Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මස 30 වැනිදා ඉන්ධන මිල සංශෝධනයක් සිදු කළ යුතුව ඇතැයි හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම මිල සංශෝධනයේදී ජාතික ජන බලවේගය පක්ෂය මැතිවරණ වේදිකාවේ දී දුන් පොරොන්දුව අනුව ඉන්ධන මිල සදහා පනවා ඇති බද්ද ඉවත් කරන ලෙස ඉල්ලා සිටියි. එවිට ඉන්ධන ලීටරයකට 150/- ක් පමණ වන බද්ද ඉවත් කර රුපියල් 100ක වැනි මිලකට ඩීසල් ලීටරයක් ලබා දිය හැකි බව ද කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.
පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇත.ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව වාර්තාවේ.එවැනි සිදුවීම් හේතුවෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යංශ ලේකම්වරිය පෙන්වා දෙයි.මේ හේතුවෙන් පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නොකළ යුතු බවට අවධාරණය කර ඇති අමාත්‍යංශ ලේකම්වරිය එවැනි ගැටලුකාරී තත්ත්වයන් පාසල්වල ඇති නොවීමට විදුහල්පතිවරුන් වගබලා ගත…
2023 වසර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ සදහා www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් සම්පූර්ණ තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
දැනට නතරව ඇති යුක්තිය මෙහෙයුම නැවත ආරම්භ කරන බව නව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.එහි යම් අඩුපාඩු තිබූ බවත් ඒවා නිවැරදි කරගෙන පොලිස් අණපනත් වලට අනුව එම මෙහෙයුම ආරම්භ කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වී තිබේ. මීට පෙර එම ධුරය දැරූ ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස්ව පැවතුණි. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස ජනාධිපති නීතිඥ රාසික් සාරූක් මහතා පත්වී ඇත.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. යම් තැනැත්තෙක් එලෙස නොකරන්නේ නම් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වන බවත් මෙම දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු කරනු නොලබන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. තවද ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇතිවූ හිඟ බදු පවතී නම් ඒ සියල්ල ඔක්තෝබර් 30 දිනට හෝ එදිනට…
කොළඹ – මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි. ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පිටවෙලගෙදර රත්නායක මුදියන්සේලාගේ කසුන් ප්‍රසාද් රත්නායක නමැති 29 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි. යතුරුපැදියෙහි ගමන්ගත් අය යතුරු පැදියෙන් බැස ඒ අසල නැවතී සිටියදී මෝටර් රථයෙහි ගැටී ඇති අතර ගම්පහ රෝහල වෙත රැගෙන යනවිට මිය ගොස් ඇත. මෝටර් රථය පැදවූ තැනැත්තා යුධ හමුදාවෙහි නිලධාරියකු වන බවත් ඔහු අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එම කාලසීමාව තුල විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටි.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ඊයේ(27) ආරම්භ කළේය. මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා ලංකාදීපයට පැවසීය. කොළඹ ගාලු මුවදොර පිටියේ දමා ගොස් තිබූ සුඛෝපභෝගී වාහන 110 සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහාද විශේෂ විගණන කණ්ඩායමක් එහි පිටත් කර යැවූ බවද ඔහු සඳහන් කළේය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය…
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමට ආරාධනා කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.ඉදිරි මහ මැතිවරණය සදහා පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් දක්ෂ තරුණ තරුණයින්ට වැඩි අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
