Author: LANKA24X7

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඊයේ (16) ගාල්ල අපරාධ කොට්ඨසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙුණේ, හික්කඩුව, වෑවල ප්‍රදේශයේදීය. අදාළ සැකකරු සංචාරක වීසා මත මෙරටට පැමිණ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් කොණ්ඩා කපන ස්ථානයක රැකියාවක් කරමින් සිට ඇත. අත්අඩංගුව ගත් සැකකරු 32 හැවිරිදි අයෙකි. සැකකරු අද (17) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකණරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙන්ම මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා අධික වර්ෂාපතනයක් ලැබුණද මහවැලි ගඟ තවමත් පතුලටම සිඳී ගොස් ඇති අයුරු ඊයේ (16දා)දිස් වූයේය. මහවැලි ගඟ මෙලෙස සිඳී යෑම නිසා ජල විදුලිය නිපදවීමට ද ප්‍රමාණවත් ජලය ලබාගත නොහැකි වී තිබේ. කුණ්ඩසාලේ මැදදුම්බර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පවුල් 30,000 කට පමණ උග්‍ර පානීය ජල හිඟයක්ද පවතින බව ප්‍රදේශයේ ජනයා පවසති. ඔවුන් පවසන්නේ තමන්ට දින හය හතකින් පැය කිහිපයක් පමණක් ජලය ලැබෙන නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

Read More

ඉන්දියාව සමග පවතින හවුල්කාරීත්වය වඩාත් ශක්තිමත් සබඳතාවයක් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශකයා පවසා තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන ජුනි මාසයේදී සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණීමට නියමිතව ඇති පසුබිමකය. අමෙරිකානු ජනාධිපති බයිඩන්ගේ හා ඔහුගේ බිරිඳගේ ආරාධනාවකට අනුව එම සංචාරය සිදු කිරීමට නියමිතය.

Read More

කුසට අහරක් හෝ ඇඳිවතවත් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ සිටි බාලවයස්කාර දරුවන් තිදෙනෙකු සිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසනවා. 12 හැවිරිදි විශේෂ අවශ්‍යතා ඇති දැරියක සහ ඇයගේ අවුරුදු 7ක් සහ 8ක් වයසැති සොහොයුරන් දෙදෙනකු ඔවුන්ගේ ආරක්ෂාව පතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම දරු තිදෙනා ගේ පියා මියගොස් ඇති බව පොලිසිය කියයි. මව රෝගී තත්වයෙන් ප්‍රතිකාර නොලබා මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ නිවස තුළ බිම වැතිරී සිටිය දී රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. පිරිමි දරු දෙදෙනා කලකට පෙර පාසල් ගොස් ඇති බවත් පවතින අගහිඟකම් මධ්‍යයේ පාසල් ගමන අතහැර ගොස් ඇති බවත් පොලීසිය පවසනවා. මිනුවන්ගොඩ පොලිසියේ…

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ මීළග ජනාධිපති අපේක්ෂකවරයා බව එම පක්ෂය ඒකමතිකව තීරණය කර තිබෙනවා. සමගි ජනබලවේගයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ (16) පැවැත්වුණා. පස්වරු හතරට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත් වූ බවයි වාර්තා වන්නේ. සජබයේ උප සභාපතිවරයෙක් වූ පී. හැරිසන් තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන බව පසුගිය දා ප්‍රකාශ කළා. එමෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද තමන් ජනාධිපතිවරයාට සහය දක්වන බව සඳහන් කළා. සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි පසුගිය දා IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. මේ…

Read More

අපවත්වී වදාළ අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මැයි 21 ඉරිදා පස්වරු 3 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය සඳහන් කරනවා. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් අපවත් වී තිබුණා. අද දහවල් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බවයි වාර්තා වන්නේ. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත්වන විට 84 වියෙහි පසුවුණා. 1950 නොවැම්බර් 25 දින කුඩාවැල්ල වාලුකාරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වූ දොඩම්පහළ චන්දසිරි හිමියන් මාතර, වීරබා පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරනු ලැබුවා.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු ඇමතිවරයකු වන මර්වින් සිල්වා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කළා. සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ මෙවන් අදහසක් “මං ෆාදර් ජෙරම් ප්‍රනාන්දුට කියනවා ඩොලර්ස්වලින් සාක්කු පුරව ගන්න ආගම් බේද ඇති කරන්නෙ එපා. ජෙරම් කියනවනම් ක්‍රිස්තුස් වහන්සේ ආලෝකයයි කියලා, ක්‍රිස්තුස් වහන්සේ මර්කරි බල්බ් එකක් වෙන්න ඇති. අපහාස කරන්න එපා. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ පින් පිරිච්ච එඩිතරව රජුන්ට විරුද්දව මූන දුන්නු හැමෝටම ප්‍රේම කරන්නැයි කියලා නිහමානී කමින් පිරිච්ච ලෝකයේ වැඩි පිරිසක් අදහන ආගම ලෙසයි මම දැනගෙන තියෙන්නේ.” මෙහිදී හෙතෙම දේවගැති ජෙරම් විවේචනයට ලක් කරමින් කියා සිටින්නේ, බුද්ධාගම නොදන්නේ නම්…

Read More

මේ අතර, වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු සහ මී උණ රෝග තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි දත්තවලට අනුව මෙම වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 22ක්. එමෙන්ම අදාළ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 34,511ක් වාර්තා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ. මේ අතර, බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා හතලිහකට ආසන්න ප්‍රමාණයකින් ඩෙංගු කීටයින් හඳුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය පවසනවා. එහිදී දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කළ බහුදින යාත්‍රා හිමිකරුවන් 14 දෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද එම ආයතනය පියවර ගත්තා.

Read More

ශ්‍රී ලංකා සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෙම වසරේ දී සහභාගීවන වන සිය පළමු ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව සදහා ලබන මස 2 වැනිදා එක්වනවා. ඒ ඉතාලියේ ෆ්ලෝරන්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියටයි. යුපුන් ක්‍රීඩා දිවියේ එතෙක් මෙතෙක් සහභාගී වන සුපිරිම තරගය මෙය බවට පත්ව ඇත්තේ මේවන විට ලොව මීටර් 100 ඉසව්වේ සුපිරිතම ක්‍රීඩකයින් එම තරගයට එක්වීම හේතුවෙන්. ඒ අතරට මීටර් 100 ඉසව්වේ වත්මන් ලෝක ශූරයා වන අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි , මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඉතාලියේ මාසෙල් ජේකෝබ්ස්, පොදුරාජ්‍ය මණ්ඩලයීය මීටර් 100 රන් පදක්කම් ලාභීයා ඇතුළු වනවා. එමෙන්ම මෙම වසරේ මීටර් 100 ඉසව්වෙන් වේගවත්ම කාළය…

Read More

පළාත් කිහිපයකට අදත් (17) වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල මෙලෙස වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්. මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More