Author: LANKA24X7

පවතින වර්ෂාවත් සමඟ ඊයේ (25) රාත්‍රියේ හපුතලේ දිසාරෝහල අසල නිවසක් මතට විශාල කරපන්ටයින් ගසක් කඩා වැටී එහි සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හපුතලේ දිසාරෝහලින් දියතලාව මූලික රෝහලට මාරු කළ බව හපුතලේ පොලිසිය පැවසීය. නිවසේ මුළුතැන්ගෙයි ආහාර පිසමින් සිටි 62 හැවිරිදි කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත් වී තිබේ. ඒ ආසන්නයේ සිටි 83 හැවිරිදි පිරිමි අයෙකු සහ 73 වියැති කාන්තාවක් ද වන අඹු සැමි යුවළක් මෙසේ බරපතල තුවාල ලබා තිබේ. හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Read More

බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ දී වලවේ ගඟේ ගිලි පුද්ගලයකු ඊයේ (25) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කුරැවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවැසීය. මොහු තවත් පිරිසක් සමඟ වන්දනා චාරිකාවක පැමිණ කල්තොට ප්‍රදේශයේ වලවේ ගඟේ දිය නෑමට ගොස් මෙලෙස දියේ ගිලි මියගොස් ඇත. සිද්ධිය සම්බන්දයෙන් කල්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

Read More

ජනාධිපති මැතිවරණය මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාලිය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය. විජයදාස රාජපක්ෂ මහතා ඒ බව ඊයේ (25) දින කියා සිටියේ කඳුරට ජනතා පෙරමු‍ණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වි රාධාක්‍රිෂ්ණන් මහතා හැටන් නගරයේ පැවැත්වූ එම පක්ෂයේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙවර ජනාධිපති මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මැතිවරණයේ තීරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බවයි.

Read More

රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාස 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමේ පුර්ව නිවෙිදන ඊයේ (25) දා නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර මහතා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ,කුරැවිට,කිරිඇල්ල,අයගම,කලවාන රත්නපුර , ඇලපාත ,බලන්ගොඩ ,ඉඹුල්පේ යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා මෙලෙස නායයැමේ දෙවැනි මටිටමේ පුර්ව නිවෙිදන නිකුත් කර ඇති බව ඒ මහතා පැවසිය. මෙි අතර නිවිතිගල ,පැල්මඩුල්ල, කහවත්ත, සහ ඕපනායක යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා ⁣පළමු මටිටමෙිි නාය අවදානම් පුර්ව නිවේදන නිකුත් කර ඇති බවද ඒ මහතා කිය.

Read More

තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනුබල දුන් ඇයගේ සොහොයුරෙකු ඊයේ (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි . ඉකුත් 20 දා සිය නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයක් මත සැකකාරියගේ සැමියා මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු විෂ ශරීර ගත වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි . ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය තම සැමියාගේ මත්පැන් වීදුරුවට රන් ආලේප කිරීමට යොදා ගන්නා පොරම් නමැති විෂ රසායන ද්‍රව්‍යය දමා ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි. මෙලෙස…

Read More

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි. මෙහිදී යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි. මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා…

Read More

අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මින් වැඩි පිරිසක් ප්‍රාදේශීය දේශපාලඥයන් බව එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අතර ප්‍රබල දේශපාලනඥයන් හා රජයේ වගකිවයුතු තනතුරු දැරූ රාජ්‍ය සංස්ථා හා ආයතන ප්‍රධානීන් පිරිසකට එරෙහිව විවිධ දූෂණ චෝදනා යටතේ පවරා තිබියදී තාක්‍ෂණික දෝෂ මත ඉල්ලා අස්කර ගත් සියලුම නඩු නැවත පැවරීමට කඩිනමින් පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය. නව විමර්ශන කොමිෂන් සභාව යටතේ සියලු විමර්ශන සක්‍රියාකාරයෙන් සිදුකිරීමට විශේෂිත වැඩපිළිවෙලක් අරඹා ඇතැයි කොමිසමේ නිලධාරිහු පෙන්වා දෙති. එසේම…

Read More

දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. 2006 වසරේ ඉදි කරන ලද කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදෙන ප්‍රධානතම රෝහල වන අතර මෙම රෝහල මඟින් දිස්ත්‍රික්කයේ 150,000 අධික පිරිසකට සෞඛ්‍ය පහසුකම් සලසයි. විවෘත කෙරුණු කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මඟින් උතුරේ මාතෘ සහ අලුත උපන් බිළිඳු රැකවරණය සැලසීම වැඩි දියුණු කරන අතර, අලුත…

Read More

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ‍‍යෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 20 වනදා රාත්‍රී කාලයේ දී කටුකුරුන්ද ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙ‍ෙනකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට ‍වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබුණි. ඒ අනුව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් ති‍දෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (24) සවස පැලපිටියාගොඩ හා නුගේගොඩ ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ‍ගෙන තිබේ. සැකකරුවන් 24, 39, 41 යන වයස්වල පසුවන තෙඹුවන හා මොරොන්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. වැඩිදුර විමර්ශන වලදී ‍මොවුන් සතුව තිබී ක්‍රියාකාරී නොමැති ටී 56 වර්ගයේ ගිනි අවියක්, හිස් පතරොම් ගැබ් 2ක්,…

Read More

දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවූ බව දොම්පේ පොලිසිය පවසයි. පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායම් ගොස් සිදු කළ නිරීක්ෂණයේදී මෙම මල සිරුරු දෙක සොයා ගැනීමට හැකි වී ඇතග මෙලෙස මියගොස් ඇත්තේ රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙකි. සිද්ධි සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Read More