Author: LANKA24X7

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් රුසියානු මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබේ. මානුෂීය ආධාර ටොන් 35ක් රැගත් ගුවන් යානයක් මෙලෙස ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ශ්‍රී ලංකා තානාපති ෂෝබිනි ගුණසේකර අද අලුයම වාර්තා කර ඇත. 2004 වසරේ ඇතිවූ සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ස්වාභාවික විපත වූ “දිට්වා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පුද්ගලයින් 639 දෙනෙකු මිය ගිය අතර ජනගහනයෙන් 10%කට පමණ බලපෑම් එල්ලවී තිබේ.

Read More

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) සවස් කාලයේ ඇතිවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට කටාන පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයෙකි. මියගිය තරුණයා අදාළ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර එහි එළිමහන් මඩුවක් තුළදී මෙම පිපිරීම සිදුවී ඇති බවට මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කිරීමට කටයුතු කළ ද සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී සිට ඇතැයි ද වාර්තා වේ. නායයෑමක් සිදුවුවත් එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

Read More

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය සිදුවන්නේ තනි මාර්ගයේ බැවින් මෙම ප්‍රමාදය සිදුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුජ්ජොමුව දුමිරිය ස්ථානය අසන්නයේ පිහිටි පැරණි බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානයට සීමා වී තිබුණි. කේසේවෙතත් කැඩීගිය එම බෝක්කුව ඊයේ පස්වරුව වනවිට යථාතත්වයට පත්කිරීමෙන් අනතුරුව අද සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර අද අලුයම සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව රඹුක්කන,…

Read More

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (10) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව…

Read More

තෙවන පාසල් වාරයේ 2වන අදියර සඳහා එළඹෙන දෙසැම්බර් 16 වනදා ආරම්භ කෙරෙන පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අද (09) නිල වශයෙන් දැනුම්දීමක් සිදු කළේය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඒ අනුව දෙසැම්බර් 16 වනදා බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වල සියලු පාසල් විවෘත කිරීමට නියමිතව තිබේ. ඒ අනුව මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව වන 10,076ක් අතරින් පාසල් 9,929ක් එදිනට විවෘත කෙරේ. කෙසේවෙතත් විවෘත කිරීමට නොහැකි පාසල් 147ක් පළාත් 3කට අයත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය. ඌව පළාතේ වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක්, බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් පාසල්…

Read More

ඉදිරි පැය 36 සදහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (09) ප.ව. 4.00ට නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව උතුරු, උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. උතුරු,…

Read More

වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ යතුරුපැදි පමණක් 223,423ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය. ඉන් පසුව මෝටර් රථ 55,338ක් ද, ත්‍රීරෝද රථ 13,850ක්ද, මෙම කාණ්ඩ සියල්ලම ආවරණය වන පරිදි විද්‍යුත් වාහන 35,268ක්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. මෙම වාහන ආනයනය කිරීමත් සමග මෙම වසරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ආදායම් ඉලක්ක සපුරාගෙන ඇතැයිද පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ දෙපාර්තමේන්තුවට මෙම වසරේ ඉලක්කය ලෙස රුපියල් බිලියන…

Read More

ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක පවතින ජල මට්ටම් තවදුරටත් අඩු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව, රාජාංගන, දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, වෙහෙරගල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයේද මේ වන විට ජල මට්ටම් අඩු කිරීම සඳහා ජලය නිදහස් කරමින් පවතින බවය. කෙසේ නමුත් මෙම නිදහස් කරන ජල ප්‍රමාණයෙන් මගින් එහි පහළ ප්‍රදේශ සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බවත් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය. මේ වන විට ලබා දී ඇති පුරෝකථනයන් අනුව…

Read More

පානදුර දකුණ පොලිස් වසමේ වලාන පාර ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (08) රාත්‍රී කාලයේ පහරදීමක් හේතුවෙන් අදාළ තරුණයා තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මුදල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. මියගිය තරුණයා අවුරුදු 29ක් වූ තුඩැල්ල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය. මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වයස අවුරුදු 54ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. පානදුර දකුණ…

Read More