Author: LANKA24X7

නල්ලතන්නිය මස්කෙළිය සමාගමට අයත්, ලක්ෂපාන වත්තේ තේ කර්මාන්ත ශාලාවේ අද (09) අලුයම හට ගත්ත හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ විශාල ප්‍රමාණයක් දැවී විනාශයට පත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. අද අලුයම හටගත් මෙම ගින්න නිවා දැමීමට නල්ලතන්නිය පොලිසිය, මවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම වතුයායේ කම්කරුවන් සමග එක්ව මහත් පරිශ්‍රමයක් දැරිය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් නල්ලතන්නිය ලිසිය පවසයි.

Read More

මිරිහාන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 5 හැවිරිදි සිසුවකු පිහිනුම් පුහුණුවීම් කරමින් සිටියදී දියේ ගිලීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මිරිහාන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි නෙතුර වික්‍රම හේරත් නැමැති සිසුවෙකි. එම ජාත්‍යන්තර පාසලේ ගුරුවරුන් සමඟ පාසල් දරුවන් 30 දෙනකු පමණ එම පිහිනුම් පුහුණුවීම් සඳහා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි එම පිහිනුම් තටාකයට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරුව පුහුණුකරුවන්ගේ මග පෙන්වීම යටතේ සිසුන් එම පිහිනුම් තටාකයේ පුහුණුවීම් සිදුකරමින් සිටියදී මෙම සිසුවා දියේ ගිලී ඇති අතර අනතුරුව දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව…

Read More

ලෝක තැපැල් දිනය යෙදී තිබෙන ඊයේ (09) දිනයේ සියලු තැපැල් සේවකයකයන් කළු පටි පැළඳ රාජකාරියට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසීය. අතිකාල දීමනා වංචාකාරී ලෙස ලබා ගන්නා බවට තැපැල්පතිවරයා සිදු කළ ප්‍රකාශය හරහා තැපැල් සේවකයන්ගේ තනතුරේ ගරුත්වය කෙළසීමට කටයුතු කළ බවත්, ඒ අනුව කළු පටි පැළඳීමේ ක්‍රියාවලිය සිදු කරන බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය. එමෙන්ම තැපැල්පතිවරයාගේ එම ප්‍රකාශයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසීය. කෝටි ගණනක මුදලක් අතිකාල දීමනා ලෙස සේවකයන් ඇඟිලි සලකුණ තැබීමෙන් තොරව ලබාගෙන ඇති බවට තැපැල්පති රුවන් සත්කුමාර මහතා…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(09) පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර පළාත ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිවන අතර , ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

අපරාධ රැසකට සම්බන්ධ හිටපු හමුදා සෙබළුකු වන ” කළුතර බෝම්බුවල පුස් කොටා” නමැත්තා මෙහෙයවන යතුරුපැදි සොර කල්ලියකට අයත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 11 කු රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා යතුරු පැදී සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. අත්අඩංගුවට පත්වූවන් අතර යතුරුපැදි කාර්මිකයන් දෙදෙනෙක්, යතුරුපැදි අලෙවිකරුවන් දෙදෙනෙක් වන බව පොලිසිය කියයි. එම සැකකරුවන් සොරා ගෙන තිබූ යතුරුපැදි 11 ක් කොටස් කරන ලද යතුරුපැදියක් මෙන්ම සොරකමට යොදාගත් ත්‍රීරෝද රථයක්ද ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10300 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Read More

මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2026-01-01 දින සිට 2026-04-30 දින දක්වා මාස හතරක කාලයක් සඳහා මර්බන් වර්ගයේ බොරතෙල් නැව් තොග 04 ක් මිල දී ගැනීම සඳහා, ගබඩා ගත ටැංකි වලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30 කින් ගෙවීමේ ක්‍රමවේදය යන විකල්ප දෙක යටතේ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත්ව ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ ලංසු ඇගයීමෙන් අනතුරුව කරනු…

Read More

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ගොනුකර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකළේය. මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. ඉකුත් රාජයේ සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂි ඇප ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්‍යාලය ඉදිරිපිටදී උදෑසන විරෝධතාවක් දක්වනු ලැබීය .” සමරිසි අපට එපා.” “මන්ත්‍රි දීමනා ගන්නෑ කියා ඇල්පිටිය ජනතාව මුලා කළේ ඇයි .” පාසල් පද්ධතිය වලපල්ලට දානවද?කොණ්ඩම් දරුවන් හට ” යනුවෙන් ලියූ පුවරු ඔවුන් ප්‍රදර්ශනය කළාය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද පෙරවරුවේ ආරම්භවූ අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් සභාව ඉදිපිට සිට විරෝධතා දැක්වූ අතර පසුව එම පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සභාවට ඇතුළු වූහ . සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සභාපති වරයා විසින් කරගෙන යනු ලැබීය .

Read More

බස් රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානයේ බඳවා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. අමාත්‍යවරයා මේ බව කීවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා වන විවාදය අරඹමිනි. කාන්තා රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානය වන විට බඳවා ගන්නවා. ඒ වගේම මෙට්රෝ බස් සේවය අප පටන් ගන්නවා.බස් ටිකට් එකෙන් මාටියා ගැසීම ප්‍රසිද්ධ දෙයක්.ඒ නිසා කාඩ් ගෙවීම් ක්‍රමයක් හැදීමේ ඉල්ලීම තිබුනා.නොවැම්බර් 30 වන විට දැනට තිබෙන බස් ටිකට් මැෂින් වලින් බැංකු කාඩ් මගින් ගෙවීම් කරන්නට පහසුකම් ලබා දෙනවා.තවමත් පොදු මගී ප්‍රවාහනය තියෙන්නේ නරක තත්ත්වයේ.එය විසඳන්න සැමගේ උදව්ව…

Read More

පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙනෙකු කිසිදු හේතුවක් නැතුව මාරු කර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කිසිදු වැඩපිළිවෙලක් නැතුව මාරු කර ඇතැයි ඔහු කීවේය. පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීමේ තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවට බව කී මන්ත්‍රීවරයා මොකක්ද මේ අද කරන්නේ යයිද විමසා සිටියේය. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාවට යොමු කරමු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා: පොලිසියේ මාරුවීම් එක් අතකට අද පැවරිලා. පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් කරගන්න බැහැ. පඹේක් කරගන්න බැහැ. පොලිස් කොමිසම සතු බලතල පොලිස්පතිවරයාට පැවරීම ගැන විපක්ෂයේ…

Read More