Author: LANKA24X7

මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි වසරේදී පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සුදානමින් සිටින බවද අමාත්‍යවරයා කීය. ලබන වසරේ මුල් කාර්තුව වනවිට විදුලි බිලෙහි අඩු වීමක් සිදුවිය හැකි බවට අපේක්ෂා කරන බවද රණතුංග මහතා පැවසීය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීම පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකඟතාව මත අදාල කෙටුම්පත පිළියෙල කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපති අවසරය ලැබී තිබේ. එම ගිවිසුමට අත්සන් තැබීමටත් ඉන් අනතුරුව එම ගිවිසුම දෙරටේ රාජ තාන්ත්‍රික දූත මණ්ඩල විසින් අනුමත කිරීමටත් කැබිනට් අනුමැතිය ලබා දුන්නේ ය.

Read More

නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ. මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Read More

රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ අද කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බවය. පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකුට ඔහු සමග සිටි තවත් ලාංකික පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කර තිබේ. ඉකුත් 3 වනදා අලුයම මෙම ඝාතනය සිදුව ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පමුණුගම පදිංචිව සිටි බී. කේ. ෂෙනිත් දුලාජ් චතුරංග නැමති 29 හැවිරිදි එක්දරු පියෙකි. චතුරංගගේ මරණය ගැන ඔහුගේ බිරිඳ වන 26 හැවිරිදි මෙලනි වාසනා මෙලෙස අදහස් දැක්වීය. “මමයි චතුරංගයි වසර තුනකට කලින් විවාහ වුණේ. එයා අවුරුදු දෙක හමාරක් ජපානයේ සේවය කරා. එයා ජපානයේ ඉඳලා ලංකාවට ආවේ තාත්තා අසනීප වුණු නිසයි. ඒ ඇවිත් තාත්තාගේ එළවළු ව්‍යාපාරයට උදව් කරමින් හිටියේ. අපේ පුංචි දුව අපිට ලැබිලා අවුරුද්දක් විතර යද්දි අපි සියලුදෙනාගේම ජීවිත…

Read More

ළදරු පෝෂණ ආහාර, පොහොර, වෛද්‍ය උපකරණ හා සුවසැරිය වැනි දෑ සඳහා ද වැට් බදු අය කිරීමට මුදල් අමාත්‍යංශය අපේක්ෂා කර ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. කෙසේ වෙතත් එම අත්‍යවශ්‍ය දෑ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තම කාරක සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, “අලුතෙන් වැට් එක දාලා තියෙනවා ක්ෂේත්‍ර බර ගාණකට. ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි වැට් එකෙන් නිදහස් වෙන්නේ. රජය කියන්නේ ඔවුන්ට බදු ආදායම අත්‍යවශ්‍යයි කියලා. නමුත් අපි පෙන්වා දුන්නේ බදු අය කිරීමේදී සාධාරණත්වයක් තිබෙන්න ඕනේ…

Read More

වැල්ලව පොලිස් වසමේ පහළ වරද්දන ප්‍රදේශයේ දී යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත වැල්ලව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 68ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකාරියකි. මියගිය කාන්තාව, දුම්රිය මාර්ගයට පැමිණ සිටි නිවසේ ඇති කරන සුනඛයා බේරාගැනීමට තැත් කිරීමේ දී දුම්රියේ ගැටී ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. මෘත ශරීරිය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර, වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කළේ, මේ තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කේෂත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බවය. “ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය වසර තුනහමාරක් අත්හිටුවලා තිබුණා. ආනයනික සීමා පනවලා තිබුණා කොවිඩ් එක්ක. වසර තුනහමාරකට පස්සේ අපිට ගිය මාසේ ආනයන සීමා ලිහිල් කරලා, නැවතත් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන්නා රජය. මෙය අවස්ථාවක් කරගන්නවා රජයට ස්තූති කරන්න. පහුගිය මාසය තුළ නැවතත් ආනයනය පටන් අරන් තියෙනවා. මිල ශීඝ්‍ර ලෙස පහළ බහිනවා.ටයිල් සහ සනීපාරක්ෂක මෙවලම්වල. ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ…

Read More

වෙන්නප්පුව පොලිස් වසමේ පිහිටිප්‍රාථමික විදුහලක 4වෙනි වසරේ ඉගෙනුම ලබනසිසුවියන් තිදෙනකුට සහ සිසුවකුට සිය ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වාඑම සිසු සිසුවියන්ගේ ඇඟපත අතගා ලිංගික අපයෝජනයක් සිදු කළේ යැයි කියනඑම විද්‍යාලයේ අනධ්‍යන කාර්ය අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කරන අයකුවෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (5) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි එම සිසු සිසුවියන් ගෙන් මේ බව විදුහල්පතිවරයාට දැනගැනීමටලැබීමෙන් පසු විදුහල්පතිවරයා පැමිණ මේ ගැන පොලීසියට පැමිණිලිකර තිබේ. ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවාවෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි. අසභ්‍ය…

Read More

මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ සැකකටයුතු පාර්සල් 25 ක තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ශ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යයි සැක පිට පාර්සල් 25 ක් පරීක්ෂණ කළ බවත් මෙම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය සිට කොළඹ,මහරගම,බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණද සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. එම පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත්පෙති 2193 ක්, කුෂ් නැමැති…

Read More