට කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි. එහි සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පැවසුවේ ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බවය. “අපි මේ ස්ථුලතාවය කියන කාරණය අමතක කරලා තියෙන්නේ. හැම වෙලාවෙම අපි මන්දපෝෂණය ගැන තමයි අවධානය යොමු කරන්නේ. නමුත් ළමා ස්ථූලතාවයත් වැඩිවීගෙන යනවා. කාන්තාවන්ගෙන් 50කට ආසන්න ප්‍රමාණයක් අධි බර සහ ස්ථුලතාවය. අලුත් පර්යේෂණ දත්ත පද්ධතියක් ලංකාවට අවශ්‍යයි.” මේ වන විට මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බව වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ෆින්ලන්තයේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයකදී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව ඇතැයි ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කළේය. එම මහල් නිවාසයේදී මියගොස් ඇත්තේ හිරුණිගේ නදර්න් ලයිෆ් නම් යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන හිරුණි නම් ලාංකික කාන්තාවක බවත් ඇය තිදරු මවක බවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. මරණය පිළිබඳ එම මහල් නිවාසයේම ජීවත්වූ තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති බවත් දෙදෙනා අතර නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩකාරී බහින් බස් වීමක් උත්සන්නවී සැකකරු මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත පැවැසුවේය. පසුගිය 19 වැනිදා රාත්‍රි 8 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව ද ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත ප්‍රකාශ කළේය. පොලිසිය ලැබූ තොරතුරක් මත…
අම්බලන්ගොඩ ආදාදොල ආවාස වත්ත පදේශයේදී මළ මිනී පවාහනය කරනු ලබන මෝටර් රථයක් තුළ මල් ශාලා හිමිකරු ඝාතනය කළා යයි කියන තැනැත්තා ඊයේ (27)නීතීඥයකු මාර්ගයෙන් භාරවීමෙන් පසු සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. සැකකරු විසින් මෙසේ ඝාතනය කොට තිබුණේ තෙල්වත්ත මළවැන්න දකුණ පදිංචි 47 හැවිරිදි සිව් දරු පියකු වන ගෝන පිනුවලගේ තුසිත කුමාර නමැත්තෙකු බවද පොලීසිය කියයි. මේ මල් ශාලා හිමිකරු ඝාතනය කර තිබුණේ ජුනි මස 25 වැනිදා රෑ බවත් මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනුණේ ඔහුගේම මල් ශාලාවේ සේවය කළ සේවකයකු බවද පොලීසිය කියයි. සැකකරු වතුගෙදර ආදාදොළ පදේශයේම පදිංචි විසිඅට හැවිරිදි…
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනකින් විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් 419 දෙනකු සඳහා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැඩිපුර ගෙවා රජයට පාඩු කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. මියගිය බව දැනුම් දීමට ප්‍රමාදවීම, ජීවිත සහතික නොදෙන විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර කිරීමට කටයුතු නොකිරීම, විශ්‍රාම වැටුප් චක්‍රලේඛවලට අනුගත නොවීම සහ වෙනත් හේතු මත මෙලෙස වැඩිපුර මුදල් ගෙවීම් කර ඇති බව විගණන නිලධාරීහු පෙන්වා දුන්හ. ඒ අනුව විශ්‍රාම වැටුප් ගෙවීමේදී සිදුවන අක්‍රමිකතා සහ ගැටලු හඳුනාගෙන ඒවා කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය. මේ අතර මහජන ආධාර මුදල් රුපියල් ලක්ෂ දාහතරක් වංචා…
