Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඝාතනයට ලක් වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් “අංගොඩ ලොක්කා” නැමැත්තාගේ සමීපතමයෙකු බව කියන අතුරුගිරියේ “ලොකු ජයා” නැමැත්තා කඩු දෙකක් සහ ගංජා සමඟ අත් අඩංගුවට ගත් බව බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරු බස්නාහිර පලාත් අපරාධකරුවන් ගේ ලැයිස්තුගත සාමාජිකයෙකි. ලද තොරතුරක් මත අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරු අත් අඩංගුවට ගෙන අදාල නිවස සෝදිසි කිරීමේදී සගවා තිබූ කඩු දෙකක් සොයා ගැනීමට හැකි වූ බවද එම කොට්ඨාසය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරු සම්බන්ධයෙන් චෝදනා රැසක් පවතින බවද පොලිසිය පවසයි.
කුරුණෑගල බෝගමුව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දියනෑමට ගිය මවක් සහ දරුවන් දෙදෙනකු සැඩ පහරට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඇත්තේ 36 හැවිරිදි මව සහ ඇයගේ පිරිමි දරුවන් දෙදෙනෙකි ඔවුන් බෝගමුව පේරගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
අවිත්තාව ඉහල කන්ද යගිරල ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ඉත්තෑපාන පොලිසිය පවසයි. මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව් දෙනෙකු අදාල දිය වලෙහි දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි ද පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය ට අනුයුක්තව සේවය කල එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය. දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෙට (26) දිනයේදී පැවැත්වීමට නියමිත වේ.
මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රජයේ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවයි. කෙසේ වෙතත් මැතිවරණ නොවන වෙනත් රාජකාරී කටයුතු සඳහා ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට එවැනි කටයුතු සඳහා රජය ගුවන් යානා යොදා ගැනීමට බාධාවක් නැති බවද ඔහු සඳහන් කළේය. මේ අතර මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ දුම්රිය යොදා ගන්නේ නම් ඒ සඳහාද…
ගෙවී ගිය පැය 24ක කාලය තුළදී ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (24) එම අනතුරු සිදුව තිබුණේ, චුන්නාකම්, නොච්චියාගම සහ හබරණ යන පොලිස් වසම්වලින්ය. යාපනය – කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාකම් ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් රියදුරට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පරෙළී ගොස් අනතුරක් සිදුව තිබුණි. එම අනතුරින් ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ මව සමග ගමන්කළ කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා තෙලිප්පලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, දන්ගස්වැව, පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02යි මාස 06ක් වූ කුඩා පිරිමි දරුවෙකි. මේ අතර නොච්චියාගම – කුකුල්කටුව මාර්ගයේ නෙළුගොල්ලෑව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ…
කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත්, වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 03 දෙනා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම වෙඩික්කරු යුද හමුදාවේ හිටපු සෙබළෙකු බව කියයි. ඝාතනයට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව කරන සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණයට අදාළ සමීක්ෂණ වාර්තා කිහිපයක් පසුගිය දිනවල නිකුත් විය.
පවුල් දෙකක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මන්නා පිහියකින් පහරදී කාන්තාවක ඝාතනය කර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ හොරණ ,මීවන පලාන ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රදීපිකා කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය. පහරකෑ කාන්තාව හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි. පහරදුන් පුද්ගලයා හදුනාගෙන ඇති අතර , ඔහු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි
තුන් හැවිරිදි එකම දියණිය සමග ස්කුටරයක යමින් මවක් සහ පියෙක් හොරණ බොරලුගොඩ ආයෝජන කලාපයට හැරෙන හන්දිය අසලදී බොලරෝ වර්ගයේ ජීප් රථයක ගැටීමෙන් මව මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි සිදුවූ අනතුරින් පියා සහ දියණියද තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි එලෙස මියගොස් ඇත්තේ හොරණ උතුරු උඩුව පදිංචිව සිටි කේ. ජි .ගිම්හානි නැමති 26 හැවිරිදි එක්දරු මවකි පියා සේවය කරන ආයතනයේන් පවුලේ සාමාජිකයන් අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාවක රැගෙන යාමට අද (24) කටයුතු සලසා තිබී ඇති අතර ඊට සහභාගි වීම සඳහා හොරණ උතුරු උඩුව නිවසේ සිට රත්නපුර මාර්ගයේ පැමිණ බොරලුගොඩ ආයෝජන කලාපය ඉදිරිපිට මාර්ගයේ මධ්‍ය රේඛාවේ නවතා දකුණට හැරවීම සඳහා සූදානමින් සිටියදී හොරණ සිට…
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුම හා තාක්ෂණය හුවමාරැ කරගැනීම අරමුණු කරගෙන ඉන්දිය හා ශ්‍රී ලංකා යුධ හමුදාව ඒකාබද්ධව සිදුකරන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය පසුගිය 12 වන දින ආරම්භ කළ අතර එහි අවසාන යුධ අභ්‍යාසය මාදුරුඔය යුද හමුදා පුහුණු පාසල් නගරබද සටන් ප්‍රදේශයේ දී පැවැත්විණි. කර්නල් රවින්දා අහලවට් ගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි ඉන්දීය යුධ හමුදාවේ භට පිරිස් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් ප්‍රතිත්‍රස්ත යුධ සටන් පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනිමට මෙම අභ්‍යාසයේ දී සිදුවිය. මෙරටට පැමිණි දින සිට යුද අභ්‍යාසය අදාළ ක්‍රියාකාරකම්වල නිරත වු ඉන්දු – ශ්‍රී ලංකා හමුදා භට පිරිස් මෙහිදි තම දැනුම හා අත්දැකීම්…