Author: LANKA24X7

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. දකුණු මන්නාරම් මුහුදු සීමාවේදී මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට තෙන තිබේ. ඔවුන් පැමිණි මොටර් බොට්ටුව ද නාවික හමුද භාරයට ගෙන ඇත. ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා එම පිරිස ධීවර දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

Read More

මෙරටින් චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම යළි ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. වර්ෂාවත් සමග මදුරු ගහනය ඉහළ යාම චිකන් ගුන්යා රෝගීන් වාර්තාමට හේතුවී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ සහිත චිකන් ගුන්යා ඊඩිස් නම් මදුරු විශේෂය මගින් ජනතාවට වැළදෙන බවත් ඔහු කීවේය. තද උණ සමග හන්දි පත් රුදාව, සම කලු විම, කුෂ්ඨ ඇතිවීම මෙහි මූලික රෝග ලක්ෂණ බවත් දීපාල් පෙරේරා මහතා කීවේය. මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් විවේක ගැනීම සහ දියර ආහාර වැඩිවශයෙන් ගැනීම ඉතා වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා…

Read More

ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට උපදෙස් දුන්නේ. අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එම පත්වීම් ලිපි ප්‍රදානය රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී සිදුවිය. ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව පළමු ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභා සැසිවාරය…

Read More

ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරයට කිසිදු ගුවන් යානයක් භාවිත නොකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරයා යාපනය ප්‍රදේශයේ සංචාරය කළේ සිය නිල මෝටර් රථයෙන් බවද ආරක්ෂක අමාත්‍යාංශය කියයි. ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා තුනක් භාවිත කළැයි පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වන්නේ යැයිද එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නැතැයිද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Read More

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු කඩුවලින් සහ කැතිවලින් කපාකොටා පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පැවසීය . මෙලෙස ඝාතනය කර ඇත්තේ අම්බලන්තොට ,මාමඩල , පදිංචි හෙට්ටිආරච්චිගේ ප්‍රභාත් ඉන්දික ( අවු: 29) ,හේවා කුමානායක රසික ප්‍රියදර්ශන (අවු:45) සහ මාධව උදයංග මල්ලිකාරච්චි ( අවු: 34) යන තිදෙනාය . රසික සහ මාධව යන දෙදෙනා ප්‍රභාත් ඉන්දික යන අයගේ ඇලේගොඩ නැගෙනහිර පිහිටි නිවසේ සිටියදී අට දෙනෙකු ගෙන් පමණවූ සැකකරුවන් පිරිසක් කඩු,කැති,පොලු රැගෙන එම නිවසට කඩා වැදී පහරදී ඇතැයි පොලිසිය පැවසීය . සැකකරුවන්ගෙන් පස් දෙනෙකු නිවසේ සිටි…

Read More

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ. අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු බන්දුල කරුණාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට ආණ්ඩුව නිවේදනය කළ අතර ඔහුට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා මීට පෙර දැනුම් දීමක් කර තිබිණි. බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමෙන් අනතුරුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත් කෙරුණු ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (02) දිවුරුම් දුන්නේය. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම…

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කැතීටකරණ පරීක්ෂණ ( Cath Lab) සහ ප්‍රතිකාර ඒකකයක් ලබාදීම පිනිස බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් කෝටි 35 ක ප්‍රතිපාදන වෙන් කර දෙමින් , එය පසුගිය වසර අවසන්වීමට ප්‍රථම ඒකකය ඇරඹීමට සැලසුම් කොට තිබූනද එය ත ප්‍රමාදවන තත්ත්වයක් පවතින බව වාර්තාවේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා රෝහල්හි මෙවන් ඒකකයක් නොවීම මත දිස්ත්‍රික්කයෙහි වෙසෙන ලක්ෂ 25 ක් පමණ වන දිවයිනෙහි වැඩිම ජනගහනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ සෘජු මැදිහත්වීම මත ගම්පහ රෝහලට කැතීටකරණ ඒකකයක් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබිණි. මෙම රෝහලෙහි මෙවන් ඒකකයක් නොවීම හේතුවෙන් වර්තමානයේ වර්ෂයකට ප්‍රතිකාර පිනිස ඇතුලුවන 6000 ක්…

Read More

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. බුන්දල ලේවායේ 2023 දී නිපදවා නිසි කලට ආවරණය කර නොතිබූ රුපියල් 65,425,279 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 1816.19 ක් හානියට පත්ව තිබූ බව විගණනය මගින් පෙන්වාදී තිබේ. පලටුපාන ලේවායේ රුපියල් 520,640 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 16.27 ක් වසර තුනක් තිස්සේ වේදිකාවක තැන්පත් කර තිබීම නිසා පැහැය වෙනස් වී දියවෙමින් පැවති බවද, 2022 නිපදවූ රුපියල් 27,324,000 වටිනා සුපර් ග්‍රේඩ් වර්ගයේ ලුණු…

Read More

ගාල්ල,මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයකි. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පවතී.

Read More

කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික කාන්තාවක් හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව තිබේ. එම නවාතැන්පලේදී විදේශිකයන් තිදෙනෙකු අසනීප වී රෝහල් ගත කර ඇති අතර එයින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවකි. අනෙක් දෙදෙනා ජර්මන් ජාතික යුවළක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබේ.

Read More