Author: LANKA24X7

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හා බෙලිඅත්ත අතර කිලෝ මිටර 140 කණුව ආසන්නයේ දොරගුළුලා අත්හැර ගොස් තිබූ සැකකටයුතු අති සුඛෝභෝගී මෝටර්රථයක් සිය භාරයට ගෙන තිහගොඩ පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය කියයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සිදුකරන ලද දැනුම් දීමකට අනුව අපරැක්ක අධිවේගී මාර්ගරථවාහන පොලිසියේ නිලධාරීන් මෙම මෝටර් රථය සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා තිහගොඩ පොලිසිය වෙත භාර දී තිබිණි එම මෝටර් රථය තුළ තිබූ ටිකට් පතින් එය දොඩංගොඩ පිවිසුමෙන් ඇතුළු වී මත්තල දෙසට පැමිණ ඇති එකක් බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි එහි ලියාපදිංචි අංකය අනුව සිදුකළ මූලික විමර්ශනවලදී එම ලියාපදිංචි අංකයටම රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකුට මෝටර් රථයක් තිබෙන…

Read More

පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.057 සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබී ඇති බවත් එය මෙරට ආයෝජන කේෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 2024 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට සෘජු විදෙස් ආයෝජන සියයට 72 කින් වර්ධනය වී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ. ආයෝජකයන් අතර නැවත ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසය ගොඩ නැගෙමින් පවතින බවට මෙය කදිම උදාහරණයක් යැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැවැසුවේය. වැඩිම ආයෝජන ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත්තේ නිෂ්පාදන අංශය සඳහා වන අතර එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 481 ක් ආයෝජන ලෙස මෙරටට ලැබී ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 46 කි. දෙවැනි ස්ථානයට…

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇත. පාර්ලිමේන්තුවේදී පසුගිය (23) පස්වරුවේ රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව මෙම තීන්දුව ගෙන ඇත. කතානායක, සභානායක, විපක්ෂනායක, මුදල් අමාත්‍ය හෝ ඔහුගේ නියෝජිත සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මෙම උපදේශක සභාවේ නිල නියෝජිතයෝ වෙති ඊයේ පැවති රැස්වීමට කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂනායක වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, මුදල් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සහභාගි වී ඇත. චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර…

Read More

සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටු දැකිම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් නව රජය හඳුන්වා දී ඇති ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වන අතර එම සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ප්‍රජාශක්ති ජාතික වැඩසටහන පිළිබඳව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සේවය කරනු ලබන නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් සහ සහකාර ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී පැවති වැඩසටහනේදී මේ බව සඳහන් කෙරිණි. මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යනු නව රජය…

Read More

අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදන නිවේදන නිකුත් කර තිබූ , සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනූක ඉන්දියාවේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ . 34 හැවිරිදි මොහු කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කෙසෙල්වත්ත , කොටහේන සහ මට්ටක්කුලිය යන ප්‍රදේශ වල මනුෂ්‍ය ඝාතන රැසක් සිදු කර ඇති අතර ගිනි අවි සහ අත් බෝම්බ ළග තබා ගෙන සිටීම මෙන්ම කොළඹ ප්‍රදේශයේ මංකොල්ලකෑම් රාශියක් ද සිදු කර ඇති පුද්ගයෙකි . මොහු දැඩි ආරක්ෂාවක් යටතේ ඊයේ (24)…

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දි තිදෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් ඊයේ (24) සවස උඩුකුරුව පෙරළී යාමෙන් කාන්තාවක් මිය ගොස් තවත් දෙදෙනකු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි අනතුරින් මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවකි තුවාල ලද දෙදෙනා වයස අවුරුදු 30/36 පසුවන පිරිමි පුද්ගලයකු සහ කාන්තාවකි කොළඹ සිට මත්තල දෙසට මෝටර් රථය ධාවනය වීමේ බද්දේගම සහ පින්න දූව අතර කිලෝමිටර් 89 දශම 6 ප්‍රදේශයේදී වම්පස ආරක්ෂිත වැටේ ගැටි පෙරළි යාමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත තුවාල ලැබූවන් ගාල්ල කරා පිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එයින් එක් අයෙකුගේ තත්වය බරපතළ බව රෝහල්…

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන්‍ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම් සහිත පවතී.

Read More

බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට සහ ගරුබුහුමන් දැක්වීමට සැදෑඇති බෞද්ධයකුට අවස්ථාවක් ලැබේ නම් එය ජීවිතයේ අතිශයින්ම වැඳගත් මෙන්ම භාග්‍යවන්ත අවස්ථාවක් ලෙස සළකන බවත් එවැනි භාග්‍යවන්ත අවස්ථාවක් ශ්‍රී ලාංකික බෞද්ධයන්ට එළඹෙන පෙරවාරි මස 4 වැනිදා සිට 11 වැනිදා දක්වා උදාවන බවත් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමීන්වහන්සේ ඊයේ (23) පැවසූහ. දඹදිව දෙව්නිමෝරී පුදබිමෙන් වැඩම කරනවන ශ්‍රී සර්වඥ ධාතූ ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (23) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමීන්වහන්සේ එසේ පැවසූහ. ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ සර්වඥ ධාතූ වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ තැන්පත් කර ඇති…

Read More

එල්ලුවත්, මැරුවත්, වෙඩි තිව්වත්, මොනවා කළත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව දෙන තොරතුරු අප පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. “චාමර සම්පත්ට අධි චෝදනා දුන්නා කියලා නිව්ස් එකක් ගිහින් තියෙනවා. ඒක නිව්ස් එකක් නෙවෙයි.එල්ලුම් ගහ ගෙනල්ලා චාමර සම්පත් අහවල් දවසේ එල්ලනවා කිව්වොත් ඔන්න ඒක නම් නිව්ස් එකක්. අපි ඒකට සූදානම්.එල්ලුවත්, මැරුවත්, වෙඩි තිව්වත්, මොනවා කළත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව දෙන තොරතුරු අප පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනවා.ඒ වගේම ජනතාවට විරුද්ධ මේ ආණ්ඩුවේ හැම තොරතුරක්ම අප පාර්ලිමේන්තුවේදී නොබියව කියනවා. හිරේ නොවේ මොකේ දැම්මත් අපි ඒවට මුහුණ දෙන්න සූදානම් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් එහි අවසන් අදියරට ලඟා වෙමින් පවතින බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. රටේ අනාගත විදුලිබල අවශ්‍යතාවන් හා අරමුණු ඉෂ්ඨ කරගැනීම පෙරදැරි එම ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් විදුලිබල ක්ෂේත්‍රයට අදාළ සියලුම වර්ගයේ පාර්ශවකරුවන් සහ කොටස්කරුවන් සමග පුළුල් සාකච්ඡාවක් කළ බවත් එම මන්ඩලය කියයි. විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සහ වෘත්තීය සමිති සමග ඔවුන්ගේ ගැටළු, ඉල්ලීම් හා සුබ සාධනයට අදාල සියලුම කටයුතු ඉතා හොඳ සාකච්ඡාවකින් පසු ඉටු කළ හැකි සියලුම ඉල්ලීම් ඉටුකරමින් මේ ක්‍රියාවලිය නොනවත්වා ඉදිරියට ගෙන යාමට මෙතෙක් කටයුතු කළ බව ද එම නිවේදනයේ සඳහන් වේ. විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුව ජාතික…

Read More