Author: LANKA24X7

ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන තාවකාලික කාර්යාලවල අදාළ පක්ෂයේ ජනපති අපේක්ෂකයාගේ ඡායාරූපය හැර වෙනත් කිසිවකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. අදාළ කාර්යාලවල ප්‍රදර්ශනය කළ හැක්කේ අදාළ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයාගේ ඡායාරූපය ඡන්ද සලකුණ පමණක් බවද හෙතෙම පවසයි. එලෙස ඉදිකර තිබෙන තාවකාලික කාර්යාලවල ජනාධිපති අපේක්ෂකයාගේ ඡායාරූපයට අමතරව ආසන සංවිධායකවරුන් ඇතුළු වෙනත් අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන බවට මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස පොලිසිය දැනුවත් කර ඇති බවත් ඒ මහතා පවසයි. මැතිවරණ කොට්ඨාස 160 ක් තුළ ඡන්ද කොට්ඨාස 13134 ක සහ මැතිවරණ කොට්ඨාසයකට එක් කාර්යාලයක්…

Read More

ගල් ඇඳිවල හාල් වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කළ කොන්ත්‍රාත්කරුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ලක්ෂයක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන හිඟුරක්ගොඩ පරාක්‍රම ගොවි සමිතියේ ලේකම්වරයා ලබන 10 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කමල් දිසානායක නැමැති සැකකරු මෙසේ බන්ධනාගාර ගත කළේය. වැව් බැම්ම පිළිසකර කිරීම සඳහා රජයෙන් ලක්‍ෂ 16ක මුදලක් කොන්ත්‍රත්කරුට ගොවි සමිතිය හරහා ලබා දී ඇති බවත්,ගොවි සමීතියට හිමි විය යුතු සියයට පහක කොටස තබාගෙන ඉතිරි රුපියල් 1587400.00 මුදල නිදහස් කර දීම සඳහා ලක්ෂ දෙකක අල්ලස් මුදලක්…

Read More

තමා පැහැර ගැනීමට උත්සාහ කරන බවට ඇතිවූ වැරදි වැටහීමකින් වෛද්‍යවරියක ගිලන් රථයකින් පැනීමේ සිද්ධියක් නෙළුම්කුලම පොලිසියෙන් වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරකු සහ රෝහල් සේවකයකු අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරිය බව වවුනියාව නෙලුක්කුලම පොලිසිය කියයි. වවුනියාව රෝහලට අයත් ගිලන් රථයක් වවුනියාව රෝහලේ සිට වවුනියාව පම්පෙමඩුව ආයුර්වේද රෝහලේ නේවාසික රෝගී සම්බාහන වාට්ටුව වෙත රාත්‍රී ආහාර රැගෙන ගොස් ඇති අතර, ආයුර්වේද රෝහලට ආහාර ලබා දී නැවත පැමිණෙන අවස්ථාවේ රෝහලේ සිටි වෛද්‍යවරියක තමන් වවුනියාව නව බස් නැවතුම්පොළ වෙත ඇරලවන ලෙසට රියැදුරුට සඳහන් කර ගිලන් රථයට ගොඩවී ඇති බව නෙලුක්කුලම පොලිසිය පවසයි. එහිදී ගිලන් රථ රියැදුරු පම්පෙමඩුව පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ගිලන් රථයට ඉන්ධන…

Read More

ඡන්ද අල්ලසක් ලෙස වතුකරයේ ජනතාවට බෙදා හරින බව කියන කෘත්‍රීම රා පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍යට අහිතකර ඒවා බව සිදුකළ මූලික වි ම ර් ශනවලදී අනාවරණය වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. ඡන්ද අල්ලසක් ලෙස රා බෙදා හරින බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විසින් තම සංගමයට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනයකදී මේ බව අනාවරණය වූ බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය . එම පැමිණිල්ලට අනුව තම සංගමයට සිදුකළ හැක්කේ සෞඛ්‍යමය පරිහානිය ගැන සොයා බැලීම වන අතර ඒ පිළිබඳව ඉතා විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කරගෙන තිබෙන බවද වතුකරයේ ජනතාව වෙත ගොස් එම පරීක්ෂණය…

Read More

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (26) පැවසීය. නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය පියවර ගෙන ගෙන ජාත්‍යන්තර මිල ගණන් කැඳවා විදේශ සමාගමකින් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇනවුම් කර ඇති බවත් විදේශ ගමන් බලපත්‍ර හිඟය පිළිබඳව අවදානය යොමු කර සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් එම සමාගමෙන් ගැනීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ. එම විදේශ…

Read More

ජනාධිපතිවරණයට අදාලව මේ වනවිට සමස්ථ පැමිණිලි 1052 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. ගත වූ පැය 24 තුළ පමණක් මැතිවරණ පැමිණිලි 127 ක් ලැබී ඇති බවත් කොමිෂම පවසයි. ඉකුත් ජූලි 31 දා සිට මේ දක්වා ලැබී ඇති සමස්ථ මැතිවරණ පැමිණිලිවලින්1006 ක් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් බවත් සදහන් කරන මැතිවරණ කොමිෂන් සභාව ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 04 ක් හා වෙනත් පැමිණිලි 42 ක් ද ලැබී ඇති බවත් පවසයි.

Read More

පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 300කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ. එසේම නාම යෝජනා දුන් අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් මියගොස් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව අපේක්ෂකයන් පන්සියයකට ආසන්න පිරිසක් විවිධ හේතු මත පසුකාලීනව පක්ෂ මාරු කර ඇති බව මැතිවරණ නිලධාරීන්ට තොරතුරු දැන ගන්නට ලැබී ඇත. මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා දුන් පුද්ගලයන් පිළිබඳ විස්තර සොයා බැලීමට ඉදිරි කාලයේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි. පළාත් පාලන ඇතිවරණයට අදාළව නව ගැසට්…

Read More

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකුට කඩු පහරදී තුවාල කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවකු යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. තුවාලකරු මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔහුගේ එක් අතකට කඩු පහර වැදී තුවාල සිදුවී තිබෙන බවත් මිනුවන්ගොඩ පොලිසිය පවසයි. තුවාල ලබා සිටින පුද්ගලයාගේ නිවෙසට පැමිණ මුලින්ම බැණ වැදී ඇතැයි කියන සැකකරු මල් පෝච්චි කිහිපයක් ඔසවා පොළොවේ ගසා පසුව කඩුවෙන් පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වීයැයි පොලිසිය සඳහන් කරයි.

Read More

කාන්තාවක් විසින් ආයුර්වේද සම්භාන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා කතුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .‍ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව ගල්කිස්ස පොලිස් වසමේ වෙඩිකන්ද පාර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත. එහි කළමනාකාරවරිය ලෙස රැඳී සිටි කාන්තාවට අමතරව සේවා සැපයීම සඳහා සිට ඇත්තේ වයස අවුරුදු 25 -40 අතර පසුවන පානදුර, අනුරාධපුරය හා මාතලේ යන ප්‍රදේශවල පදිංචිකාරියන් තිදෙනෙකු බව පොලිසිය කියයි.

Read More

මවු කුස තුළ දී ගැහැනු පිරිමි ලිංගිකත්වය තිරණය කරන, Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජන වී ඇති බවත්, ඉදිරියේ දී එය සම්පූර්ණයෙන් නැතිවී යෑමේ අවදානමක් පවතින බව වෛද්‍ය පර්යේෂකයෝ කියති. Y වර්ණදේහය නැතිවී ගියහොත්, උපදින සියලු දෙනා ගැහැනුන් වනු ඇත. Y වර්ණදේහය අවදානම් තත්ත්වයකට පත් වී ඇති බව අනාවරණය කර ඇත්තේ ඇමෙරිකා ජාතික විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන්ය. ඔවුන් පෙන්වා දී ඇත්තේ, පසුගිය වසර ගණනාව තිස්සේ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවය. ඒ වසර මිලියනයකට ජාන 10 ක අහිමි වීමේ අනුපාතයකිනි. ඒ අනුව, වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතින බව පැවැසෙයි.

Read More