Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වෙමින් ඊයේ පැවසීය. එම පොරොන්දුව ප්‍රකාරව හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට හැකි බව ආචනාධිකරණය රහස් පොලිසියට දන්වා සිටියේය. රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහි විමර්ශන වලක්වන මැන්ඩා මූස් රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා පැවරූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දියත් කර තිබූ වැඩවර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය. විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් දින 75ක් පුරා වැඩවර්ජනයේ නිරතව සිටියේය.
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ. කි. මී. 60-65 දක්වා වැඩි විය හැකි බවය. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ. කි. මී. 50-55 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොළේ උණ වැළදීමෙන් මියගොස් තිබේ. අදාළ රැඳවියා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා දිනයේ මියගොස් ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේය. මේ වන විට තවත් රැඳවියන් තිදෙනෙකුට මොළේ උණ වැළඳී ඇති අතර ඔවුන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.
හලාවත පොලිස් වසමේ දැදුරු ඔයේ දියනෑමට ගිය පිරිසක් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තිබේ. ඊයේ (14) සවස මොවුන් දියනෑමට ගොස් තිබුණි. දියේ ගිලිනු එක් අයෙකුගේ ජීවිතය බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ වටවන, හැටන් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි. මියගිය තරුණයා සිය බිරිඳ සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ දැදුරු ඔයේ දියනාමින් සිටින අතරවාරයේ මෙලෙස දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි. හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. එමෙන්ම කටුගස්තොට මඩවල මාර්ගයේ මහවැලි ගඟේ නාන තොටුපොළ ආසන්නයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ…
මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයක රැඳී සිටි පාසල් සිසුවියන් හය දෙනකු (14) දා රාත්‍රී ඉන් පලා ගොස් ඇතැයි මත්තේගොඩ පොලීසිය පවසයි. පලා ගිය සිසුවියන් අතර අවුරුදු 15 තිදෙනෙකු අවුරුදු 16 දෙදෙනකු හා අවුරුදු 18 එක් අයෙකු සිට ඇති බව පොලිසිය කියයි. මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සිසුවියන් සොයා මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මීලඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට කියන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් දිනුම රටට එක්ව පෙරට තේමාව යටතේ සංවිධානය කරන මහජන හමු මාලාවේ තෙවැන්න බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර ඊට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහත්වරු රැළිය සංවිධාන කළහ. මෙම රැළියට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා,…
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හීල්ඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රග්‍රාමි දුම්රිය පිලීපැනිමට ලක් වීමෙන් අඩාලව පැවති බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (15) පෙරවරුවේ සිට යථා තත්ත්වය ට පත්කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . මේ අනුව අද (15) අලුයම 5.45 ට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය පෙරවරු 7.33 ට බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ බවද එහි ප්‍රකාශයකු කීය . බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන අනෙකුන් දුම්රිය න් සාමාන්‍ය පරදි ධාවනය වන බවත්…
“ජනාධිපති ශිෂ්‍යත්ව – 2024“ ගාල්ල වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ. ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන අද (15) දින ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබිණි . ශිෂ්‍යත්ව වැඩසටහන පැවැත්වීම සඳහා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ ඉදිකර තිබූ කුටි ද සුළඟට හසු වී කඩාගෙන ගොස් තිබිණි. එක්සත් ජාතික පක්ෂ සභාපති ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබූ අතර මෑත දිනයකදී යළි එම වැඩසටහන පවත්වන බව අබේවර්ධන මහතා සඳහන් කළේය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තතමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලමි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
