Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බැඳ සිටින අත් ඔරලෝසුව තුළ මත්කුඩු පැකට් සඟවා රැගෙන ගිය පුද්ගලයෙක් අත්අංගුවට ගත් බව මොරගහහේන පොලීසිය කියයි. ඔලුබොඩුව ප්‍රදේශයේ දී සැකකරු සැකපිට අත්අඩංගුවට සිදු කළ පරික්ෂාවේදී මත් කුඩු පැකට් ප්‍රවාහනය කරන ක්‍රමය අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය සදහන් කරයි . සැකකරු හොරයින් මත්කුඩු පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන දැඩි පරීක්ෂාවට ලක් කළත් මත් කුඩු පැකට් සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇති වූ සැකයක් මත පැළඳ සිටි අත් ඔරලෝසුවේ පිටුපස කවරය ගලවා සිදුකළ පරික්ෂාවේදී ඒ තුළ මත්කුඩු පැකට් තුනක් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී සොයා ගැනිමට හැකි වු බව පොලිසිය කියයි…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඉකුත් 24 වැනිදා එම ධුරයෙන් විශ්‍රාම ගිය අතර ඒ අනුව ඔහුට ලබා දී තිබූ දින 21ක තුන්වන සේවා දිගුව ද මේ වනවිට අවසන් වී ඇත. කෙසේ වෙතත් නව පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා ඊයේ හවස වනතුරුත් කිසි ම නිලධාරියකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබා දී නැත. පොලිස්පති වික්‍රමරත්න ඉකුත් මාර්තු මස 26 වන දා විශ්‍රාම යාමට නියමිතව සිටි අතර ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. එම සේවා දිගුව පසුගිය ජූනි 26 වන දා අවසන් වූ අතර ඉන්පසුව තවත් මාස 3ක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ඔහුට යළි ලබා දෙන ලදී. ඔක්තෝබර් මස 13 වන…
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභියෝගයක් කළේ ය. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නොව දෙමළ භාෂාවෙන් ද ඒ විවාදයට තමා සූදානම් යැයි විපක්ෂ නායක වරයා කීය. මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීවේ තම මව දස මසක් කුසේ තබාගෙන කිරි දුන් සිංහල භාෂාවෙන් දින හතක් නොව පැය තුනක් විවාදයට ප්‍රමාණවත් බවයි. රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සමග අදාල විවාදයට සූදානම් බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
දරුකමට හදාගැනීම සඳහා විදේශීය පුද්ගලයන්ට ශ්‍රී ලාංකික බිළිඳුන් අළෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට ඊයේ (24) කරුණු වාර්තා කර ඇත. මෙම මහා පරිමාණ මිනිස් ඡාවාරම සිදුකරන සංවිධානාත්ම කල්ලිය මහනුවර ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම් හා ඡාවාරම්කිරීමේ ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්වේජියානු තරුණීයක වන කේ. ප්‍රියංගිකා සමන්ති නමැත්තිය විසිනි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර…
මීට වසර මිලියන 155කට පමණ පෙර අතුරුදන් වූ ආර්ගොලෑන්ඩ් නම් මහාද්වීපයේ කොටස් අග්නිදිග ආසියාවෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත. ආර්ගොලෑන්ඩ් මහද්වීපය මිට වසර මිලියන 155කට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදයටත් වඩා විශාල භූමි ප්‍රමාණයක කොටසක් වී ඇති බවත් කාලයත් සමඟ ආර්ගොලෑන්ඩ් එම භූමියෙන් කැඩී වෙන්වී ඇති බවත් එම විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ. එලෙස වෙන්වුණු ආර්ගොලෑන්ඩ් මහද්වීපයද කාලයත් සමඟ කොටස් කීපයකට කැඩී වෙන්වී අග්නිදිග ආසියාවේ පැතිර ඇතැයි මෙම පර්යේෂණය සම්බන්ධයෙන් පළකළ ලිපියේ සඳහන් වේ.මෙම කොටස් මුලින් ඕස්ට්‍රේලියාවේ කොටසක් වී ඇති බවත් කාලයත් සමඟ එම කොටස් ඉන්දුනීසියාවේ නැගෙනහිර දෙසට ගමන් කර ඇති බවත් එම විද්‍යාඥයෝ පවසති. මෙම පර්යේෂණයට අදාළ ලිපිය පළකළ…
වලවේ ගඟ උතුරා යෑම හේතුවෙන් අද (23) අම්බලන්තොට ප්‍ර දේශයේ ගම් රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. අම්බලන්තොට වලවේ ගඟ පිහිටි ගංඉවුර දෙපස පහත් බිම් මෙලෙස ජලයෙන් යටවි ඇත. බෝලාන දකුණ, මැලේ කොළණිය, වැටිය, පල්ලේරොට, මාමඩල, ජංසගම, වාඳුරුප්ප, ලියන්ගස්තොට, ඇතුළු පහත්බිම් පිහිටි ගම් රැසක ජනතාව ගඟ පිට ආර ගැලීමෙන් පීඩාවට පත් වී සිටිති. අම්බලන්තොට ථෙරපුත්ත ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් හා සනීපාරක්ෂක පද්ධතිය මුළුමනින්ම ජලයෙන් යටවී ඇත. ඒ හේතුවෙන් පාසල නිවාඩු දී ඇති බව විදුහල්පතිනි වින්ධ්‍යා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළාය. ථෙරපුත්ත ජාතික පාසලේ ද පැමිණ සිටි සියළුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිවෙස් වෙත යැවීමට වහා පියවරගෙන…
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර එකඟ වී ඇති දින 4ක් සඳහා සටන් නැවැත්වීම බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය පවසා තිබේ. මේ අතර ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලී කොහේන් පවසා ඇත්තේ හමාස් සංවිධානය විසින් හෙට පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම නිදහස් කරතැයි තමන් බලාපොරොත්තු වන බවය. අද ප්‍රකාශයට පත්කෙරුණු ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර ඇතිවූ එකඟතාවය අනුව හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිත අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් පමණ ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිතය.
යොදවා ඇති උප සේවයට විරෝධය දක්වමින් දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ, පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ වැදී ආවේගශීලී ලෙස හැසිරෙමින් සිටි පොලිස් සැරයන්වරයකු වැඩ තහනම් කළ බව දෙයියන්දර පොලිසිය පවසයි. මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ(20) සිට බලපැවැත්වෙන පරිදි මෙම වැඩ තහනම සිදුකර ඇති සිදු කර ඇති බව පොලිසිය පවසයි. ඉකුත් වු (20) දින මෙම සිදුවීම සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර මෙම වැඩ තහනම සිදුකර ඇත
ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වා සටන් විරාමයකට යෑමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි. හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන, ගාසා තීරයට රැගෙන ගියේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය. එදා සිට ඊශ්‍රායල හමුදා, ගාසා තීරයට ගුවනින් සහ ගොඩබිමින් පහර දෙන්නේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, හමාස් ග්‍රහණෙයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්ය. හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ යුද ගැටුම් නැවැත්වීමට, මැදහත් වී සිටින්නේ කටාර්…
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු වඩුක්කෝට්ටේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය. අදාළ පුද්ගලයා පසුගිය 11 වනදා නාගකන්නි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ බවය. වයස අවුරුදු 26ක් වූ මොහු බන්ධනාගාරගත කිරීමෙන් පසු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව 16 වනදා යළි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ. අදාළ සැකකරු නැවත වරක් පසුගිය 19 වනදා රෝගාතුර වීම හේතුවෙන්…