Author: LANKA24X7

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන් වේ. සියලු පළාත් ආවරණය වන පරිදි පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා සිට මහජන අදහස් ලබාගැනීම ආරම්භ වු අතර අද අවසන් සැසිය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මඟින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් අවසන් තීරණය මේ මස දෙවන සතියේ දී ප්‍රකාශය කිරීමට නියමිත බවය.

Read More

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආචාර්ය ධර්ම ඉහල නැංවීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි. එහි එක් පුහුණු වැඩසටහනක් කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේදී අද (8) දවස පුරා පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය කියයි.

Read More

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 39401 ක් වාර්තාවී ඇතැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය ලංකාදිපයට පැවසුවාය. ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මේ වසර තුළ මියගොස් ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය. ඔක්තෝම්බර් මාසයේ මේ දක්වා ඩෙංගු රෝගින් 431 ක් වාර්තා වී තිබේ. සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පලාතෙන් වාර්ථා වී ඇතැයිද ඇය පැවසුවාය.

Read More

කොළඹ වරායෙන් බහාලුම් 323 ක් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි සඳහන් යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු කාර්යාලයේදී ඊයේ (7) බාර දෙනු ලැබීය. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මදුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කවින්ද ජයවර්ධන හර්ෂණ රාජකරුණා ජේ.සි අලවතුවල සහ ඩී.වී චානක යන මහත්වරු සහභාගි වූහ. ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය බහාලුම් නිදහස් කිරීමේ අක්‍රමික ස්වරූපය සැලකිල්ලට ගනිමින් මෙම බහාලුම්වල අන්තර්ගතය පිළිබඳව තමන් හට වගකීම බාරගත නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැවින්ද එම බහාලුම්වලින් මත්ද්‍රව්‍ය ආයුධ හෝ වෙනත්…

Read More

ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (07) සිය සහතිකය සටහන් කළේය. ඊයේ පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා ක්‍රීඩාවල යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, ඡන්ද විමසීමකින් තොරව එම පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.09.12 දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පනත ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය, අන්තර්ජාතික නීතිය සමඟ යාවත්කාලීන කිරීම සඳහා 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති…

Read More

කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දුන්නේය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශ වලින් කොටසක් මෙලෙස භාණ්ඩාගාරයට භාරදී ඇත. කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට නිල වශයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම භාරදීම සිදුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුවේ සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (7)හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය මුදල් යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරමින් රටේ ඉදිරි ගමනට සහාය ලබා දෙන බව…

Read More

උතුරු සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමන පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදිත් තැනින් තැන වැසි ඇති වේ. උතුරු,උතුරු මැද නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

මෙරට සිටින චීන ප්‍රජාව සහ චීනයේ සිටින පිරිසක් එක්ව රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සෙනාසනයට පිරිනමා තිබේ. පසුගිය දා සිදු වූ අවාසනාවන්ත අනතුරින් භාවනායෝගී භික්ෂූන් වහන්සේලා සත්නමක් අපවත්වීම හේතුවෙන් සෙනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට මෙම මුල්‍ය පරිත්‍යාගය ලබාදී ඇති බව සඳහන්වේ. මෙම කණගාටුදායක සිදුවීම මෙරට සිටින චීන මාධ්‍යවේදිනී යෑං ෂියුවාන් මහත්මිය සිය චීන භාෂා අන්තර්ජාල පුවත් වෙබි අඩවියේ වාර්තා කර ඇති අතර එම පුවත දුටු ශ්‍රී ලංකාවේ සහ චීනයේ පදිංචි චීන ප්‍රජාවේ බොහෝ දෙනා එම පුවතින් කම්පාවට පත්ව ඇත. පසුව ඇයව සම්බන්ධ කරගනිමින් සෙනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට මුල්‍ය…

Read More

දඹුල්ල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගැවීමෙන් පාසල් සිසු සිසුවියන් හත්දෙනෙකු රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කළ සිසුන් අතර පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන්ව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. දඹුල්ල සහකාර පොලිස් අධිකාරි එම්. එස්. කේ. වික්‍රමනායක මහතා සහ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සිද්ධිය වාර්තා වීමත් සමඟ සිසු දරු දැරියන් පිළිබඳව සොයා බැලීම සඳහා රෝහලට ගොස් තිබුණි. සහකාර ‍පොලිස් අධිකාරියේ එම්. එස්. කේ වික්‍රමනායක මහතා සඳහන් කළේ, විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙසේ රෝහල්ගත කොට තිබෙන බවත් විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන්…

Read More