Author: LANKA24X7

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා විසින් නිසි ක්‍රම වේදයකින් සහ පක්ෂ අනුමැතියකින් තොරව ලබාගෙන තිබීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මෙම මෙලෙස කෘත්‍යධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි ඉල්ලීම කර තිබේ . රවී කරුනානායක මහතාගේ එම ක්‍රියාව පක්ෂ ව්‍යවස්ථාව බලවත් ලෙස උල්ලංඝනය කිරීමක් වන හෙයින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණ ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය හැකි ඉක්මනින් රැස්…

Read More

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පැවසීය. 2024 වර්ෂයේ මහ කන්නයට අදාළ පොහොර සහනාධාරය ලබා දීම පසුගිය ඔක්තෝම්බර් මස 14 වැනිදා ආරම්භ කළ බවත් දිස්ත්‍රික්ක 22ක ගොවින් එක්ලක්ෂ නවදහසක් වෙනුවෙන් රුපියන් මිලියන 1292ක් ලබා දී ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ඉන් ගොවින් 19,900ක් සිටින අම්පාර දිස්ත්‍රික්කයට මිලියන 291ක් වැඩිම වූ මුදල දී ඇති බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය. පළමු අදියරේදි හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 15,000ක් ද දෙවන අදියර සඳහා රුපියල් 10,000ක් ලබා…

Read More

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ( 19) ගැසට් නිවේදනයක් නිකුත් කළේය. පක්ෂයේ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින්ම ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරනු ලැබීය. පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් සමඟ ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන පහක් හිමිවිය. මේ අනුව තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන හතරක් පිරවිය යුතුව ඇත. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇති අතර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම මන්ත්‍රී ධුර ඉදිරි දිනවල පිරවීමට නියමිතව ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ…

Read More

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Read More

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දාසය හැදිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇතිඇති බව පොලිසිය කියයි. එසේ මියගොස් ඇත්තේ ඩී.එම්. සෙනර ඩිල්ශාන් (16) නැමැති පාසල් සිසුවෙකි. අද (20) අලුයම 4.30 ට පමණ පස්කන්ද නිවසට කඩා වැටී ඇතිි අතර නිවසේ නිදා සිටි පාසල් සිසුවා පස් සහ නිවසේ බිත්ති අතර සිරව සිටියදී ගොඩ ගෙන මැදමහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

Read More

රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ අද (19) උදෑසන සිට ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරතව සිටින බවය. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්යය මණ්ඩලය මෙම වර්ජනය ආරම්භ කර තිබේ. වර්ජනය සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේ ද සහාය හිමිව ඇති බවද වාර්තා වේ. කෙසේවෙතත් අදාළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද පස්වරු 4.30ට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව ද සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා සදහන් කළේය.

Read More

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිදි පුද්ලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බලපත්‍ර නොමැති එම ඇමරිකානු ගිනි අවිය සැකකරුට ලැබුණ ආකාරය සොයා බැලීම සඳහා පුළුල් විමර්ශන ආරම්භවී තිබේ. වතු බලාගන්නෙකු වශයෙන් කටයුතු කරන සැකකරු පොලිසියට පවසා ඇත්තේ ඔහු වත්තේ ඇවිදින විට එම ගිනි අවිය වැටී තිබී හමු වූ බවයි. සැකකරු අද (19) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක…

Read More

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. එම දුම්රිය පිළිපැදීමේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවද එම නිලධාරියා කීය. පීලි පෙනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් හැකි ඉක්මනින් එම දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක වැසි ඇති විය හැකියි

Read More