Author: LANKA24X7

උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාති කාලයේදී තැනින් තැව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

Read More

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විශේෂ විගණනයකදී හෙළිවී ඇත. මේ හේතුවෙන් විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයන් රැසකට එම බලපත්‍ර ලබා ගැනීමට හැකිවී නැතැයි විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා පැවසීය. රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව සමයේදීය. එම බලපත්‍ර වැඩපිළිවෙලේදී තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට බාරදෙනු ලැබීය. එම වාර්තාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විගණන වාර්තාවෙන් රජයට…

Read More

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (22) විමතිය පළ කළේය. මෙම සිද්ධියට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මාස තුනක් තුළ අධිචෝදනා මත නඩු පවරන බවට නීතීපතිවරයා අභියාචනාධිකරණයට පොරොන්දු වී තිබියදී මෙම අධිකරණයේ ඇති නඩු ගොනුව වසා දැමීමට උපදෙස් දී ඇති බව මියගිය රැඳවියන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනක පෙරේරා මහතා හෙළි කළ අවස්ථාවේදී නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ මහෙස්ත්‍රාත්වරයා මෙලෙස විමතිය පළ කළේය. රැඳවියන්ගේ මරණ සිදුකළැයි කියන සිද්ධිය…

Read More

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය. වෙබ් අඩවි නිර්මාණ කරන්නියක ලෙස සේවය කරන තුර්කියේ 27 හැවිරිදි රුමෙයිසා ලොව උසම කාන්තාවට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටින අතර ඇයගේ උස අඩි 7 යි අඟල් 1 කි. ඉන්දියානු නිළියක වන 30 හැවිරිදි ජෝති ලොව මිටිම කාන්තාව වන අතර ඇයගේ උස අඩි 2 යි අඟල් 1 කි. පසුගිය 13 වැනිදාට යෙදී තිබුණු ගිනස් ලෝක වාර්තා දිනයේ විශේෂ අවස්ථා සැමරීම සඳහා ජෝති සහ රුමෙයිසා ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී මෙලෙස මුණ ගැසුණාය. දෙදෙනා රූපලාවන්‍ය සහ තවත් කරුණු ගණනාවක්…

Read More

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කළේය. ඇත් දළ පොළවේ ගෑවෙන තෙක් වර්ධනය වී තිබීම හේතුවෙන් මුතු රාජාට දෛනික කටයුතු කරගෙන යාමට අපහසුතාවයක් මතුව ඇති බවත් එහෙයින් දෛනික කටයුතු පහසු කිරීම සඳහා දළ දෙකේ දිග අඩු කිරීමට මුතු රාජා රඳවා සිටින තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන් යෝජනා කර ඇති බවත් පැවැසෙයි. එසේම දිගින් දිගටම ඇත් දළ වර්ධනය වීම හේතුවෙන් මුතු රජාගේ බෙල්ලට එම බර දරා ගැනීමට අපහසු වනු ඇතැයි පශු වෛද්‍යවරුන්ගේ මතය වී තිබෙන බවද සඳහන් විය. ඇත් දළ දෙකේ…

Read More

තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බව ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගමේ නවතම ප්‍රවණතා වාර්තාවෙන් හෙළි වී ඇත. එසේම තනිව සංචාරය කරන්නන් මෙම වසරේදී සංචාරය කළ ජනප්‍රියතම ගමනාන්ත දහය අතර පළමු ස්ථානයද ශ්‍රී ලංකාවට හිමිව ඇති බව ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම ප්‍රකාශ කළේය. මීට පෙර ලබන වසර සඳහා වන ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට සිව් වෙනි ස්ථානය හිමිව තිබූ අතර නවතම ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන හතරක් ඉදිරියට එමින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලංකාව ඉන්දියාව තරම් විශාල නොමැති වුවත් ඉන්දියාවේ ලබාගත හැකි අත්දැකීම සියල්ලම…

Read More

කලුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයට ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැතැයි සෞඛ්‍ය අංශ චෝදනා කරයි. මෙම තනතුරට විශේෂඥ වෛද්‍යවරියක මිට මාස හයකට පමණ පෙර ස්ථාන මාරුවක් ලැබුණද තවමත් වැඩ බාරගෙන නැතැයි ද සෞඛ්‍ය අංශ චෝදනා කරති.

Read More

කොළොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් නිවාස සංකීර්ණයට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. එමෙන්ම ගින්නෙන් ඇති වූ විස දුම ආග්‍රාහණය වීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු ද රෝහල්ගත කර තිබේ. මේ අතර නිවාස සංකීර්ණයේ ජල සහ විදුලි සැපයුම් අද (22) උදෑසන වනවිටත් යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් අපොහොසත්වීමට විරෝධය පළකරමින් එහි නිවැසියන් විරෝධතාවයකද නිරත විය. Most

Read More

අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මේ සඳහා වන පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී ඔහු වෙත පිළිගන්වනු ලැබීය. කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ගෝමික උඩුගමසූරිය මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි. එමෙන්ම අමෙරිකාවේ මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධියද, ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාද් ආචාර්ය උපාධිය ද හිමි කර ගෙන ඇත. ගෝමික උඩුගමසූරිය මහතා පේටන්ට් බලපත්‍ර රැසකට උරුමකම්…

Read More

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය දෙසැම්බර් මස 2වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය. නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ. නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය හා ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට පත්ව සිටියි. ඔවුන් දෙදෙනා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 18වැනිදා ඉදිරිපත්කරනු ලැබූ අතර, එහිදී දෙදෙනාගේම ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිද අද දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.

Read More