Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි. වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල පාසල ආසන්නයේ නිවසකදී ඊයේ 18 වැනිදා සවස 5.30 6.00 අතර මෙම ඝාතනය සිදුවී ඇති බව දැනට වාර්ථාවේ. වෙන්නප්පුව – වයික්කාල,පාසල අසල පදිංචිව සිටි විමල්කා තුෂාරි (අවු:19) නම්වූ තරුණියක් මෙම සිද්ධියෙන් මිය ගොස් තිබේ. මාරවිල – වීරහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු සමග මිය ගොස් ඇති තරුණිය වසර 1 ½ ක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර , මෙම සම්බන්ධතාවය නවත්වා දමමු යැයි පෙම්වතිය විසින් පෙම්වතාට යෝජනා කර ඇත.එම යෝජනාව සම්බන්ධයෙන්…
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කළේය. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති පුටින් අතර මෙම දුරකතන කතාබහ පැය 2 කට ආසන්න කාලයක් තිස්සේ පැවැත් වුණු බව ධවල මන්දිරයත්, ක්‍රෙම්ලීනයත් තහවුරු කර ඇත. දුරකතන කතාබහ අවසන් වුණු සැණින් යුක්රේනයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම වහාම නවත්වන්නැයි ජනාධිපති පුටින් රුසියන් හමුදාවට දැනුම් දුන් බව ද විදෙස් මාධ්‍ය පවසයි. රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමේ අරමුණින් ඇමෙරිකාව මැදිහත් වි සකස් කළ සාම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනය යෝජනා කළ…
ඇමෙරිකානු ඩොලර් බිලියන 1 වටිනාකමකින් යුත් මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවතත් ලබා ගැනීමට අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කළේය. පසුගිය පෙබරවාරි මස 13 වැනිදා ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළත් අදානි සමූහය මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නොමැති බව “ද හින්දු” පුවත්පත සඳහන් කළේය. ඉවත්වන බව දැනුම් දුන්නත් ඒකකයකට ගෙවනු ලබන මිල පිළිබඳ දෙපාර්ශ්වයට එකඟතාවයකට පැමිණි හැකි වෙතැයි අදානි සමූහය බලාපරොත්තු තබාගෙන සිට ඇතැයි එම පුවත්පත වාර්තා…
මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවන් මේ වන විට මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. ඒ අතරින් බරපතළ තත්වයේ පසුවූ තුවාලකරුවන් සිව් දෙනකු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. අනතුර සිදුවූ ආකාරය සම්බන්ධ මෙතෙක් තොරතුරු කිසිත් මෙතෙක් හෙළි වී නැත
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වේ.
පැල්මඩුල්ල, මීගහගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු කිසියම් පුද්ගලයකු නිවසේ තිබූ රන් බඩු සහ මුදල් කොල්ලකා නිවසේ සිටි උපතින්ම ආබාධිත පුද්ගලයකු ඝාතනය කර නිවසේ ගේට්ටුව අසල ගැට ගසා පලා ගොස් ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ පැල්මඩුල්ල මීගහ ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.ආර්. වසන්ත කුඩා රාළගේ නැමැති 58 හැවිරිදි පුද්ගලයෙකි. 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව පැල්මඩුල්ල පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කලහ. එහිදී නිවසේ තිබූ රන් අත් පළඳනාවක්, රන්මුද්දක්, රන් මාලයක් සහ මුදල් කොල්ලකා සැකකරු පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අම්පාර, දමන නීත්ත අඩි 100 මාර්ගයේදි වනඅලියකු පහරදීමෙන් ගල්ඔය වැවිලි සමාගමේ සේවකයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. ගල්ඔය වැවිලි සමාගම විසින් උක් වගාවට පැමිණෙන වන අලින් එලවිම සදහා සේවකයන් යොදා ඇති අතර රාත්‍රි මුර රාජ කාරියේ සිටින විට අද (19) අලුයම 3.30 ට පමණ මෙම වන අලි ප්‍රහාරයට ලක්වි තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ ගල්ඔය වැවිලි සමාගමේ අලි පාලන ඒකකයේ සේවය කළ කෝසල කුමාර නැමැති 39 හැවිරිදි තිදරු පියෙකි. මෙම ස්ථානයේ තිදෙනකු රාජකාරි කර ඇති අතර වන අලියා පහරදිමට පැමිණෙන විට ඔවුන් බේරිම සඳහා දිවගොස් ඇතත් පන්නාගෙන ගොස් වන අලියා මෙම පුද්ගලයාට පහරදී ඇත.
අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති. අධිකරණය මඟහැර සැඟව සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි. 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයාම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබිණි. අධිකරණය මඟහරිමින් සැඟව සිට අදට දින 19 කට පසු ඔහු මෙලෙස අද අධිකරණයට පැමිණ ඇත.
පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදී ඇප තැන්පත් කිරීම සිදු කරන අතර ඊයේ වනවිට පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසකින් ඇප තැන්පත් කර ඇති බවත් මැතිවරණ කොමිසම සදහන් කරයි. පළාත් පාලන ආයතන 336 ක් සදහා ජන්ද විමසීම සිදු කෙරේ.
මතුගම, ලිහිනියාව ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට තවත් බස්රථයක පිරිසක් විසින් පහරදී තිබේ. කොළඹ සිට නෙළුව බලා ධාවනය වූ බස් රථයකට අද (18) පෙරවරු 7.40ට පමණ මෙම පහරදීම සිදුකර ඇත්තේ අවිත්තාව සිට මතුගම දෙසට ධාවනය වූ බස් රථයක රියදුරු, කොන්දොස්තර ඇතුළු පිරිසක් විසින් බවට වාර්තා වෙයි. එහිදී තුවාල ලැබූ බස් රථයේ රියදුරු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. නෙළුව බලා ධාවනය වූ බස් රථයට හොරවල ප්‍රදේශයේදී මගියෙකු නංවා ගැනීම සම්බන්ධයෙන් එම බස් රථය පිටුපසින් පැමිණි මතුගම සිට අවිත්තාව බලා ධාවනය වූ බස් රථයේ රියදුරු බැණ තර්ජනය කර තිබූ බව වාර්තා වෙයි. පසුව එම බස් රථයේ රියදුරු එම අවස්තාවේ අවිත්තාව…
