Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය. තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මේ වසරේ ජුනි මාසය දක්වා රුපියල් කෝටි කෝටි 7 ක්ද පසුගිය වසරේදී කෝටි පහක්ද මෙසේ උපයාගෙන ඇත. තල් ආශ්‍රිත නිෂ්පාදන මෙරට අලෙවි කිරීමෙන් මේ වසරේදී රුපියල් හයකෝටි පනස් ලක්ෂයක් පමණ උපයාගෙන ඇතැයි පැවසූ සභාපතිවරයා කලින් නිෂ්පාදන ආදායම පැවැතියේ කෝටි තුනක් වශයෙන් බවද ප්‍රකාශ කළේය. තල් ආශ්‍රිත නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේ කැනඩාව නවසීලන්තය ඩූබායි එංගලන්තය වැනි රටවලටය. තවත් රටවල් ගණනාවකට තල්…
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය. මෙට්‍රි ටොන් 7,30,000ක් වන අදාළ තිරිවාන නිධිය කැනීම සඳහා නීත්‍යානුකූලව ලංසු ඉදිරිපත් කර ලබාගත් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 44කට අධික මුදලක් වැයකර තිබියදී පසුගිය රජය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එම ව්‍යාපෘතිය වෙනත් සමාගම් දෙකකට දීමට කටයුතු කර ඇතැයි කියමින් ව්‍යවසායකයකු ගොනු කර තිබු රිට් පෙත්සමක් කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂෙහාන් සොයිසා මහතා අදාළ පොරෝන්දුව දුන්නේය. රිට් පෙත්සම නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළ අතර අදාල පොරොන්දුව එදින තෙක් බලපැවැත්වීමටද නියම කළේය. අභියාචනාධිකරණ විනිසුරුන් වන සෝභිත…
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් රජයට බාර දී නැතැයි වාර්තා වේ. මෙම නිල නිවස ඔහුට පාවිච්චි කිරීම සඳහා ලබා දී තිබුණේ කැබිනට් අනුමැතියකිනි. මෙම නිවස නැවත රජයට ලබා ගැනීමට නම් එම තීන්දුව වෙනස් කරමින් අලුත් කැබිනට් තීන්දුවක් ගතයුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම නිල නිවස නැවත රජයට ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය පසුගියදා එවකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට කැබිනට් පත්‍රිකාව…
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි. පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම X සමාජ ජාල ගිණුමේ පළ කරමින් ඔහු මෙසේ සඳහන් කරයි. වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම්තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිටසිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි ඒ අනුව මහකත්නයේදී කුඹුරු අක්කර ලක්ෂ අටක වී වගාකිරීමට නියමත බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම් .පී එම්.වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සඳහා ප්‍රමාණවත් ජලධාරිතාවක් ඇති බවද හෙතෙම කීය.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තරඟ කරන බව එම පක්ෂය කියයි. මේ අනුව උතුරු නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්ක වලට සහ කොළඹ දිස්ත්‍රික්කයට මෙවර නාමයෝජනා ලබා දීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂය ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක ටි පුෂ්පරාසා මහතා පැවසීය. මහ මැතිවරණය සඳහා අවශ්‍ය නාමයෝජනා සකස් කිරීම මේ දිනවල සිදු කරගෙන යන බවද තම පක්ෂය සන්ධාන ගත වීමක් සිදු නොවන බවද ඒ මහතා කීහ .
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ අද පැවසීය. ඩෙංගු උවදුර මර්දනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ පෙන්වා දුන් කියුබානු තානපතිවරයා ශ්‍රී ලංකාවේ ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා අවශ්‍ය මහජන සෞඛ්‍ය වැඩසටහන් වලට අවශ්‍ය විශේෂඥ දැනුම බෙදා හදා ගැනීම කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා හමුව අද (2) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත්…
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්.විජය කුමාර මහතා පැවසිය. ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස දහයක් තිබුණද මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රි සංඛ්‍යාව නව දෙනෙකි. ඒ සඳහා අපේක්ෂකයින් 12කගෙන් යුත් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ යුතුවේ.
