Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉංගිරියේ අවට ප්‍රදේශ කිහිපයකට දින 4ක් මුළුල්ලේ විදුලි සැපයුම ඇණ හිටීමෙන් ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි. ඔවුන් පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩල සේවකයන් අකාර්යක්ෂම ලෙස කටයුතු කරමින් සිටින බවය. ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයට හමාගිය සුළඟකින් ගස් කිහිපයක් කඩා වැටී අධිබලැති විදුලි රැහැන් කණු 3ක් බිඳවැටී ඇත්තේ පසුගිය මාර්තු 22 වනදා පස්වරුවේදීය. මේ හේතුවෙන් ඉංගිරියේ සිට කොළඹ දක්වා ඇති හඳපාන්ගොඩ, මහා ඉංගිරිය, රයිගම්වත්ත, ඉමගිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට දින 4ක් මුළුල්ලේ විදුලිය ඇණ හිට තිබේ. ඉන් ප්‍රදේශවාසීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය. විදුලි පෑස්සුම් කර්මාන්තය ජීවනෝපාය කරගත් බොහෝ දෙනෙකු මෙම ප්‍රදේශවල ජීවත්වන අතර ඔවුන්ට උදාවී ඇත්තේ සිය ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකි.…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ලියාපදිංචි වී රේගුවට නිසි බදු මුදල් නොගෙවා මෙරටට ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන 19 ක් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා රේගු භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (25) අල්ලස් කොමිසමට නියම කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ලියාපදිංචි කර රේගුවට ගෙවිය යුතු නියමිත බදු වටිනාකම නොගෙවා රජයට පාඩු සිදු කරමින් මෙරටට ආනයනය කරන…
පියැසි මත සවිකරන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේ දී පියැසි මත සවිකරනු ලබන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මිල ගණන් සංශෝධනය කර ඇති අතර උත්පාදනය කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණයට අනුව එම මිල ගණන් වෙනස් කිරීමට යෝජනා කර තිබේ. මේ වන විට විදුලි ඒකකයක් සඳහා රුපියල් 27ක මුදලක් ගෙවනු ලබන අතර නව සංශෝධනයත් සමග එය රුපියල් 19 දක්වා අඩු කිරීමට නියමිතය. කිලෝවොට් 20ට අඩු උත්පාදනය…
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගන්දර පොලිස් වසමේදීය. වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි තබා අනර්ථය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය හා මතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය. පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බව අමාත්‍යවරයා කියා සිටියේය.
පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත. ඊයේ (23) රාත්‍රියේ පවත්වා ඇති මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බව පොලීසිය පවසයි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එහි රැඳී සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකුද සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. තවද මෙම සාදය පැවැත්වූ හෝටලයේ හිමිකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K – 8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි. ඒ, පසුගිය සිකුරාදා (21) K – 8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරට ලක්වීමත් සමගයි. චීනයේ නිෂ්පාදිත K – 8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය. එහිදී අවශ්‍යතාවක් මතුවුවහොත්, විදෙස් පරීක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද, ඔහු පැවසීය. අදාළ ගුවන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරන්නේ, සත් පුද්ගල කමිටුවකිනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ වෙලගෙදර…
කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් විසින් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සිදුකර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බවත් පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම මෙම සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවය.
බොරැල්ල පොලිස් වසමේ ඕවල් ක්‍රිඩාංගණය අසල දී ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතය. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී T-56 ජීව පතොරම් 07ක් සහ LMG පතොරම් 01ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මේ අතර ගෝමරන්කඩවල, කජුවත්ත ප්‍රදේශයේදී ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි. එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 23 ක්…
අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමෙන් පසු ,සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ජනාධිපතිවරයා කිවේය . පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින්ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය . එමෙන්ම දෙමසක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්යය බලාගාරයක්ද , මන්නාරමේ නව සුළං බලයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙගාවොට් 50ක බලාගාරයක්ද ආරම්භ කරන බව ඔජනාධිපතිවරයා වැඩි දුරටත් කීවේය
