Author: LANKA24X7

යළිත් වරක් වරදින්නේ නැති පොදු ජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සියලු දෙනා එකමුතු වී කටයුතු කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දෙහිඅත්තකන්ඩියේදී පැවසිය විවිධ පක්ෂ යටතේ ආණ්ඩු සෑදීමට සාමාන්‍ය ජනතාව ඡන්දය භාවිතා කළද බලයට පත් වූවන් තමන්ට ඡන්දය දුන් එම ජනතාව අමතක කළ බව පැවසූ දිසානායක මහතා ඔවුන් කටයුතු කළේ ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කිරීම සඳහා යයිද කිය එම නිසා මෙවර මෙතෙක් කල් කළ දේ නොකර නිවැරදි දේ වල් කිරීම සඳහා ජනතාවට කාලය එළැඹ ඇතැයිද ඔහු පැවසීය ජාතික ජන බලවේගය නායකයා මේ අදහස් පල කළේ දෙහිඅත්තකන්ඩියේ පැවති ගොවි ජනරැළිය අමතමි.

Read More

ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇතැයි ඩේලි මිරර් පුවත්පතට වාර්තා විය. පක්ෂීන්ට ප්‍රධාන වශයෙන් බලපාන ඉන්ෆ්ලුවෙන්සා වයිරසය හේතුවෙන් කුරුළු උණ බෝවන අතර එම වෛරසය අනෙක් සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය වේ. ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රභේද සහ උප ප්‍රභේද කීපයකි. මෑතකදී ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ආසාදනය වූ දරුවකු වාර්තා වූ අතර එම දරුවා 2019 වසරෙන් පසුව ඉන්ෆ්ලුවෙන්සා ඒ (එච්.9.එන්.2) වෛරසය අසාදනය දෙවැනි රෝගියා විය. මෙතෙක් වාර්තා වූ සියලුම කුරුළු උණ රෝගීන්ට සතුන් හේතුවෙන් එම රෝගය ආසාදනය වී ඇති අතර මෙතෙක් කුරුළු උණ මිනිසුන්ගෙන්…

Read More

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බව හංවැල්ල පොලිසිය පවසයි මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමු වීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාල දැරිය බලහත්කාරයෙන් යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් ඊයේ (21) සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය කියයි. මෙම අතවරයට ලක් වූ දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවත් පොසොන්…

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙන් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර රුපියල් මිලියන 500 ක් පමණ මේ වන විට ඔවුන් වෙනුවෙන් වියදමිකර ඇතැයි කොළඹ අගරද ගුරු පදවි ජන සංවේදන අධ්‍යක්ෂක ජූඩ් කිෂාන්ත පියතුමෝ පැවසූහ උන්වහන්සේ මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය (20) දිනයේ කාදිනල් හිමියන්ට පාස්කු ප්‍රහාරයට අදාළව නැගූ චෝදනාවකට පිළිතුරු වශයෙනි තවදුරටත් අදහස් දැක්වූ ජන සන්නිවේදන අධ්‍යක්ෂක පියතුමා කියා සිටියේ මේ වන විට දේශපාලන වශයෙන් මෛත්‍රී පාල සිරිසේන මහතා ඉතාමත් බංකොලොත් භාවයකට පත්වි ඇති පුද්ගලයෙක් බැවින් ඒ තත්ත්වය වසා ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන බවය මෙම මාධ්‍ය හමුවේ ඊයේ ( 21) කොළඹ අග රද…

Read More

දුරකථන සමාගම්වලින් ලබාගත් සිම්පත් අවභාවිත කර ධනවත් ව්‍යාපාරිකයන් පිරිසකගේ බැංකු ගිණුම්වලින් රුපියල් කෝටි 2කට අධික මුදලක් වංචා සහගතව ලබාගත් බව කියන පුද්ගලයෙකු ජුලි 04වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ දුරකථන අලෙවි නියෝජිතයෙකු වන මෝහන් දයාලන් නැමැත්තෙකු පරිගණක ආවේක්ෂණ බුද්ධි ඒකකය මගින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු ඊයේ (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දුරකථන අලෙවිසැලක් පවත්වාගෙන ගොස් ඇති බවය. ඊට පැමිණෙන ධනවත් ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසක් දුරකථන අලුත්වැඩියා කරගැනීම, සිම්පත් ලබාගැනීම වැනි සේවා රැසක් ඔහුගෙන් ඉටුකරගෙන ඇති බව…

Read More

ශ්‍රී ලංකාව පත්ව ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටළු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැඟීමට මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනු දැන වදාළ ධර්ම මාර්ගය ඉවහල් කර ගනිමුයැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. “පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයයි. විශේෂයෙන් වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මගපෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදයද බිහි වූයේ පොසොන් පොහෝ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟය. එමෙන්ම ලෞකික ලොව්තුරු මාර්ගය පෙන්වා දුන් ජාතික නේතෘවරයා ලෙස ද උන්වහන්සේ හැඳින්විය හැකිය. දේශීය…

Read More

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී පිට පිට කඩුලු ත්‍රිත්වයක් (හැට්ට්‍රික්) ලබාගත් දෙවැනි පන්දු යවන්නා බවට පැට් කමින්ස් අද (21) පත්විය. ඒ බංග්ලාදේශය ට එරෙහිව මේ වනවිට පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ Super 8 වටයේ තරගයේදී ලබාගත් කඩුලු ත්‍රිත්වයත් සමගිනි. ඔහු බංග්ලාදේශ ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දු දෙකේදී සහ 20 වැනි ඕවරයේ පළමු පන්දුවේදී එම කඩුලු දවාගත්තේය. මීට පෙර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් T20 ජාත්‍යන්තර තරගය කදී කඩුලු ත්‍රිත්වයක් දවාගෙන සිටින්නේ බ්‍රෙට් ලී ය.

Read More

බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Read More

යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව යෝගා දිනය සැමරීම සඳහා එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් එවමින් ඉල්ලා තිබේ. සෑම වසරකම ජුනි 21 වන දින සමරනු ලබන ජාත්‍යන්තර යෝගා දිනය ගෝලීය සංස්කෘතික දින දර්ශනයේ වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාවක් ලෙස ආරම්භ වූ මෙම යෝගා සැමරුම මේ දශකයේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇතැයි ද නරේන්ද්‍ර මෝදි මහතා ජනපතිට එවූ ලිපියේ සඳහන් කර තිබේ. පුරාණ ඉන්දියානු උරුමයක් වන යෝගා අද ලෝකයේ සියලුම සංස්කෘතීන් සහ සියලුම මහාද්වීප විසින් වැළඳගෙන තිබෙන්නේ යැයිද…

Read More

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවතින විහාරස්ථාන 11,100 කට ආසන්න විහාරස්ථානවල ආරක්ෂාව සදහා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් 50,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ අනුව පොලිස් නිලධාරීන් 20,000 ක්, පොලිස් විශේෂ කාර්ය බළකාය 400 ක්, යුද හමුදා නිලධාරීන් 700 ක් , ප්‍රජා පොලිස් සාමාජිකයන් 27,000 ක් ද යොදවා ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම පොසොන් උත්සවය පැවැත්වෙන් මිහින්තලය, ශ්‍රී මහාබෝධිය, අටමස්ථාන, තන්තිරිමලේ, අවුකන, විජිතපුර හා නාමල් උයන සිද්ධස්ථාවනවලට විශේෂ ආරක්ෂාවක් සලසා ඇති බව ද පොලිසිය පවසයි. එසේම අනුරාධපුර ජලාශවල දින නාන පිරිසගේ ආරක්ෂවා සදහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 400 කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරීයේ යෙදවෙන අතර…

Read More