Author: LANKA24X7

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දකුණු පළාතේත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Read More

කුරුණෑගල පොලිස් වසමේ මිගමුව පාරෙහි පිඋහිටි ඉන්ධන අළෙවි සැළකට පැමිණ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දුන් පුද්ගලයෙකු ඊයේ (18) අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දුන් බවට 119 අංකයට ලැබුණු දුරකථන ඇමතුම මත පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය එම ස්ථානයට පැමිණ තිබෙනවා.. රුපියල් 1000 මුදල් නෝට්ටුවක් මෙම සැකකරු පිරවුම් හළේ පොම්පකරු වෙත ලබා දුන් අතර ඒ ගැන ඇති වූ සැකය මත පොම්පකරු පොලිස් හඳිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දී තිබෙනවා. එම අවස්ථාවේ දී සැකකරු පළා ගොස් ඇති අතර ඔහු සොයා කුරුණෑගල පොලීසිය වැඩි දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read More

කඩවත – දවටගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (18) සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු රාගම රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. අදාළ පුද්ගලයා වයස අවුරුදු 50 ක් වූ සූරියපාළුව, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු නිවස අසල මාර්ගයේ රැඳි සිටිය දී ඔහුගේ වැඩිමහල් සහෝදරයෙකු හා පුත්‍රයා සමඟ පැමිණි තවත් පුද්ගලයෙකු මෙසේ වෙඩි තබා එම ගිනි අවියෙන් ම අදාළ පුද්ගලයාට හා ඔහුගේ බිරිඳට පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා. අපරාධය සඳහා පැමිණි සැකකරුවන් තිදෙනා, වෙඩි තැබීම සඳහා යොදා ගත් රයිෆල් වර්ගයේ ගිනි අවිය සහ සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගත්…

Read More

ලොව උෂ්ණත්වය විවිධ කරුණු මත ඉහළ යමින් පවතී. විද්‍යාඥයින් පිරිසක් කර ඇති නවතම ගවේෂණයකින් හෙළිවී ඇත්තේ මිහිතලයේ උණුසුම්වීමේ සීමාව 2027 වනවිට ප්‍රථමවරට සෙල්සියස් අංශක 1.5 ඉක්මවා යා හැකි බවය. එම සම්භාවිතාවය 66%ක් බව එම විද්‍යාඥයින් පවසා තිබුණි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන විමෝචනයන් සහ මේ වසර අග වනවිට ඇතිවිය හැකි බව පැවසෙන එල් නීනෝ කාලගුණික තත්ත්වයන් ඊට හේතුවිය හැකි බව සඳහන් ය. එමගින් අදහස් වන්නේ 19 වන සියවසේ දෙවැනි භාගයට වඩා ලෝක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් වැඩිවන බවය.

Read More

යුධ සමයේ මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා සංවිධානය කළ සැමරුම් උත්සවයක් අද (18) පෙරවරුවේ දී බොරැල්ල කනත්ත වටරවුමේ දී පැවැත් වුණා. එහි දී එම ස්ථානයට පැමිණි පාර්ශවයක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් අතර පොලීසිය සහ කැරලි මර්ධන ඒකකය මැදිහත් වී පිරිස විසුරුවා හැරීමටයි කටයුතු කළේ.

Read More

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 45 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය. එම දරුවන් සදහා වසරක පමණ කාළයක් අවම වශයෙන් පෝෂණීය ගුණයෙන් යුත් ආහාර වට්ටෝරුවක් ලබා දිය යුතු බවත් එලෙස කළහොත් පමණක් ප්‍රතිඵලයක් ලබා ගත හැකි බවත් ඒ මහතා පැවසීය. එසේම මේ වන විට තම බල ප්‍රදේශය තුළ දරු උපත් අනුපාතය කෙමෙන් කෙමෙන් අඩු වී යන බවක් වර්ෂ 2014 දී සියයට 14.5 ක්ව පැවැති දරු උපත් අනුපාතය මේ වන විට සියයට 9 දක්වා පහත බැස ඇතැයි ද පැවසීය. තවද විවාහ වී දරුවන් අපේක්ෂාවෙන් සිටින මුත් දරුඵල නොලැබ සිටින කාන්තාවන්…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටය. එසේම ඩොලරයේ විකිනුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටය.

Read More

වයස අවුරුදු 9ක ගැහැනු දරුවෙක් සහ 13 හැවිරිදි මානසික ආබාධයකින් පෙළෙන පිරිමි දරුවෙක්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (17) ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානයට ලද පැමිණිල්ලක් මත එම කාන්තාව අත්අඩංගුවට ගත් බවය. පෑලියගොඩ පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වනවාසල පාර, තොරණ හන්දිය, කැලණිය යන ලිපිනයේ තාවකාලික කුලී පදනම මත නිවසක රැඳී සිටි එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් කාන්තාව අවුරුදු 26ක් වූ අයෙකි. සැකකාර මව රැකියාවට ගොස් රාත්‍රියේ නිවසට පැමිණෙන තෙක් එම දරුවන් දෙදෙනා ඉතා අනාරක්ෂිත ලෙස කාමරයක රඳවා තබා යන බවත් එතෙක් දරුවන්ගේ අධ්‍යාපනය හෝ පෝෂණය සම්බන්ධයෙන් සොයා නොබලා දරුවන්ව කෘෘරත්වයට…

Read More

සියලුම රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය විදුලිය ඉන්ධන සහ දුරකථන වෙනුවෙන් භාවිත කරන ලද මාසික ඒකක ගණන ඇතුළත් තොරතුරු වාර්තාවක් කැඳවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. පසුගිය වසරේ ජුනි 30 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා මාස 06ක කාලය සඳහා මාසිකව වැය වී ඇති ඒකක ගණන පිළිබඳ දත්ත ලබාගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජාතික බලශක්ති විභවයන්, ක්‍රම උපායන් සහ මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම දත්ත ලබාගැනීම සිදුකරනු ලබයි. ඒ අනුව ජුනි මස 30 වන දිනට පෙර සියලු රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය, විදුලිය, ඉන්ධන සහ දුරකථන…

Read More

අස්වැසුම ප්‍රතිලාභය ජනතාවට ලබාදීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ලෙස ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (17) පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසුවේය. මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඊයේ පැවති මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් ද එක්ව වු බව සඳහන්ය.

Read More