Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මහවැලි H කලාපයේ ගොවීන්ට අවශ්‍ය ජලය බෝවතැන්න ජලාශයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව බෝවවතැන්න ජලාශයෙන් තත්පරයට ඝණ අඩි දහසක් කලාවැවට මුදා හරින බවයි ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික නවරත්න කියා සිටියේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙදින නිල සංචාරයක් සඳහා (21) සිංගප්පූරුවට පිටත්ව යාමට නියමිතයි. එහිදී සිංගප්පූරු ජනාධිපති හලීමා යාකොබ්, අගමැති ලී සියෙන් ලූන්ග් ඇතුළු ඉහළ පෙළේ ප්‍රභූවරුන් හමුවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. පැරිස් සම්මුතිය යටතේ ඇති කාබන් මධ්‍යස්ථතා ගිවිසුමද ඔහුගේ සංචාරයේදී අත්සන් කිරීමට නියමිතයි.
බිංගිරියේ සිට උණවුටන ප්‍රදේශයේ චාරිකාවක පැමිණි දහම් පාසල් සිසුන් කණ්ඩායමක සිටි එක් සිසුවෙකු උණවටුන රූමස්සලදී සිදුවු අනතුරකින් ඊයේ (20) සවස මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ බිංගිරිය, පුෂ්පාරාම විහාර මාවත පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක්. මියගිය සිසුවා ඇතුලු සිසුන් 112 ක කණ්ඩායමක් බස් රථ දෙකකින් පැමිණ පළමුව ගාල්ල කොටුව නරඹා උණවුටන සාම චෛත්‍ය නැරඹීමට යන අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා. බස් රථය රූමස්සල කන්ද මාරගයේ ධාවනය කරමින් සිටියදී පටු ස්ථානයක ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදිම සඳහා බස් රථය පිටු පසට ගන්නා අවස්ථාවේ දී මෙම සිසුවා හිස එලියට දමා ඇති බවත්, ඒ සමඟම විදුලි පහන් කණුවක හිස වැදීමෙන් තුවාල ලබා…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. මුලතිවු දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වැවිලි සමාගම යටතේ පවතින රත්වත්ත වතුයායේ අඩවාඩියේ යෙදී සිටි සහකාර වැවිලි කළමනාකාරවරයා සේවයෙන් පහ කිරීමට අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ මැදිහත්වීමෙන් වතු පාලනාධිකාරිය එකඟ වී තිබෙනවා. මීට අමතරව සහකාර කළමනාකරු විසින් කඩා බිඳ දැමූ නිවස වෙනුවට විපතට පත් පවුල සඳහා නව නිවසක් ඉදිකර දීමට ද කළමනාකාරීත්වය එකඟ වී තිබෙනවා. මාතලේ රත්වත්ත වතුකරයේ වතු කම්කරුවෙකුගේ තාවකාලික පදිංචි නිවස සහකාර කළමනාකරුවෙකු විසින් කඩා බිඳ දමන දර්ශනය කඳුකර ජනතාව අතර දැඩි කැළඹීමක් ඇති කර තිබුණා. මෙම නඩුවේදී ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඊයේ (20) මාතලට ගොස් විපතට පත් ජනතාව හමුවී සාකච්ඡා කරනු ලැබුවා. ඇමැතිවරයා සිද්ධියට සම්බන්ධ සහකාර කළමනාකාරවරයා…
කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් ‘අසේල’ නැමැති අලියාට දහවල් යම් විස සහිත රසායනික ද්‍රව්‍යක් යෙදූ පැණි කොමඩු ගෙඩියක් දුන්බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලීසිය කියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇත් ගොව්වා වන තුෂාර ප්‍රියදර්ශන නැමැත්තා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ. අලියාට මෙම කොමඩු ගෙඩිය ලබාදුන් පසු එය බිම හෙලා ඇති බවත්, අලියාද නොසන්සුන්වී මුඛයෙන් සෙම වගුරුවමින් සිටි නිසා ඌව කලාපය භාර පශුවෛද්‍ය නිළධාරී ආනන්ද ධර්ම කීර්ති මහතා කැඳවා ප්‍රථිකාර ලබාදී තිබේ. මීට පෙර අලියා භාරව සිටි බව කියන ඇත් ගොව්වා කිසියම් අක්‍රමිකතාවයක් හේතුවෙන් ඉවත්කොට ඇති බවත්, එම පුද්ගලයා විසින් වස යෙදූ කොමඩු ගෙඩිය අලියාට දෙන ලෙසට දුන්…
විදේශ සංචිත ගොඩලඟා ගැනීමට භාණ්ඩ 3,000 කට වැඩි සංඛ්‍යාවකට ආනයන සීමා පැනවීමට සිදුවූ බවත් බිංදුවට වැටී තිබූ විදේශ සංචිත මේ වන විට ඩොලර් කෝටි 300 ක් දක්වා ඉහළ දමාගැනීමට හැකිව ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. භාණ්ඩවලට පනවා ඇති තහනම කිසිඳු විටක ඉවක්බවක් නොමැතිව ඉවත් නොකරන බව කී සියඹලාපිටිය මහතා ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කිරීමෙන් පසුව සීමා ඉවත් කරන බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස එම අංශ ප්‍රධානීන් විසින් පසුගිය සතියේදී දැනුම් දෙනු ලැබ ඇත. එම අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන්ගෙන් එල්ලවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා පත්කරනු ලැබීය. ගෘහ පාලන අංශ ප්‍රධානීන් එම සේවිකාවන්ට පාර්ලිමේන්තුවට පැමිණෙද්දීත් පිටව යද්දීත් සාරියෙන් සැරසී සිටිය යුතු බවට නියෝග කර ඇත්තේ ඉන් අනතුරුව බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. කෙසේ නමුත් විවිධ අනුග්‍රහ ලබන සමහර සේවිකාවන් පමණක් සාරි නියෝගය කඩකරමින් කටයුතු කරන…
සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කරමින් රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ බවත් ඊට දායකවන සියලු දෙනාට පහසුකම් සැලසීමට රජය සුදානම් බවත් ඊයේ (19) අති සුඛෝපභෝගී හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්රමුඛ ක්ෂේත්රය සංචාරක කර්මාන්තය බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. සංචාරක කර්මාන්තය පිළිබඳ වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එහි දී රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබා ගැනීම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා, ඊට දායකවන සියලු පාර්ශ්වයන්ට පහසුකම්…
රටක ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අවධාරණය කරයි. ඔහු ප්‍රකාශ කරන්නේ, රටේ ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම බවයි. කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සාලිය පීරිස් මහතා ඒ බව සඳහන් කළේය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සාලිය පීරිස් මහතා, “අපේ රටේ අධිකරණයක මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සහ ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් EPF එකට වෙන බලපෑම පිළිබඳව නඩු විභාගයක් තියෙනවා. එතකොට මොනවද මේ ජනාධිපතිවරයා දෙන සිග්නල් එක? ඒ සිග්නල් එක තමයි කියන්න අධිකරණය මොනවා කිව්වත් මම ඒක භාරගන්නේ නැහැ කියන එක.…