Author: LANKA24X7

ඊයේ (09) දහවල් කාලයේ පිටිගල පොලිස් වසමට අයත් තොටුපොළ පාර, බෙන්තර ගං ඉවුරේ තිබී පිරිමි මළසිරුරක් හමු වී තිබේ. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මළසිරුර වයස අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසු වන තැනැත්තකුගේ බවට අනුමාන කළ හැකි බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, උස අඩි 05යි අඟල් 04ක පමණ පුද්ගලයකු වන අතර, නිල් පාට ඉරි සහිත අත් කොට කමිසයක් හැඳ, යටිකය නිරුවත් ව සිට ඇත. මළසිරුර ඇල්පිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සඳහා ගිය වෛද්‍යවරුන් පිරිසක් අකරතැබ්බයකට මුහුණදුන් පුවතක් මඩොල්සිම ප්‍රදේශයෙන් වාර්තා වුණි. එම වෛද්‍යවරු ගමන්ගත් මෝටර් රථයක් මතට රූස්ස ගසක විශාල අත්තක් කඩාවැටීම හේතුවෙන් අනතුරක් සිදුව ඇති බවය. එම අනතුරින් තුවාල ලැබු වෛද්‍යවරයෙක් කඩිනමින් රෝහල් ගතකළ බව මඩොල්සිම පොලීසිය පැවසීය. එලෙස අනතුරට ලක්ව ඇත්තේ, රාගම රෝහලේ සේවය කරන 38 හැවිරිදි වෛද්‍යවරයෙකි. විශ්වවිද්‍යාලයේ මිතුරන් වන වෛද්‍යවරු අට දෙනෙක් ඊයේ (09) පස්වරුවේ මෝටර් රථ දෙකකින් පුංචි ලෝකාන්තය නැරඹීමට යමින් සිටියදී මඩොල්සිම කොකාගල ඩීන්වත්ත ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ තිබෙන ගසක අත්තක් මෙසේ එක් මෝටර් රථයක් මතට කඩාවැටී තිබේ. එම අනතුරෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මැටිගහතැන්න රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු…

Read More

මොරොක්කෝවේ ඊයේ (09) හටගත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ. ඛේදවාචකයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන් වන අතර, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි ඒ අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් 1,400ක් පමණ සිටින බව වාර්තා වේ. බරපතළ තුවාල සිදු ව ඇත්තේ, මරකේෂ් නගරයට දකුණින් පිහිටි පළාත්වල පුද්ගලයන්ටය. මොරොක්කෝ ඛේදවාචකය හේතුවෙන් එරට හය වැනි මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශ කර ඇත. දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර සහ වෙනත් උපකාර සඳහ රජය කඩිනමින් මැදිහත් වන අතර, බොහෝ පුද්ගලයෝ එළිමහනේ සිය දෙවැනි රාත්‍රිය ගතකිරීම සඳහා සූදානම් වෙති.…

Read More

අපොස උසස් පෙළ විභාගය (2023) ලබන නොවැම්බර් මස පැවැත්වීම නැවත එම විභාගයට පෙනී සිටින දරුවන්ට කරන අසාධාරණයක් බවත් ඒ අනුව ඔවුන්ට විභාගයට සූදානම් වීමට දින 100 කට අඩු කාලයක් පමණක් ලැබෙන බවත් විභාග අපේක්‍ෂකයෝ චෝදනා කරති. පසුගිය විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් හෝ එසේත් නැත්නම් ඉලක්ක පීඨයට සුදුසුකම් ලැබීම නොහැකි වීමෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතු බවත් ඔවුහූ පවසති. විභාග ප්‍රතිපළ නිකුත් කිරීමට ප්‍රමාද වීම දරුවන්ගේ වරදකින් වූ දෙයක් නොවන බව කියන විභාග අපේක්‍ෂකයෝ එම ප්‍රමාද වූ කාලය නැවක විභාගයට පෙනී සිටින දරුවන්ට දීම බලධාාරීන්ගේ වලකීමක් බව ද සඳහන් කරති.

Read More

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. වසර හතරකට පසුව මෙරට උසස් පෙළ සමත් සිසුන්ගේ ප්‍රමාණය 63%කින් ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී කලා විෂය ධාරාව හදාරන සිසුවාටත් විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවද රාඝවන් මහතා කීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (8) තීරණය කළේ ය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊ පස්වරුවේ රැස් විය. පක්ෂය සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පවත්වන්නට මීට පෙර තීරණය කර තිබූ අතර වර්ෂා සහිත කාලගුණය නිසා එය කල් දැමීමට පසුව තීරණය කෙරිණි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබි තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ, කොළඹ මහාධිකරණය දුන් තීන්දුවකට අනුවයි. එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (08) දින නියමයක් නොමැතිව කල් තැබූ බව වාර්තා වේ. අදාළ පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ඊයේ විභාගයට ගැනිණි.

Read More

ශ්‍රී ලංකාව වැනි රටවල්වල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වලට දේශීය ණය ඇතුළත් කිරීම ගැන සාකච්ඡා කිරීම සඳහා ඉදිරි සතියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම වටමේස සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්, ලෝක බැංකු නියෝජිතයින්, G20 කණ්ඩායමේ රටවල්වල නියෝජිතයින් ඇතුළු ලොව ප්‍රධාන ආර්ථිකයන් නියෝජනයකරමින් නියෝජිතයින් එක්වීමට නියමිතව ඇත.

Read More

උසස්පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් හිමිව සතුට සැමරූ දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය පුවතක් කුරුණෑගල රණවන ප්‍රදේශයෙන් වාර්තාවෙයි. කුරුණෑගල රණවන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා මනුජ හංසමල් ජයතිලක නම්වෙයි. කුරුණෑගල මලිය⁣දේව විදුහලේ උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරු ඔහු මෙවර උසස්පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් හිමිකරගෙන ඇත. දෙවන වර විභාගයට උසස්පෙළ විභාගයට මනුජ නැවත වතාවක් පෙනී සිටින්නේ පළමු වර විභාගයේ ප්‍රතිඵලවලින් ඔහු සෑහිමකට පත් නොවූ නිසාවෙනි. එම කාලසීමාව අතරේ ඔහු කුරුණෑගල මල්ලවපිටිය රජයේ බැංකුවක තාවකාලික පදනම මත ලිපිකරුවෙකු ලෙස සේවයේ නිරතව සිට තිබේ. ප්‍රතිඵල පැමිණීමත් සමඟ සිය මිතුරන් සමග සතුට සැමරූ මනුජ තමන් රාජකාරී කරන බැංකුවේ සිටි සියලුදෙනාටද සංග්‍රහයක්…

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිදු කළ පිරිස් එම වැරදි පිළිගන්නේ නම්, සමාව දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ මේ බව කියා සිටියේ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ අද (18) පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.

Read More