Author: LANKA24X7

පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාසල් අතර අසමානතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ දශක ගණනාවක් තිස්සේ මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර බරපතල ගැටලු රාශියකට මූලික වී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. තරගකාරී අධ්‍යාපන රටාව තුළ පාසල් දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය, ගුරුවරුන් මුහුණ දෙන පීඩනය, විදුහල්පතිවරුන් මුහුණ පාන ගැටලු මේ සියල්ලටම මුලික වී ඇත්තේ…

Read More

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය . ඔහු මෙසේ පැවසුවේ පැල්මඩුල්ල බෝපිටිය ප්‍රදේශයේ ජන හමුවකදීය. නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය “ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ. අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ. හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා. .දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා…

Read More

වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා පිහිටුවීමට ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කළේය . දැනට රටේ වීදුරු බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇත්තේ එකක් පමණක් බවද ඔහු සඳහන් කළේය. වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වන්නේ නම් රජය ඔවුනට අත හිත දීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් රැසකට බරපතල තුවාල සිදු කිරීමේඅපරාධ රැසක පැදිකරු ලෙස කටයුතු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. එම සැකකරු සන්තකේ තිබී අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 12200 ක් පොලිස් භාරයට ගෙන ඇත .2025 .09.29 වෙනිදින තලවතු ගොඩ වැලි පාර හතරවෙනි පටුමගට හැරෙන හන්දිය අසලදී අත්අඩංගුවට ගත් සැකකරු. රැදයුම් නියෝග මත රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අලුත් කඩේ අධිකරණය තුළ විත්ති කූඩුව තුළ වෙඩි පහරකින් මිය ගිය සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ගනේ මුල සංජීව පාර්ශවයේ දැනට ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන. දිනේෂ් වසන්ත නොහොත් නේවි වසා සහ තම්මිට සුමිත් යන අයවලුන්ගේ ගෝලයකු…

Read More

ධීවර යාත්‍රාවකට අකුණු සැර වැදීමෙන් එහි ගමන්ගත් ධීවරයෙකු මියගොස් අනෙක් තවත් ධීවරයකු තුවාල ලබා රෝහලේ ගතකර ඇති බව පොලිසිය සදහන් කරයි . අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන , දියලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී හෙට්ටිආරච්චි දිශාන්ත නමැති 41 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය කීය. ධීවරයින් දෙදෙනා අද උදෑසන එක්දින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි . බෝට්ටුව මුහුදේ ගිලී ඇති අතර,මෘතදේහය ගොඩගෙන තුවාලකරු රෝහල් ගතකර තිබේ.

Read More

හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වර්තමාන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන කොට්ඨාසය එම දේශපාලනඥයන්ගේ බැංකු වාර්තා සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඇතුළු විවිධ වාර්තා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් අප ඊයේ කළ විමසුමකදී ඔහු පැවසුවේ බොහෝ ලියැකියවිලි පරීක්ෂා කිරීමට ඇති හෙයින් මෙම විමර්ශන ඉතා සංකීර්ණවී අැති බවයි. බැංකු ඇතුළු විවිධ අායතනවලින් වාර්තා රැසක් ලබාගෙන ඒවා පරීක්ෂා කිරීමට සහ තහවුරු කර ගැනීමට යම් කාලයක් ගතවන බවද හෙතෙම ප්‍රකාශ කළේය. අයථා ලෙස වත්කම් ඉපයූ බව පැවසෙන දේශපාලනඥයන් සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ගලා එමින් තිබෙන බවත්…

Read More

වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු කරනය සඳහා යොදා ගන්නා එන්නත් කටු රජයේ රෝහල්වල නොමැති වීම හේතුවෙන් ඒවා පෞද්ගලික ඖෂධ සල්වලින් මිලදී ගැනීමට සිදුවීම හේතුවෙන් රුපියල් 100 කට වැනි මුදලකට තිබූ එම එන්නත් කටුවක් රුපියල් 760 ක් වැනි මුදලක් දක්වා ඉහල යාමෙන් රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. රජයේ රෝහල්වලට එම එන්නත් කටු ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් අදාල ආයතනය ප්‍රමිතියෙන් තොර එන්නත් කටු 400,000 ක් ආනයනය කිරීම හේතුවෙන් එම එන්නත් කටු ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවරදී පැවසීය. එම එන්නත් කටු හිඟය හේතුවෙන් අදාල එන්නත් කටු පෞද්ගලික අංශයෙන් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කොටදී…

Read More

දික්වැල්ල නිල්වැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටිය දි දියවැලකට හසුවීමෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු රෝහල් ගත කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මාතර යටියන ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයන් තිදෙනකු ඊයේ පස්වරුවේදී දික්වැල්ල නිල්වැල්ල බ්ලූබීචි දුපත අසල මුහුදේ දිය දිය නාමින් සිට තිබේ, එම අවස්ථාවේදී දිය වැලකට හසුවීමෙන් ඔවුන් තිදෙනා ගසාගෙන ගොස් තිබූ අතර එහිදි ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරා ගැනීමට කටයුතු කොට තිබූ නමුත් එහිදි එක් අයකු මිය ගොස් තිබු බව සදහන් බේරාගත් අනිත් පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හේවා තමදුරගේ නිපුණ තාරක ලක්මාල් නැමති වයස 32 වන අයකු බව…

Read More

පාසලේ පිහිනුම් තටාකයට වැටී තිබූ බෝලය ගන්න පිහිනුම් තටාකයට පැන්න පාසල් සිසුවකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි බතීගම රෝහල් ආරංචි මාර්ග පවසයි. ‍විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී බෝලය අසල තිබූ පිහිනුම් තටාකයට වැටී තිබෙි එම බෝලය ගැනීමට පිහිනුම් තටාකයට පනින ලද සිසුවා දියේ ගිලීම හේතුවෙන් බතිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුර (5 ) දින පස්වරු 6:30 පමන සිදුව ඇති බව සදහන් වන අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන වයස 17 පමන වන සේජාන් විස්මිත සචින්ත දේශප්‍රිය ඉල්ලන්නාථ නැමති දික්වැල්ල දොඩම්පහළ ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකු…

Read More

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි හිමිනමක විශ්වවිද්‍යාලයේ නේවාසිකාගරයක දෙවන මහලින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය අපවත් වී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අවසනාවන්ත ලෙස අපවත් වී ඇත්තේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිව සිටි දෙහිඅත්තකණ්ඩියේ සුමංගල නැමැති 24 හැවිරිදි හිමිනමකි. උන්වහන්සේ ඉකුත් 26 දින අලුයම 2.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයේ දෙවන මහලින් ඇද වැටීමෙන් පසු සිසුන් විසින් ම විශ්වවිද්‍යාලයට බාහිරින් ගෙන්වාගෙන ඇති ත්‍රීරෝද රථයකින් හෝමාගම රෝහලට ඇතුළත් කීරීමට උත්සාහය කොට පසුව එම ත්‍රීරෝද රථයයෙන්ම කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන්…

Read More