Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනතාව කැප කිරීම් කළ යුතු යැයි වැදි බණ කියන මහ බැංකුව සිය වැටුප් අධික ලෙස ඉහළ දැමා ගනිමින් කකුලුවකු ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මහ බැංකුව 90% කින් වැටුප් වැඩිකර ගැනීමක් කරගෙන වැඩි කලක් යන්නට කලින් නැවත වතාවක් 70%ක් වැටුප් වැඩි කර ගැනීමක් කිරීම අනුමත නොකරන බවද ගම්මන්පිල මහතා සඳහන් කරයි. මහ බැංකුව වැටුප් වැඩි කර ගැනීම සාධාරණිකරනයට හේතු දෙකක් සඳහන් කරන බවත් එම හේතු දෙකට පදනම් විරහිත බවත් ගම්මන්පිල මහතා සඳහන් කරයි.
අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගාකිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කර තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ඊයේ (25) සිදුකෙරිණි. තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහළ මුරුතවෙලින් පසුගිය වසරේ දී ආරම්භ වූ අතර මෙම ගම්මාන දෙක තුළ තැඹිලි පැළ 10,000ක් රෝපණය කිරීමට නියමිතය. මේ වනවිට ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාල ඉල්ලුමක් පවතින බවත්, ඊට අමතරව තවත් රටවල් ගණනාවකින් අපේ රටේ නිෂ්පාදනය කෙරෙන තැඹිලි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000ක් පමණ අපනයනය කෙරේ. තැඹිලි…
සිය මවගේ අභාවයෙන් සිත්තැවුලට පත් පුතකු මව මියගොස් පැය කිහිපයකින් හෘදයාබාධයකට ලක්ව මිය යාමේ පුවතක් ඉඳුරුව ප්‍රදේශයෙන් වාර්තාවේ. ඉඳුරුව අකාඩේගොඩ, ගල්දරමුල්ලේ පදිංචිව සිටි මැටිල්ඩා පරණමාන්න නමැති 71 හැවිරිදි සත් දරු මවක පසුගිය 22 වනදා මියගොස් ඇත. ඇය රැකබලාගෙන ඇත්තේ ඇයගේ පස්වන පුතු වන ලක්සිරි කොට්ටහච්චි නමැති 47 හැවිරිදි එක්දරු පියෙකි. තම මව මිය යාමෙන් ඔහු දැඩි කම්පනයකට ලක්ව තිබේ. මේ අනුව මව මියගිය දිනම හදිසි හෘදයාබාධයක් වැලඳීමෙන් ඔහු ද මියගිය අතර මවගේ සහ පුතුගේ අවසන් කටයුතු පෙරේදා (24 ) එකම වේලාවකදී සිදුකර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිකරමින් තවත් විදේශීය සමාගමක් මෙරට වෙළෙඳපොළට අවතීර්ණ වී තිබේ. ඒ ඔස්ට්‍රේලියාවේ “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමයි. එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වනදා අත්සන් කර තිබේ. දැනට මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් එම සමාගම ට පැවරීමට නියමිත අතර තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ඔවුන් විසින් ස්ථාපනය කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා ඔවුන් විසින් “යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්” නමින් සමාගමක් ලියාපදිංචි කර තිබේ.
මීගමුව පමුණුගම මාර්ගයේ ලෙල්ලම අසල දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අගෝස්තු මස 12වන දා වෙඩි තැබීම සිදුකළ තිබූ අතර ඒ සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය ප්‍රවාහනය කර සඟවා තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. ඔවුන් අවුරුදු 32 හා 40 යන වයස්වල පසුවන බදුවත්ත සහ අම්බලයාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන්ගෙන් සුදුකළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධකරුවන් පැමිණි යතුරුපැදිය ද මීගමුව කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ලිඳුල පොලිස් වසමේ නාගසේන ප්‍රදේශයේ ආග්‍රා ඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (25) තවත් පිරිමි දරුවන් 5 දෙනෙකු සමග මෙම දරුවා ද ඔයේ දියනෑමට ගොස් ඇති බවය. එහිදී සිසුවාගේ සිරුර ඔයේ ගැඹුරු වළක තිබී හමුවු බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 16ක් වූ දිනුක ගමගේ නැමති නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. ලිඳුල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මානසික රෝගයකින් පෙලෙන තම දරුවාට බෙහෙත් බීමට බලකළ පියෙකු රෝගී දරුවා විසින්ම පොරොවකින් කොටා ඝාතනය කර ඇතැයි පිටිගල පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පියදාස ජයසිංහ නමැති පිටිගල, කලුආරච්චිගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මෙම ඝාතනයට අදාළව මරණකරුගේ 47 හැවිරිදි පුතු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මරණකරුගේ පුතු අංගොඩ මානසික රෝහලේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා මානසික රෝගයෙන් සුවපත් වූ බවට වෛද්‍යවරුන් තීරණය කර ඇත. මේ අනුව මීට මාස එකහමාරකට පෙර එම පුද්ගලයාව අධිකරණ අවසරය මත මාපියන්ට බාර දී තිබෙන අතර දෛනිකව ඖෂධ වට්ටෝරු ද ලබාදෙන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ පියා පුතුට අවශ්‍ය ඖෂධ ලබාදීමට උත්සහා දරා…
සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට බාරදෙනු ලැබ ඇත. සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙක වෘත්තීය සමිති නායකයකු බව කියන පුද්ගලයකු රැගෙන ගොස් ඇඹිලිපිටියේ පිහිටි පරණ යකඩ බඩු මිලට ගන්නා සමාගමකට විකුණා රුපියල් පන් ලක්ෂ තිස්පන් දහසක් ලබාගෙන ඇති බව සෙවණගල පොලිසිය කළ පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී ඇත. මැෂින් දෙක ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රියදුරු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෘත්තීය සමිති නායකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවැසීය. සෙවණගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් කුමාර මහතාගේ උපදෙස් පරිදි…
මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. නාමල් රාජපක්ෂ මහතා කොල්ලුපිටියේදී පැවති රැස්වීමකදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඊයේ (25) එසේ පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ ගෙවල් ගිනි තියමින් ආණ්ඩු බලය ගැනීමට උත්සාහ කර එය අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මිනිසුන් එකතු කරමින් වේදිකා මත කෑ ගසන බවත් මෙරට 75 වසරක සාපයක් ගැන කියනවා නම් 83 කළබල වලින් දේපල ගිණි තියලා මිනිස්සු ඝාතනය කර අවුරුදු 30 ක යුද්ධය පටන් ගත්තු අය ද වගකිවයුතු බවත් ඒ මහතා කීය. තරුණයෝ 60,000 ක් 88-89 ඝාතනය කරපු අයත්…
සේවකයන් විශාල වශයෙන් රට හැර යෑම හේතුවෙන් අගනුවර ඇතුළු විවිධ ප්‍රදේශවල තරු පන්තියේ හෝටල් පවත්වාගෙන යාමේ දැඩි අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇතැයි හෝටල් ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසේ මේ ගැටලුව සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරීත්වයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දැනටමත් දැනුවත් කර ඇත. හෝටල් ක්ෂේත්රයේ දෙදහසකට වැඩි පිරිසක් පසුගිය කාලයේදී රට හැර ගොස් ඇති බව වාර්තාවේ. කළමනාකරණ සේවයේ සිට මුළුතැන්ගේ දක්වා සෑම අංශයකම සේවා පුරප්පාඩු විශාල වශයෙන් වැඩි වී ඇති හෙයින් මෙම අර්බුදය මතුවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. තරු හෝටල් වල පුහුණුව ලැබූ බොහෝ දෙනකු විදේශ හෝටල්වල රැකියා සඳහා පිටව යෑමත් හෝටල් පාසල් හි පුහුණුව ලැබූ බොහෝ දෙනකු විදෙස් හෝටල්වල…