Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොළඹ ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේ මෙලෙස කාන්තා මළසිරුරක් ඇති බවට ඊයේ (29) දහවල් පොලීසියට ලද ඇමතුමක් අනුව එය සොයාගෙන තිබුණි. ඇයගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැති අතර මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන තැනැත්තියකි. ඇය ඇඳ සිට ඇත්තේ කහ පැහැති මල් සහිත රතු පැහැති ගවුමකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
රජයෙන් මත්පැන් බලපත්‍ර (බාර් ලයිසන්) ගත්‍තේ යැයි කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පක්ෂ නායකයන් වහාම එම බලපත්‍ර රජයට නැවත බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන් කිසිවකුත් මත්පැන් බලපත්‍ර මෙතෙක් රජයට යළි බාරදී නැතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ. මේ අතර බදුල්ල රිදීමාලියද්ද මත්පැන් අලෙවිසල් හයක් විවෘත කිරීමට රජය බලපත්‍ර මෑතක දී ලබාදී ඇතැයි එම ප්‍රදේශයේ නායක හිමිවරු පිරිසක් චෝදනා කරති. මින් එක් බලපත්‍රයක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ මැදිහත්වීමෙන් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරිඳගේ නමට ලබාගෙන ඇති බව දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් එම නායක හිමිවරු සහ සිවිල් සංවිධාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම හමුවී පැමිණිලි කර ඇත. මේ…
පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන දුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා අද දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය කියයි. ඔහු දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකු ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. ඩුබාහී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී මිදීගම රුවන් නමැත්තා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ මොහුගේ නම ද…
තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු, අපේක්ෂකයන් පස් දෙනකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු 55 දෙනෙක් සමගි ජන බලවේගය සමග පෙරේදා (28දා) එක් වූහ. තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන චන්ද්‍රසිරි දිසානායක සහ ධර්මසිරි තිලකවර්ධන, මෙවර මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාරදුන් දනුශ්ක දුලාජි දිසානායක, එම් මුණසිංහ , චමින්ද ගුණපාල , සෝමසිරි දිසානායක , බී.සී. ගුණපාල යන මහත්වරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී ප්‍රාදේශීය සංවිධායකවරුන් ඇතුළු ක්‍රියාකාරකාරීහු 55 දෙනෙක් අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ සහකාර ලේකම් රෝහණ බණ්ඩාර මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායිකා මල්ලිකා දිසානායක ඉදිරියේ…
කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (29)නිකුත් කළේය. ඉන්දියාවට අයත් යැයි කියන( ARK PRESTIGE)ආක් ප්‍රෙස්ටීජ් නෞකාවේ කපිතාන් ඉන්දීය ජාතික රාජ් දෙව් යාදේව් නමැති අයට මෙම විදෙස් ගමන් තහනම පැනවිය. කොළඹ වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙසත්,තහනම් නියෝගය සම්බන්ධයෙන් කපිතාන්වරයා දැනුවත් කරන ලෙසත් දන්වා සිටියේය. කොළඹ වරාය ඩොක්යාඩ් ජැටියේ නැංගුරම්ලා ඇති ඉන්දිය නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් අදාළ විමර්ශනය මේ…
ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. රට පුරා රෝහල්වල දැඩි වෛද්‍ය හිඟයක් පැවතුණ ද මේ වන විට වෛද්‍යවරුන් 1390 ක කණ්ඩායමක් සීමා වාසික පුහුණුව අවසන් කර ඇතත් ඔවුන්ට පත්වීම් ලබාදීම මාස 8 ක් තිස්සේ ප්‍රමාද වී තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය. පුරප්පාඩු නොමැති බව සඳහන් කරමින් එම නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු නොකරන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය. වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර හයකින් යාවත්කාලීන…
විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතාව විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිතවී ඇතැයි වාර්තාවේ. විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ නායකයන් විවිධ මත පළ කිරීම එම අවිනිශ්චිතතාව මතු වීමට ප්‍රධාන හේතුවක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර සමඟ ජන බලවේගය යෝජනා කළ දින වලින් ආර්ථික කමිටු විවාදයට දෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර ඇත. ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ විවාදය සම්බන්ධීකරණය කරන ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ලිපියක් යොමු කරමිනි. විවාද දෙක අතරින් ආර්ථික විවාදය පළමුව පැවැත්වීමටත්…
උතුරු කොරියාවේ සිට දකුණු කොරියාව දෙසට කුඩා බැලූන සියයකට ආසන්න ගණනක් පා වී ආ බවත්, දකුණු කොරියානු දේශසීමා හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් වාර්තා වේ. දකුණු කොරියානු හමුදාව පවසන්නේ, උතුරු කොරියානුවන්, ඔවුන්ගේ කසල එල්ල, මෙම බැලූන දේශසීමා හරහා දකුණු කොරියාව දෙසට එවන බවය. බැලූන 90කට වැඩි ගණනක් දේශසීමා හරහා පා වී ආ බව ද පැවැසෙයි. ‘කසල බැලූන’ පා වී එද්දී, උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවේ පදිංචි වැසියන්ට දකුණු කොරියානු හමුදාව අනතුරු ඇඟවූයේ දේශසීමාවෙන් ඈත් වී සිටින ලෙසය.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සඳුදා දිනට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි මස 4 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වුණි. ඒ අනුව “අද දෙරණ” කළ විමසීමක දී අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට විභාග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරමින් පවතින බවය. ඊට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටි අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් වු බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය. විභාගයට පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531කි.
මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අතර හමුවක් සිදුව තිබේ. රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ඇති බව වාර්තා වෙයි. මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා තිබේ. ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. මේ අතර පසුගිය දා යුරෝපා කොමිසමේ තානාපතිවරුන්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් ද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු…