Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවය. යුක්‍රේනයේ චර්නිහිව් නගරය සම්පූර්ණයෙන්ම විදුලි බලය නොමැති වීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව සිටින බව සඳහන්ය. මෙම ප්‍රහාර හේතුවෙන් කුඩා දැරියක් ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. රුසියාව යුක්‍රේනය පූර්ණ වශයෙන් ආක්‍රමණය කිරීමේදී බලශක්ති සැපයුම්, දුම්රිය, නිවාස සහ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් සිවිල් යටිතල පහසුකම් මත එල්ල කිරීම ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි. චර්නිහිව් කලාපය රුසියාව සහ බෙලරුස් යන දෙඅංශය සමඟම දේශසීමාවක්…
වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත. මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ වගකීම බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 භාරය ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතා බව වාර්තා වේ.
මෙරට රන් මිල සෙනසුරාදා දිනයට සාපේක්ෂව රු 5,000කින් පහළ ගොස් තිබේ. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 356,000ක් දක්වා පහළ ගොස් තිබේ. සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 360,800ක් ලෙසය. මේ අතර සෙනසුරාදා දිනයේ දී රු. 390,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 385,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග අධ්‍යක්ෂ, ජලවිද්‍යා ආපදා කළමනාකරණ සූරියබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට පවතින දැඩි වර්ෂාව සමඟ වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජලමට්ටම ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව බද්දේගම සහ ඒ අවට බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී අතර, වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 172ක් බද්දේගමින් වාර්තා වු බව ද ඒ මහතා පැවසීය. කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය, කිරිඳිඔය ආශ්‍රිත ප්‍රදේශවලට විශාල වර්ෂාපතනයන් ලැබෙමින් පවතින බව ද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කියා සිටියේය. ඒ අනුව කැලණි, කළු,…
ප්‍රංශයේ පැරිස් අගනුවරට උතුරින් පිහිටි දිස්ත්‍රික්ක හරහා ඊයේ (20) ඇති වූ ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී ගොස් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පැරීසියේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඊසාන දෙසින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශයේ හදිසියේ ඇති වූ මෙම කුණාටුවෙන් දිස්ත්‍රික්ක 10 ක් පමණ හානි සිදුවී ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් භූමියක සේවය කරමින් සිටි 23 හැවිරිදි සේවකයෙකු වන අතර තවත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. එමෙන්ම තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.
ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වී ඇති අතර බැංකු ගනුදෙනුකරුවන්ටද බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය පෙන්වා දනේනේ මේ හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ බැංකු සේවා වන ලොයිඩ් සහ හෙලිෆැක්ස් යන බැංකු සේවා ද බලපෑමට ලක්වී ඇති බවය. ඒ අනුව මෙහි බලපෑමට ලක්වූ ආයතන ගණන 500කට අධිකය. එම සේවා නැවත යථාවත් කරමින් පවතින බවට ඇමසන් ආයතනය සඳහන් කර තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20) රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු තවත් දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඊයේ දිනයේ ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටී සිදුවූ පිලි පැනීම හේතුවෙන් අද උදෑසනද දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. මේ අතර කඩිගමුව හා බලන අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබීම හේතුවෙන් එම ස්ථානය වෙත ළගා වීම දුෂ්කරව ඇතැයි ද වාර්තා වේ. මේ හේතුවෙන් අද දින සවස හා රාත්‍රී පහත සඳහන් දුම්රියයන් අවලංගු කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අවලංගු කර ඇති දුම්රිය…
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මතට ඊයේ (19) දින පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. එම දුම්රිය පිලීගත කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද විය හැකි බැවින් තවත් දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පස්වරු 12.40ට කොළඹ කොටුව දෙස සිට නානුඔය බලා ධාවනය වන දුම්රිය සහ පස්වරු 03.00ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියද…
මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වූ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා අපස්මාර රෝගී තත්ත්වයෙන් ජල ටැංකියට වැටී ඇති බවට දැනට සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. මුන්දලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී සිදු කළ වැටලීමක දී කුෂ් කිලෝ 09 ග්‍රෑම් 555ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
