Author: LANKA24X7

වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බවය. ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරමින් චරුක දමුණුගල මහතා සඳහන් කළේ මාස දෙකක් ඇතුළත ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි විශේෂයෙන් ළමා ලිංගික හිංසන 27 ලැබී ඇති බවය. එම පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට යොමු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read More

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය මීට ස්වල්ප වේලාවට පෙර ඊයේ ((5) රාත්‍රි පිලිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . රාත්‍රි තැපැල් දුම්රිය ඉන්ජින් දෙකකින් සමන්විත අතර , දුම්රියේ ඉදිරිපස ඉන්ජිම බණ්ඩාරවෙල දියතලාව අතර ඇති පාලම උඩදී මෙසේ පිලීපැනිමට ලක් ව ඇති බවද දුම්රිය ප්‍රකාශයකු කීය . කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1017 දරන විශේෂ සීග්‍රගාමි දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය . බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය ආපදා සේවකයන් දුම්රිය පීලීගත කිරිමට…

Read More

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට බව පවසා රුපියල් ලක්ෂ 3 ක මුදලක් පළමුව ලබාගෙන එහි දෙවන කොටස වන රුපියල් 154,200/= ක මුදලක් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය තුළදී ලබා ගනිද්දී පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස්සො දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. ඉබ්බාගමුව දෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන ලද මුදල් මිලට ගැනීමේ හා විකිණීමේ ව්‍යාපාර මඟින් මගින් පුද්ගලයන් දෙදෙනකු සමග සිදු කරන ලද ගනුදෙනු තුනකට අදාලව වංචනික ලෙස වෙනත් ගිණුමකින් මුදල් හුවමාරු කිරීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන ලද විමර්ශන…

Read More

රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. මෙම වසර මුලදී කුෂ්‍ මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් හා කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 500 කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කර ලබා ගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසිය මගහරිමින් කාලයක් තිස්සේ සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබිණි. මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක…

Read More

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාල අතිකාල දීමනා ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. ඔවුන් සේවයට වාර්තා නොකළ දවස් නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ යැයිද රාඝවන් මහතා පැවසීය. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Read More

යාපනය වේලනෙයි වෙරළ තීරයට ධිවරයකුගේ මෘත දේහයක් ගොඩ ගසා තිබියදී හමු වූ බව ඌ(ර්)කාවතුරේ පොලිසිය සදහන් කරයි. ඒ අනුව අදාළ මෘත දේහය ඊයේ (05) වේලනෙයි ප්‍රදේශයේ සුරුවිල් වෙරළට මෙසේ ගොඩගසා තිබියදී හමුව තිබේ. වෙලනෙයි තුරෙයිඌර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පමණ ධීවරයෙකු මෙසේ මසුන් ඇල්ලීමට මුහුදු ගොස් ඇති අතර ඔහු මිය ගොස් මුහුදු වෙරළට ගොඩගසා තිබියදී හමුව තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඌ(ර්)කාවතුරේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් මහත්මිය ඊයේ පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය. කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වූ උමා කුමාරන් මහත්මිය ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූවාය. බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියවීමට උමා කුමාරන් මහත්මිය වාසනාවන්ත වූවාය. ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමඟ සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් උමා කුමාරන් මහත්මිය ප්‍රකාශ කර සිටියේ ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකියාව ලැබීම තමන් ලද ගෞරවයක් බවයි. එසේම ඡන්දදායකයන් තමන්…

Read More

නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මේ වනවිට පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපනයට වෙළඳපොළ තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිව තිබෙන බව ආරංචි මාර්ග පැවැසුවේය. පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇසුරුම රුපියල් 35,000 වටිනා බව ඇය මෑතකදී ප්‍රකාශ කළ බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය කිරීමට නීතිමය රාමුවක් හෝ ඒ සඳහා පනතක් නොමැති බවද ආරංචි මාර්ග පැවැසුවේය. ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට…

Read More

පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකුට පොලීසිය වෙඩිතැබීමක් සිදුකර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් ත්‍රීරෝද රථයක් අනතුරට ලක් කර මෝටර් රථයකින් පළාගිය පුද්ගලයෙකුට මෙලෙස අතුරුගිරිය පොලීසිය විසින් වෙඩිතබා ඇත. වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර ඔහු රෝහල්ගතවීමට යෑමේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (04) රාත්‍රියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රීරෝද රථයකින් පිළියන්දල ප්‍රදේශයට ගොස් ඇත. පොලීසිය පැවසවේ එහිදී මත්ද්‍රව්‍ය රැගෙන මෝටර් රථයක පැමිණි බවට තොරතුරක් ලැබුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රීරෝද රථය හප්පා එම ස්ථානයෙන් පළායෑමට උත්සාහ කර තිබූ බවය. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ…

Read More

බදුල්ල-සොරණාතොට මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේදී අද (05) දහවල් 12 ට පමණ ලොරි රථයක් මාර්ගය මැද පෙරළීමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිබේ. එහි සිටි තවත් තිදෙනෙක්ට බරපතළ තුවාල සිදුව ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොනරාගල සිට පැමිණි පිරිසකි තුවාලකරුවන් බදුල්ල මහරෝහලට ඇතුළු කර තිබේ.

Read More