Author: LANKA24X7

දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙරට දරු පරපුරට ජාත්‍යන්තරය ජයගත හැකි නවීන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, ග්‍රාමීය දරු පරපුර විෂම දුප්පත්භාවයේ චක්‍රයෙන් මුදාගත හැකි එකම මාවත අධ්‍යාපනය බවත් එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අසත්‍ය ප්‍රචාරවලට යට නොවී රටට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියටම ක්‍රියාත්මක කරමින් දරු පරපුරට හොඳ අනාගතයක් ගොඩනගා දීමට කටයුතු කරන බව ද එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රාජාංගනය, තලාව, නොච්චියාගම, මහවිලච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, මහින්තලය, රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි…

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙරවරු 10.00 වන විට පොතුවිල් සිට කිලෝමීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එය වයඹ දෙසට ගමන් කර හෙට (10) දින සවස් කාලයේදී යාපනය සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවය. ඒ අනුව ඉදිරි දින තුන සඳහා උතුර, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ, මධ්‍යම යන පළාත්වලට පැයට කිලෝමීටර් 50-60ත් වන තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 70දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු…

Read More

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මි.මී. 38ක අගයක් බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (9) පෙරවරුවේ පැවසීය. එමෙන්ම අනෙකුත් බොහෝ ස්ථානවල වර්ෂාපතය මි.මි. 10ට අඩු මට්ටමක පැවති බවත්, ඒ හේතුවෙන් ගංගාවල ජල මට්ටම වැඩිවීමක් වාර්තා නොවන බව හෙතෙම සඳහන් කළේය. කෙසේ නමුත් ප්‍රධාන ජලාශ 73න් 28ක් මෙන්ම මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් තවවමත් වාන් දැමීම සිදුවන බව ඔහු පැවසීය. යාන්ඔය හා දැදරු ඔය ජලාශයන්හි ජලය නිදහස්කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කර ඇති වුවත්, කිසිදු ගංගා ද්‍රෝණියක අනතුරුදායක ලෙස ජලය නිදහස් කිරීමක් සිදු නොවන බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර…

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් බව සඳහන්.

Read More

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. අද (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති බවය. මෙම මුදල් මහජනතාවගේ මුදල්වන බවත්, ඔවුන්ට විශ්‍රාම ගිය පසු කිසිදු බාධාවකින් තොරව එම මුදල් ලබා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මෙම මුදලින් 30%ක පමණ ප්‍රමාණයක් හදිසි අවශ්‍යතාවයන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය. එහිදී ඔහු සඳහන් කළේ සිය ආණ්ඩුව කිසිදු පුද්ගලයෙකුගේ ප්‍රතිලාභයක් කප්පාදු කිරීමට ක්‍රියා නොකරන බවත්, තව තවත් ප්‍රතිලාභ ලබා…

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනේ සමාරම්භය අද (08) පෙරවරුවේ මට්ටක්කුලිය ලංගම ඩිපෝවේදී සිදු විය. මෙය පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදු කරන බව වාර්තා වේ. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පූර්ණ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, එම ආයතනයේ ජංගම වෛද්‍ය පර්යේෂණ රථයක් උපයෝගී කරගනිමින් සිදු කරන ලදී. මෙහිදී මට්ටක්කුලිය ලංගම ඩිපෝවේ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ මුත්‍රා සාම්පල ලබාගනිමින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින් හඳුනා ගැනීම සිදු කළ අතර විනාඩි 10 වැනි කෙටි කාලයක් තුළ දී අදාළ පරීක්ෂණයේ ප්‍රථිපල ලබාදීම සිදු කෙරිණි. මෙම අවස්ථාවට සහභාගී වූ…

Read More

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පිළිබඳ මූලික සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ඓතිහාසික කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 2026 වසරේ වාර්ෂික මංගල්‍යය එළැඹෙන පෙබරවාරි මස 27 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිත බවය. එමෙන්ම කච්චතිව් ශාන්ත අන්තෝනි මංගල්‍යය ශ්‍රී ලාංකික සහ ඉන්දීය බැතිමතුන් සහභාගී වන මහා මංගල්‍යයක් ලෙස පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය වසරේ මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට සහය දුන් නාවික හමුදාව සහ අදාළ දෙපාර්තමේන්තුවලට මෙහිදී ඒ මහතා සිය ස්තූතිය පළ කළේය. පසුගිය වසරේ බැතිමතුන් 9,000ක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කළද, ඉන්දියාවෙන් පැමිණි බැතිමතුන් 4,364 දෙනෙකු…

Read More

2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී මාර්ගවල සිදුවන රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. සිදුව ඇති මාර්ග අනතුරු විශ්ලේෂණය කළ විට ප්‍රධාන වශයෙන් අනතුරට ලකව ඇත්තේ පදිකයන් සහ යතුරුපැදිකරුවන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම අනතුරු වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මුදල් වෙන්කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. එමෙන්ම දුම්රිය අනතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඒ සඳහා ද අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි. “2024 දී මාර්ග රිය අනතුරු…

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 2 පමණ වනවිට පොතුවිල් සිට කිලෝමීටර් 250ක් ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 2 පමණ වනවිට පොතුවිල් සිට කිලෝමීටර් 250ක් ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) දින පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. අද (08) දින සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන…

Read More