Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
76 වන යුද්ධ හමුදා දිනට සමගාමීව බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ යන මහත්වරුන් විසින් මෙම නිර්දේශ ලබා දී ඇති බව සඳහන්ය. ඒ අනුව ක්‍රියාන්විතයේදී තුවාල ලබා රණක්‍ෂිතයට පත් බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකුගේ සේවය අගයමින් සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, ඔවුන් මේජර් ජෙනරාල් නිලයට නිල උසස් කිරීම් සිදුකර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.
බන්ධනාගාර ගොඩනැගිලිවල ඇත්තටම මනුස්සයෙකුට ජීවත් විය නොහැකි තත්වයක් පවතින බව අධිකරණ ජාතික ඒකාබද්ධතා සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. රිමාන්ඩ් බන්ධනාගාරවල දැරිය නොහැකි පිරිසක් රඳවා සිටින බවද ඔහු සඳහන් කළේය. බන්ධනාගාර ලොකු කර වැඩක් නැති බවත් එතනින් එළියට යන වැඩපිළිවෙලක්ද සකස් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මහාධිකරණවලින් ඇප ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව තිස්තුන් දහස ඉක්මවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය. වැඩිම රැඳවියන් පිරිසක් රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය. එම ගණන 3,557ක් පමණි. එහෙත් එහි රඳවා තැබිය හැකි රැඳවියන් ගණන 750ක් බව…
දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන සියලුම නීති ලංකාවට නොගැලපෙන බව බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොළඹදී පැවසූහ. රටේ පවතින සංස්කෘතිය, ආචාරධර්ම සහ ක්‍රමවේදයන්ට ගරු කරමින් මෙම ක්‍රියාවළිය නතර කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ. ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරුතුමෝ මේ බව පැවසූහ. “දොසක් කිව්වොත් තමන්ට සිත් තැවුලක් සිදුවුනා කියලා චෝදනා කරලා මව්පියන් පොලිසියට අල්ලලා දෙන්න මෙම නව පනත මගින් දරුවන්ට පුළුවන්. මව්පියන්ට මෙහෙමනම් ගුරුවරුන් ගැන කතා කරන්න…
ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දේශපාලන හිතවතුන් 15දෙනෙකු නාමිකව බඳවා ගනිමින්, එම සේවකයින්ට වැටුප් හා අතිකාල දීමනා ලෙස ගෙවූ රුපියල් ලක්ෂ අසූවක් අවභාවිතා කරමින් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කලේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම ඊයේ (10) පැවසීය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය පුද්ගලික ලේකම්ව සිටි ඒ මහතාගේ පුත් රමිත් ලක්සෙන් බණ්ඩාර රඹුක්වැල්ල , දියණිය අමාළී නායනිකා රඹුක්වැල්ල හා නිවසේ සේවිකාව වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ…
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බැවින් වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි. වයස අවුරුදු 20- ත් 40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර 3කට වරක්ද, අවුරුදු 40 කට වැඩිනම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසද එම ඒකකය පවසයි. එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාවයක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුලට ගිලී යාම (ළඟදී ඇති වුණු), පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා…
අනුරාධපුර ගලෙන්බිදුණුවැව ගොවීන් යල කන්නයේ වගා කළ අක්කර දහස් ගණනක ලොකු ලූනු අස්වැන්න නිවෙස්වල ගොඩ ගසා තිබීමෙන් කුණු වී කිලෝ දහස් ගණනක් ඉවත දැමීමට සිදුව ඇතැයි හුරුළුනිකවැව ගොවීහු පවසති. ගුණාත්මක බීජ නොමැතිකම හෝ යහපත් කාලගුණයක් නොමැතිවීම හේතුවෙන් සිය අස්වනු කුණුවීමට ලක් වෙනවාද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවත් මේ වනවිට දෛනිකව තම අස්වැන්න තම ගබඩාවලින් තෝරා ප්‍රයෝජනයට ගත නොහැකි ලූනු ඉවත් කිරීමට සිදුව ඇති බව ගොවීහු පෙන්වා දෙති. ලූනු බීජ කිලෝ එකකින් ලූනු අසවැන්න ආසන්න වශයෙන් කිලෝ 3000 ක් බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ගොවීන් චෝදනා කරන්නේ මේ වන විට එක් ගොවියකු ආසන්න වශයෙන් අස්වැන්න කිලෝ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඉවත…
සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන කොස්ගොඩ සුජී නමැත්තාගේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් අහුංගල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට දුරකතනයෙන් මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අහුංගල්ල පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්යාංශයේ ලබාදුන් තොරතුරකට අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඉකුත්දා (8) බලපිටිය ප්‍රදේශයේදී මෙම කාන්තාව හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 4200 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. එදින සවස වට්ස්ඇප් සමූහය හරහා නාදුනන පුද්ගලයකු මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගනිමින් අත්අඩංගුවට ගත් කාන්තාවට මහාධිකරණය මගින් ඇප ලබා ගැනීමට හැකිවන පරිදි හෙරොයින් නඩු භාණ්ඩ ඉදිරිපත් කරන ලෙසට පරුෂ වචනයෙන්…
අවබෝධතා ගිවිසුම අත්සන් තබා මාස නවයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක වටිනාකමින් යුත් සයිනොපෙක් තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් තවමත් අත්කර ගෙන නැතැයි ආරංචි මාර්ග ඊයේ (10) ප්‍රකාශ කළේය. චීනය මෙහෙයුම් කටයුතු සිදුකරන හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිරිකිරීමට යෝජිත සයිනොපෙක් තෙල් පිරිපහදුව මෙරට විශාලතම සෘජු විදෙස් ආයෝජනය ලෙස සැලකෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය. බදු නිදහස් කිරීම් පිළිබඳව සහ පිරිපහදුවේ නිපදවන තෙල්වලින් මෙරට අලෙවි කිරීමට අවසර ලබාදෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම තවමත් තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ නොවීමට හේතුව බව ආරංචි ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම වසර මුලදී චීනයේ සිදුකළ නිල…
ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට පහසුකම් සැලසූ සමාගම් දෙකක් ඇතුළු ඉරානයේ තෙල් හා ඛනිජ රසායනික වෙළෙඳාමට සම්බන්ධ පුද්ගලයන්, ආයතන සහ නැව් 50 කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා සම්බාධක පැනවූවේය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බාධක පනවා ඇති සමාගම් දෙක වන්නේ ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී සහ මාර්කන් වයිට් ට්‍රේඩිං යන සමාගම්ය. එලෙස සම්බාධක පනවමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ මෙම පාර්ශව ඉරානයට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් උපයා දීමට වක්‍රාකාරයෙන් දායක වී තිබෙන බවත් ඉරාන තෙල් හා ඛනිජ රසායනික වෙළෙඳාම අඩපණ කිරීම සඳහා ඊට සම්බන්ධ පාර්ශ්වයන්ට සම්බාධක පනවන බවත්ය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව චීනයට සම්බන්ධකම් ඇති…
නැගෙනහිර,ඌව,මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තදවැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකියි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කලයේදී වැසි ඇති විය හැකිය.
