Author: LANKA24X7

තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා චීන යුධ ගුවන් යානා 10ක් පියාසර කළ බවට තායිවානය චෝදනා කරනවා. එම චීන ගුවන් යානා නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රහාරක යානා සහ නෞකා සහ ගොඩබිම් මිසයිල පද්ධති යොදවා ඇති බවයි තායිවාන හමුදාව සඳහන් කළේ. චීන යුද නෞකා හතරක් ද මුර සංචාර සඳහා එක්ව සිටි බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. සතියක කාලයක් තුලදී චීන යුද ගුවන් යානා සහ නෞකා තායිවාන ගුවන් කලාපය හා මුහුදු කලාපය උල්ලංඝණය කළ දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තායිවානය තමන් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කළ ද චීනය පවසන්නේ අවශ්‍ය වුවහොත් තායිවාන භූමිය ඈඳා ගැනීමට පසුබට නොවන බවයි. කෙසේවෙතත් අමෙරිකාව…

Read More

ගවයින් අතර පැතිර යන බවට හඳුනාගෙන ඇති චර්ම රෝගය මේ වන විට ත්‍රිකුණාමලය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවකින් ද වාර්තා වනවා. මෙම චර්ම රෝගය වැලඳී දින 15ක් පමණ ගත වන විට ගවයින් මිය යාම සිදුවන බවයි ගොවීන් පවසන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලියගොඩැල්ල, පඹුරාන, අහමඩ්පුර සහ මහතලාකොළවැව ආදි ගම්මානවල වැඩි පිරිසක් සිය ජීවිකාව ලෙස සිදුකරනු ලබන්නේ කුඹුරු ගොවිතැන් සහ කිරි ගව පාලනයයි. දැනට මසකට පමණ පෙර සිට මෙම ප්‍රදේශයේ එළ ගවයින් අතර සුළු වශයෙන් දක්නට ලැබුණු චර්ම රෝගයක් මේ වන විට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ගවයින්ගේ ශරීරය පුරා කුඩා ගෙඩි හට ගන්නා අතර රෝගය වැලඳී දින 15…

Read More

තම පෙම්වතිය වූ පොලිස් කොස්තාපල්වරිය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගෙන ඇයව රවටා වෙනත් තරුණියක් සමග විවාහ වූ පොලිස් කොස්තාපල්වරයෙකු වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වවුනියාව නෙදුන්කේණී පොලීසියේ සේවය කරමින් සිටියදී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වී කාලයක් ගත වූ පසුව පොලිස් කොස්තාපල්වරයාගේ පෞද්ගලික අවශ්‍යතාවයකට පොලිස් කොස්තාපල්වරියගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. මුලදී එම මුදල ලබා දීමට ඇය අකැමති වූවත් ඔහු විවාහ කරගන්නේ පොලිස් කොස්තාපල්වරිය මිස වෙනත් අයෙකු නොවන බව පැවසීමෙන් පසුව ඇය රුපියල් ලක්ෂයක මුදල මෙම සැකකාර කොස්තාපල්වරයාට ලබා දී තිබෙනවා. කාලයකට පසුව පොලිස් කොස්තාපල්වරයා…

Read More

යාපනයේ වන්නයි ප්‍රදේශයේ පිහිටි වීර කාලි අම්මාන් කෝවිලේ වාර්ෂික පූජාව පැවැත්වීමට යාමේදී පාර්ශ්ව දෙකක් අතර පූජකවරුන් දබර කරගැනීම නිසා පොලීසියට එම පූජාවට පෙර එම තත්ත්වය පාලනය කිරීමට සිදුවුණා. මෙම කෝවිලේ පාර්ශ්ව දෙකක පූජකවරු සේවය කරන අතර මීට පෙරද මෙහි ඇති වූ අර්බූදයක් යාපනය අධිකරණය දක්වා යාම නිසා අවසානයේදී අධිකරණය තීරණය කොට ඇත්තේ කාලි කෝවිලේ වාර්ෂික මංගල්ලය පාර්ශ්ව දෙකේම පූජකවරු විසින් මාරුවෙන් මාරුවට සිදු කල යුතු බවටයි. එහෙත් මෙවර කාලි කෝවිලේ වාර්ෂික පූජාව ආරම්භ කරමින් කොඩි සිටුවීමේ මංගල්ලය පැවති අවස්ථාවේදී දෙපාර්ශ්වයේම පූජකවරු එම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන් දෙපිරිස විසින් මුලින් ආරම්භ කරන ලද බහින් බස් වීම අවසානයේදී ගුටි කෙළියක් බවට…

Read More

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 209කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා. ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළා. එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296ක් පමණයි. ඉන් අනතුරුව දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා. එහිදී දෙවන ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 234ක් පමණයි. ඒ අනුව, 2023 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය…

Read More

මැතිවරණ කොමිසම විසින් ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීම සඳහා ලබාදී තිබූ කාලය ප්‍රමාණවත් නොවන බව ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා. ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීම සඳහා ලබාදී තිබූ කාලය මේ මස 16 වනදායි අවසන් වීමට නියමිතයි. කෙසේ වෙතත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය ජාතික සංවිධායක නෙවිල් විජයරත්න මහනුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීම සඳහා තවත් කල් අවශ්‍ය බවයි.

Read More

2023 එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග වටයට සහභාගී වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. පැය 20කට ආසන්න දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව ඔවුන් අද පස්වරුවේදී සිම්බාබ්වේ දේශයට ලඟා වුණත් ක්‍රීඩකයින් වෙනුවෙන් නිසි පහසුකම් ලබා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය හෝ ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් පියවර ගෙන තිබුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් හෝටලයේ කාබර වෙන් කර නොතිබීම නිසා ඔවුන් හෝටලයේ ප්‍රධාන දොරටු අසල බිම වාඩි වී ගිමන් හරින ඡායාරුප ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එක්කර තිබුණා. පැය 3 කට ආසන්න කාලයක් හෝටලයේ බිම වාඩි වී සිටි ඔවුන්ට කාබර ලැබුණත් එක් ක්‍රීඩකයෙක් වෙනුවෙන්…

Read More

අද (12) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන් බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවත්…

Read More

එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බවත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇතිකළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එමඟින් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 09දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙල අමතමින්. මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා සෑම අයෙකුටම නිසි වයසේ දී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යාමට හැකි පසුබිම නිර්මාණය කළයුතු බව ද සඳහන් කළා.…

Read More

ලොතරැයි පතක මිල ලබන ජුලි මස පළවෙනිදා සිට රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය. ඒ අනුව රුපියල් විස්සක ලොතරැයි පතක් දෙගුණයකින් වැඩිවනු ඇත. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ බව සනාථ කර සිටියේය. මෙම වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බවත් එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි . මේ අතර ලොතරැයි පත්වල මිල වැඩි කරන්නේ නම් දැනට අලෙවි නියෝජිතයින්ට එක් ලොතරැයි පතක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 3. 75 ක කොමිස් මුදල රුපියල් 8 දක්වා වැඩි කළ යුතු බවද ක්‍රිෂාන්ත මහතා පෙන්වා…

Read More