බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබේ.ඒ 2016 වසරේදී ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට සහ ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ඊයේ විභාගයට ගන්නා අවස්ථාවේ උන්වහන්සේ විවෘත අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙනි. කොම්පඤ්ඤවීදිය පොලීසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි අතර නඩු විභාගය 2025 වසරේ මාර්තු මස 5වැනිදා දක්වා කල් තබා ඇත.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

