Author: LANKA24X7

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා සඳහා කිසිවකු ඵරටට යවා නැතැයි තරුණයෝ පිරිසක් චෝදනා කරති. රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා දෙන බව පවසා එම දේශපාලනඥයා එක් තරුණයකුගෙන් රුපියල් 40ල000 බැගින් තරුණයන් 500කගෙන් මෙසේ මුදල් ගෙන ඇතැයි පවසන මෙම තරුණයෝ රුපියල් 1500 බැගින් අයකර පුහුණුවක් දුන් බව ද සදහන් කරති. දින හයක් පැවැති කොළඹ මාකොළ ප්‍රදේශයේ දින හයක් පැවැති පුහුණුවට තරුණයන් හැට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවූ බව ද මෙම තරුණයෝ සඳහන් කළහ. විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාව කඩිනමින් ලබාදෙන බවත් දිස්ත්‍රික්කයකට…

Read More

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය. ඉරාන ඉස්ලාමීය ජනරජය සතු නවීන තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සුදානම් බව ද ජනාධිපතිවරයා කීය. උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඉරාන ජනාධිපතිවරයා මෙසේද කීය මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඒකාබද්ධතාවයේ සංකේතයක් වන මෙම උත්සවයට සහභාගිවීමට ලැබීම ද මම මහත් ගෞරවයක් ලෙස සලකනවා. මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් බව කිවයුතුයි. අද,…

Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ සිදුවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම මඟින් ද ප්‍රායෝගික දේශපාලන ගමන් මගක් නිර්මාණය කර ගැනීම පිලිබදව මෙහිදී සාකච්ඡා සිදු කල බව නාමල් රාජපක්ෂ පවසයි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ද සහභාගී විය.

Read More

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24)පැවසීය. දේශීය සහ විදේශීය විනිසුරුවන්ගෙන් මෙන්ම විමර්ශකයින්ගෙන් සමන්විත ව මෙම පරීක්ෂණ කොමිසම ස්ථාපිත කරන බවද විපක්ෂ නායකවරයා කීය. එම පරීක්ෂණයට ශක්තියක් වීමට ස්ථීර විමර්ශන කාර්යාලයක් ස්ථාපිත කර කොමිසමෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන බව කී විපක්ෂ නායකවරයා අදාල අපරාධ නඩු කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ අධිකරණයක් මෙන්ම අධි චෝදනා කාර්යාලයක් පිහිටුවන බව පැවසීය. පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි.

Read More

දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම 2023 (2024)සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය මාර්තු 2 වන දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් මස 29 වන දින සිට මැයි 9 වන දින දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ. සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයයේ වෙබ් අඩවියේ පළ කර ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර පාසල් පද්ධතිය…

Read More

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි. එහි සභාපති රහුමාන් පල්ලි මහතා සඳහන් කළේ, ත්‍රීරෝද රථ රියදුරන් සඳහා සහන මිලට ගාස්තු මීටර ලබා දීමට රජය වැඩපිළිවලක් සකස් කළ යුතු බවය. “මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා ගාස්තු මීටරයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි කියන මතයේ තමා අපි ඉන්නේ. ගාස්තු මීටරය කියන එක මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රීරෝද සඳහා අත්‍යාවශ්‍ය වූ අංගයක්. ෆෝන් මීටරේ නෙමෙයි මේ කියන්නේ. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා රියදුරන්ට දරාගත හැකි මිලකට ලබාදීම සඳහා ගාස්තු මීටර් ආනයනය කොට හෝ ලබාදීමට කටයුතු කරන්න…

Read More

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දැනට තීරණය කර සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ව්‍යවසායක ජනක රත්නායක සහ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකුවන ඉශාන් ජයවර්ධන යන මහත්වරු වෙති. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම…

Read More

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය. ඊට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට තම සංගමය සුදානම් බවත් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය. ඒ බව දන්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් වෙත ලිපියවා තිබෙන බවද එම සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා ප්‍රකාශ කළේය.…

Read More