Author: LANKA24X7

අනතුරට පත්ව තුවාල ලබා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ රෝගියා කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් යොමු නොකළැයි උරනව වෛද්‍යවරයෙකුට පහරදී දේපළවලට අලාභ හානි සිදුකල පුද්ගලයන් 7 ක් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව පොලිසිය කියයි. මාලාවේ ප්‍රදේශයේ පැවති සාදයකින් පසු යතුරුපැදියකින් යමින් සිටියදී අනතුරට පත්ව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ 21 හැවිරිදි පුද්ගලයෙකුට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකරමින් එම රෝගියා කොළඹ ජාතික රෝහල යොමු කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පිරිසක් බාහිර…

Read More

පාස්කු ප්‍රහාරය සිදුවන බවට රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට දැනුම් දී තිබූ බව පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පැවැත් වූ කමිටුවේ වාර්තාවේ සඳහන් වන්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. රවී සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයාය. ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ එම විමර්ශන වාර්තාවේ කරුණු හෙළිදරව් කිරීම සඳහා අද පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය. ජනාධිපතිවරණයට පෙර ජනපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටුව දුන් වාර්තාව සම්බන්ධයෙන් ඔහු මෙම කරුණු ඉදිරිපත් කළේය. විශ්‍රාමික විනිසුරු එස් අයි.ඉමාම් මහතා එම විමර්ශන කමිටුවේ සභාපතිවරයාය. සහරාන් ඇතුළු පිරිස කතෝලික පල්ලි ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක්…

Read More

දුම්රිය මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් කොටුව – මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ වනවිට එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල පහල බැස ඇතැත් මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල්වල එළවළු මිල සීඝ්‍ර ලෙස වැඩිකර අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. පසුගිය සතියේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පැවතියේ පහත පරිදිය. ගෝවා 110.00- 120.00 අතර,බෝංචි 250.00 – 320.00 අතර,නෝකොල් 40.00 – 65.00 අතර,කැකිරි 40.00 – 65.00 අතර, වැටකොළු 100.00 – 120.00 අතර,කරවිල 200.00 – 300.00 අතර,වම්බොටු 80.00 – 130.00 අතර,අමු මිරිස් 300.00 – 350.00 අතර ආදි වශයෙනි. සමස්ථයක් ලෙස ගත් කල එළවලු සියල්ලේ තොග මිල වෙනදාට වඩා සැලකිය යුතු අන්දමින් පත බැස ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිකුත් කරන දෛනික මිල දර්ශනයේ…

Read More

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අක්කරෙපත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරු මත අක්කරේපත්තුව සහ තිරුක්කෝවිල් යන කඳවුරු ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් ලෙදෙනා ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගනු ලැබ ඇත. සැකකරුවකු ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අක්කරේපත්තුව පොලිසියට බාර දී ඇත.

Read More

මාතර රුවන්වැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයකුට ඉකුත් 15 වැනිදා පස්වරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්ගේ නිවෙසේ තිබී උණ්ඩ විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් කොටස් ඇතුළු භාණ්ඩ තොගයක් එම බළකාය විසින් සොයා ගනු ලැබීය. සොයාගත් භාණ්ඩ අතර විශේෂ කාර්ය බළකායේ කැලෑ නිල ඇඳුම් කට්ටලයක්, බූට්ස් ජෝඩුවක්, විශේෂ කාර්ය බළකායේ ලාංඡන, දණහිස් හා වැලමට ආවරණ, මිලිමීටර් නමයේ වර්ගයේ පිස්තෝල සහ වෙනත් ගිනි අවිවලට යොදන උණ්ඩ 8 ක් තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි. විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (19) රාත්‍රියේ සැකකරුගේ මාතර පරමුල්ල නිවෙස පරීක්ෂා කිරීමේදී ඔහුගේ…

Read More

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවා ඇත. එම ව්‍යාපෘති පටන් ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යන පදනමේ සිට මැතිවරණ කොමිසම එම නියෝගය අත්හිටුවා තිබේ. පළාත් ආණ්ඩුකාර ධුරය යනු දේශපාලන පත්වීමක්වීම එයට හේතුවක් වී ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අක්‍රීය වී ඇති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල ක්‍රියාකාරකම් එහි සම සභාපතීත්වය දරන පළාත් ආණ්ඩුකාරවරුන් යටතේ අඛණ්ඩව ඉදිරියට ගෙනයා හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතා මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා යවා තිබිණි. 2024 වසරේ…

Read More

හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අනිවත්තේ පිහිටි එම නිවසේ ගරාජය පරීක්ෂා කිරීමේදී එම රථ දෙක රහසිගත ලෙස සඟවා තිබියදී එසේ අත්අඩංගුවට ගෙන තිබේ . මෙම මෝටර් රථ දෙක සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකම් කීමට එම නිවසේ කිසිවකුටත් නොහැකි වීම හේතුවෙන් රථ දෙක අත්අඩංගුවට ගෙන තිබේ . මහනුවර…

Read More

වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අමු අමුවේ පුළුස්සා දැමීමේ චෝදනාවන්ට වරදකරු කරමින් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරීකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අභියාචනාධිකරණය අනුමත කළේය. රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි විත්තිකරු මෙම අපරාධය කර ඇත්තේ චේතනාන්විතවම බව පරිවේෂණීය සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විත්තිකරුට මරණ දඩුවම් පමුණුවා ඇතැයි මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරු ගොනුකළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේය. මහාධිකරණ තීන්දුවට එරෙහිව ගොනුකළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින් පිටු 38 කින් සමන්විත තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මෙලෙස මරණ දඬුවම…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති නිල රථ හය අතුරින් ගිලන්රථය ද ඇතුළුව නිල රථ තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයට හෙට (21) බාර දෙන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි. රාජ්‍ය බුද්ධි සේවා වාර්තා අනුව ලංකාවේ සිටින දේශපාලන නායකයන් අතුරින් ඉහළම තර්ජනයට ලක්ව සිටින දේශපාලඥයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දක්වා ඇති පසුබිමක මෙම නිල රථ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබූ බවද එම ඒකකය සඳහන් කරයි.

Read More