Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි’ ලෙස ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව අසත්‍ය වීඩියෝවක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනතාව තම නිවස ඉදිරිපිට පිරිසිදුව තබා ගන්නා ආකාරය ඇතුළු තවත් කරුණු රැසක් මෙම වීඩියෝවෙන් ප්‍රචාරය කරන බවත් එසේ ක්‍රියා නොකරන පුද්ගලයන්ට එරෙහිව මේ මස 15 වැනිදායින් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම වීඩියෝවේ සඳහන්ව ඇති බවත් පොලිස් පහත කොට්ඨාසය පවසයි. ශ්‍රී ලංකා පොලිසිය එවැනි හඬ පටයක් නිකුත් කර නොමැති බව කියන පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම හඩ පටයක් නිකුත් කර පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක…
කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28කට වැඩි රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ත් 45 ත් වියේ පසු වන තිදෙනෙකි. සැකකරුවන් යාත්‍රා කළ ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත. සැකකරුවන් මෙම රත්තරන් තොගය ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කර ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති. අත්අඩංගුවට ගත් රත්තරන් තොගය සහ සැකකරුවන් රේගුවට බාර දීමට නියමිතව ඇත.
දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් ඊයේ (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි. මේ සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වී තිබුණි. මෙම සාකච්ඡාවේදී ප්‍රවේශ පත්‍ර කවුළුවල දිගු පෝලිම්, ප්‍රථමාධාර ස්ථාන නොමැතිකම, ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති වීම සහ බඹර ප්‍රහාරයක දී ආරක්ෂාවීම ආදී කරුණු 15ක් සාකච්ඡා වී තිබේ. මෙහිදී අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා පැවසුවේ දෙසැම්බර් මස අන්තිම සතිය වන විට දිනකට 11,000කට අධික සංචාරකයින් ප්‍රමාණයක් දිවයිනට…
විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමග ජනවාරි 02 වැනිදා පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මතු කළ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටළු පිලිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය. විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ අධ්‍යාපනයට බලපාන සියලූ පුරප්පාඩු පිලිබඳ සොයා බලා අවශ්‍ය පරිදි ඒවා සම්පූර්ණ කළ යුතු බවත්, පසුගිය වසර වල උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රතිපාදන නිසි පරිදි භාවිතයට ගෙන නැහැ ඒ නිසා වාර්ෂික ඇස්තමේන්තු සැකසීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් මෙහිදී…
ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර,සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකියි. උතුරු නැගෙනහිර, උතුරු – මැදි සහ වයඹ පළාත්වලත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තරමක තද සුළං ඇති වේ.
වැලිගම මානවියා ප්‍රදේශයේ දී අද සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත. මාතර බන්ධනාගාරයේ ගසක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයාගේ මරණ ගෙදර ගොස් ආපසු යමින් සිටි දෙදෙනකුට මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.
චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවත්ය. එසේ වුවත්, රටවල් රැසක් මේ වනවිට ඔවුන්ගේ වැසියන්ට දන්වා ඇත්තේ චීනයට යෑමෙන් වැළැකී සිටින ලෙසය. මේ සම්බන්ධයෙන් චීන රජය පැහැදිලි කර ඇත්තේ, චීන වැසියන් ගැනත් චීනයට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය ගැනත් සහතිකයක් දීමට හැකි බවත්, චීනයේ සංචාරය කිරීම අවදානමක් නොවන බවත්ය. චීනයේ පැතිර යමින් පවතින්නේ Human Metapneumovirus – HMPV – නමැති වයිරසයයි. මෙය ස්වසන අපහසුතා ඇති කරන උණ හෙම්බිරිස්සාවකි. ‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීනයේ වයිරසයක් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් මේවනවිට මුළු ලොවට දැඩි අවදානයෙන් පසුවන බව…
පසුගිය 2012 වසරේදි “දැයට කිරුළ” වැඩ සටහනට සමගාමිව මහවිලච්චිය , ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති ගබඩා සංකීර්ණය නිරික්ෂණය කිරිම සඳහා වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් එහි ගියහ. එළඹෙන මහ කන්නය ආරම්භ වීමත් සමඟ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට සහ සහල් වෙළඳපොළට ලබාදීම සදහා රජය සතුව විධිමත් වැඩපිලිවෙලක් පවතින බැවින් , රජය සතු වී ගබඩා පරීක්ෂා කර ඒවායෙහි අලුත්වැඩියා කටයුතු සිදුකිරිමෙන් පසුව වී ගබඩා කිරිමට යොදාගැනිමේ හැකියාව පිලිබදව අමාත්‍යවරයා මෙහිදි සොයා බැලිය. වී සඳහා සහතික මිලක් ලබාදීම මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් මීල දී ගැනීමට සැලැස්වීම රජයේ අරමුණ බව මෙහිද අමාත්‍යවරයා පැවසිය.…
ගොවී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ව්‍යාජ ලෙස පවත්වාගෙන ගියා යැයි කියන සංවිධානයක මුවාවෙන් , හිටපු ඇමතිවරයකු සහ නිලධාරීන් දෙදෙනකු රුපියල් මිලියන හතරකට ආසන්න මුදලක් මිහින්තලේ ගොවිජන බැංකුවෙන් අවභාවිතා කර ඇති බව ගොවි සංවිධාන ලේකම්වරයකු සංදේශයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් කළේය. මෙලෙස මුදල් අවභාවිතා කළේ යැයි කියනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයකු ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිවරයකු සහ මිහින්තලේ ගොවිජන සේවා කාර්යාලයේ ලිපි කාරණීයක වන බව සංදේශයේ සඳහන් වේ. මෙලෙස මිහින්තලේ සංවර්ධන සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කර සිටිනුයේ මිහින්තලේ බෝගහයාය, ගොවි සංවිධානයේ ලේකම් එමි.කේ.පද්මසිරි නමැත්තෙකි
ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ ඉලිබ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි නිවස පසුගිය (2) රාත්‍රී සොරු බිඳ ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි පැමිණි සොරුන් රුපියල් 25000ක මුදලක් රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් පසුගිය (2) සවස සිට එම නිවසේ සිට නැති අතර ඊයේ (3) පෙරවරුවේ පැමිණෙන විට නිවසේ කාමරයේ රෙදිපිලි ඇද දමා අල්මාරිය විවෘතව තබා තිබෙන අයුරු දැක විමසිලිමත් වීමේදී මුළුතැන්ගෙහි දොර සහ ජනේලයක් විවෘතව තිබෙන අයුරු වැඩිදුරටත් දැක තිබූ බව පැමිණිල්ලේ සඳහන්ය අල්මාරිය තුළ රෙදි පිළි අතර තිබූ මුදල් මෙලෙස රැගෙන…
