Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමග සමීප සබඳතා පැවැත් වූ පොලිස් සැරයන්වරෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ. එම සැරයන්වරයා සැකකාරිය සමග එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. ඉකුත් පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කළේය. එම අපරාධයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි අතුරුදන්ව සිට අතර පසුව ඇය සහ ඇයගේ රුවට…
මේ වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 ඉක්මවා ගොස් තිබේ. සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (15) වන විට සංචාරකයින් 2,208,000ක් දිවයිනට පැමිණ ඇති බවය.
සිඩ්නි නුවර බොන්ඩායි මුහුදු වෙරළේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය අතරතුර තුවක්කුකරුවකු සමඟ පොර බදා ඔහු මෙල්ල කර තුවක්කුව උදුරාගත් 43 හැවිරිදි අහමඩ් අල් අහමඩ් නමැති පලතුරු කඩහිමියා වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකට ආසන්න අරමුදලක් එක්රැස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට දශක දෙකකට පෙර සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු ඊයේ වනවිට එරට ජනතාව අතර වීරයකු බවට පත්වි සිටින අතර, ඔහු වෙනුවෙන් රැස් කරන එම අරමුදලට අමෙරිකානු ජාතික බිලියනපතියකු ද ඩොලර් 65,000ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
අද (16) උදෑසන 7.30ට පමණ ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 1,000ක් මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මේ හේතුවෙන් ජලාශය පහළ ජීවත් වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසට වාරිමාර්ග අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.
2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නැවත වරක් දැනුම් දී තිබේ. අදාළ නිලධාරීන්ට සහ විශේෂයෙන් සියලු ම විදුහල්පතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් මීට පෙර දැනුම් දී ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (16) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණ හිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් මාර්ග අවහිර වීම හේතුවෙන් හෝ ව්‍යසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිළධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩු ලබාදීමට නියමිතයි. එම විශේෂ නිවාඩු…
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. සබරගමුව,…
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. මෙම සිද්ධිය සැකකරුවකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
ටී56 වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් සමඟ පුද්ගලයෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත ලැබුණ තොරතුරක් මත ඇල්පිටිය, සාදමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එහිදි ඔහු සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 02ක් සහ පතරොම් 45ක් සොයාගත් බව පොලිසිය පැවසුවේය. අත්අඩංගුවට ගත් සැකකකරු 64 හැවිරිදි සාදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවය. අදාළ ගිනිඅවි උපයෝගි කර ගෙන මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකිරීමට ද සැකකරු විසින් සූදානමින් සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී…
පොලීසිය විසින් ආරම්භ කර ඇති රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (15) දිනයේදී පුද්ගලයින් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම මෙහි මූලික අරමුණු වූ අතර ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස සිට මෙම මෙහෙයුම් ආරම්භ කෙරිණි. ඒ අනුව සිදුකරන ලද මුළු වැටලීම් 987 අතුරින් මෙම සැකකරුවන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 513ක්ද, අයිස් ග්‍රෑම් 890ක්ද, ගංජා පැල 35,349ක්ද ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.
