Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය බරපතළ තත්ත්වයක -UN මානව හිමිකම් වාර්තාවකින් හෙළිවෙයි
ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් හෙළිකර තිබේ. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අතීතයේ සිදුකර ඇති ලිංගික හිංසනයන් ප්‍රසිද්ධියේ පිළිගැනීමට හෝ අධිකරණමය නෛතික ව්‍යුහයක් තුළ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීමට රජය කඩිනමින් අවධානය යොමුකළ යුතු බවය. ලංකාවේ ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනය වර්තමානයේ දැඩිව සිදුවෙමින් පවතින අතර, එමෙන්ම එවැනි සිදුවීම්වලට මුහුණදෙන වින්දිතයින් ඒවා නිහඬව විඳදරා ගනිමින් සිටින බවද එහි සඳහන්ය. ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනයන් පිළිබඳව කටයුතු කිරීමට නෛතික රාමුවක් තිබීම අනිවාර්යය බවද සඳහන් කර ඇති එහි වින්දිතයින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය අරමුණක් විය යුතු බවට ද අවධාරණය කර ඇත.…
පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂය තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (13) රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති අතර අනික් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමේ දී මියගොස් තිබේ. තුවාල ලැබු පසුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ නොමැති බව පොලීසිය පැවසුවේය.
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා තවදුරටත් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මෙම සැකකරු අද (12) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම තීන්දුව ලබා දී තිබුණි. මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන බව මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව අදාළ සැකකරු ලබන 27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය. වැලිමඩ දිසා අධිකරණයේ වසර තිහක් පමණ විභාග වූ ඉඩම් නඩුවක තීන්දුව පරිදි භුක්තිය නිසියාකාරව භාරදීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ…
ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාව තුළ භාවිත වන Grok කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම මගින් කාන්තාවන්ගේ රූප විකෘති කර අඩනිරුවත් රූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමක ආයතනය වන Ofcom විසින් මෙම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. X සමාජ මාධ්‍ය වේදිකාවට සමගාමීව එක් කර ඇති Grok AI භාවිතයෙන් නිර්මාණය කළ ලිංගික රූප විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ පළ වීම හේතුවෙන් මහජනතාව අතරත් දේශපාලන වටාපිටාව තුළත් දැඩි විරෝධයක් මතුවීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව Ofcom සඳහන් කර තිබේ. මෙම පරීක්ෂණය Online Safety Act පනත යටතේ සිදු කෙරෙන අතර, එම නීතිය උල්ලංඝනය වී ඇති බව තහවුරු වුවහොත්…
ඔයාමඩුව පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු රෝහල් ගත කර තිබේ. අද (12) දහවල් 1.30ට පමණ එම අනතුර සිදුව ඇති බව ඔයාමඩුව පොලීසිය පවසයි. ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. අනතුරින් මියගොස් ඇත්තේ, ත්‍රිරෝද රථයේ රියදුරු බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ඔයාමඩුව පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (12) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි පෙබරවාරි මස 13 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ. අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ සිය පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම…
උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල ප. ව 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු…
පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය තිබුණ ද එය සිදු කළ යුතු ආකාරය මෙය නොවන බව පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන් පැවසීය. උන්වහන්සේ මේ බව දේශනා කර සිටියේ දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව ලියවුණු චරිතාපදාන පොතක් එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දේශනයට එක්වෙවෙමිනි. එමෙන්ම රටේ සංස්කෘතිය විනාශ කරමින් සහ බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩ නැගීමට හැකියාවක් නොමැති බවද මෙහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමියන්, ”පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනේ කියලා අපි පිළිගන්නවා. ඒ පිළිගන්න වෙනස මේක නෙවෙයි. අද මේ අධ් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් කියනවා කුමරි බඹසර කඩපල්ලා.. කුමර බඹසර කඩපල්ලා.. මහා නායක හාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා ලින්ක් එක…
