Author: LANKA24X7

වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනකුගේ පහර කෑමට ලක්ව මියගිය එක් දරු පියාගේ මෘතදේහය තැන්පත් කර තිබු සොහොන හාරා තම ස්වාමිපුරුෂයාගේ හිස ඇතුළු කොටස් රැගෙන ගොස් ඇති බව මියගිය අයගේ බිරිඳ වැලිපැන්න පොලිසියට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 2023 වසරේ පෙබරවාරි මස 14 වන දින ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනෙක් සමග ඇතිවූ ආරවුලකදී හෙල්මට් ප්‍රහාරයකට ලක්ව සිදුව දොන් රංග විරාජ් ජයසිංහ නමැති 35 හැවිරිදි එක්දරු පියකු මියගිය අතර ඔහුගේ දේහය අධිකරණ නියෝගයකට අනුව වැලිපැන්න පොලිස් වසමේ ගල්මත්ත ,කුරුදිප්පිට සුසාන භුමියේ කොන්ක්‍රීට් දමන ලද වලක භූමදානය කළේය. එචික පටන් ඔහුගේ බිරිඳ සහ ඥාතීන් ඔහු වෙනුවෙන් ගුණානුස්මරණ පිංකම් පැවැත්වෙන දින වලදී සහ…

Read More

අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කාලගුණ තත්ත්වය යහපත් අතට හැරෙන තුරු සහන කටයුතු පවත්වාගෙන යන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජීවිත අහිමි වූවන් වෙනුවෙන් වන්දි ලබාදීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගනිමින් සිටින බව ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වවුනියාවේ දී පසුගියදා පැවසීය ජාතික ජන බලවේගයේ වවුනියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඒ බව පැවසූ දිසානයක මහතා එහිදී මෙසේද කීය ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන්න ඕන නමුත් ජනාධිපතිවරණය නොතියා තව අවුරුදු පහක් රනිල් වික්‍රමසිංහට දෙන්න ඕනෑ කියලා රංගෙ බණ්ඩාර කියා තිබුණා ඒ ගැන රංගෙ බණ්ඩාරට අවධාරණයෙන් කියන්නේ එහෙම කරන්න නම් ලංකාවේ තවදුරටත් ඉඩ නෑ කියලා වජිර අබේවර්ධනත් ඒ වගේ කතා දෙකක් කියලා තියෙනවා එකක රනිල් වික්‍රමසිංහට තව අවුරුදු…

Read More

මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (28) පැවසීය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ප්‍රතිපත්තිවලට හානියක් බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේදී වෙලාවට ඡන්ද පැවැත්තුවා මිස මැතිවරණ කල් නොදැමූ බවත් රාජපක්ෂ මහතා කීය. දේශපාලන මෙන්ම රටක ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බව ද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

Read More

Onmax පිරමීඩ යෝජනා සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වනවිට මුදල් අහිමිවී සිටින තැන්පත්කරුවන්ට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇති බව අප අධිකරණ වාර්තාකරු පැවසීය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙම දැනුම්දීම සිදුකර ඇත. ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 61,000කට මුදල් ගෙවීමට නියමිතව තිබෙන බව සඳහන් කර තිබේ. එසේ ගෙවිය යුතු මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන…

Read More

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින් ගෙවිය යුතු අධිභාර මුදල්වලින් අඩුකළ හැකි උපරිම ප්‍රමාණය අඩුකිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස්දීමටත් ජනාධිපතිවරයා සිය යෝජනාව මගින් කරුණු ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවල හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිසි පරිදි නොපියවීම හේතුවෙන් විවිධ…

Read More

බස් රථය නොනැවැත්වීම හේතුවෙන් උරණ වූ පුද්ගලයෙක්, තවත් තිදෙනෙක් සමග එක්ව ලංගම බස් රථ රියදුරෙක් පැහැරගෙන ගොස් පහර දී තිබේ. මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. බණ්ඩාරගම රයිගම සිට දෙහිවල හෙට්ටියාවත්ත දක්වා සෑම දිනකම ගමනාන්තයේ යෙදෙන ලංගම බස් රථයක රියදුරෙක් පසුගියදා පහරකෑමකට ලක්ව තිබේ. මෙම රියදුරු කොළඹ දක්වා බස් රථය ධාවනය කරමින් සිටි අතරතුර ගැලණිගම සහ විදාගම අතර බස් නැවතුමක රැඳී සිටි පුද්ගලයෙක් දින කිහිපයක් එම බසය නැවැත්වීමට උත්සාහ දරා තිබුණත් රියදුරු එම ස්ථානයේ බස් රථය නොනවත්වා ධාවනය කර තිබුණි. ඒ , එම බස් රථය සීමිත නැවතුම් බස් රථයක්…

Read More

වාරියපොළ වඳුරැස්ස ප්‍රදේශයේ දී විදුලි සැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ වඳුරැස්ස, මාවත වැවේ මසුන් ඇල්ලීමට ගිය අයෙකු නැවත නිවසට නොපැමීණීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමක දී මාවත වැවේ තිබී අදාළ පුද්ගලයාගේ මළසිරුර හමුවී ඇති බවය. මියගොස් ඇත්තේ 47 හැවිරිදි වඳුරැස්ස ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන්ය. අදාළ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල රෝහලේදී සිදුකර ඇති අතර එහිදී මෙම මරණය විදුලිය සැර වැදීම හේතුවෙන් සිදුවූවක් බවට අනාවරණය වී තිබේ. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී වැව අසල සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනකින් විදුලිය ජලයට කාන්දු වී මෙම පුද්ගලයාට විදුලිය සැර වැදී ඇති බවට තහවුරු වී බව පොලීසිය…

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නව කැලණි පාලම, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ යුක්තිය මෙහෙයුමක් අතර තුර හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) සිදුකළ අදාළ වැටලීමේ දී හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 280ක් සමග ‘වැල්ලම්පිටියේ කුඩු රැජින’ ලෙස හඳුන්වන මෙම කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසය වෙත භාර දී ඇත.

Read More

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 25 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. මෙම පෙත්සම අද (28) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ විරෝධතා ජුනි මස 25 වනදා හෝ ඊට පෙර ගොනුකරන…

Read More