Author: LANKA24X7

බිරිඳ සහ කුඩා දරුවා සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටි සමෘද්ධි සහායකවරයකුට මීගොඩ නාගහ වත්ත ප්‍රදේශයේදී ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි ඝාතනයට යොදා ටි පනස් හයේ ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාව සේවයෙන් පලා ගිය අයකු වන අතර ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අසල්වාසී නිවසක පදිංචිකරුවකු බව පොලිසිය කියයි. වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූයේ මීගොඩ ඕවිටිගම නාගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පොල්ලු පතිරගේ නලින් සඳුන් තරංග කල්දේරා නොහොත් බබා නැමැති 32හැවිරිදි එක්දරුපියකි. ඝාතනයට ලක්කු පුද්ගලයා පවුලේ අයවලුන් සමඟ ඉකුත් 14වෙනි…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි වාර කීපයක් ඇති විය හැකියි. ඌව,මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කෙරිණි . ඒ අනුව ” ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායක ,යුද හමුදාපති,ගුවන් හමුදාපති ,නාවික හමුදාපති, වැඩ බලන පොලිස්පති ඩබ්ලිව් .එල්.ඒ.සමන් ප්‍රියන්ත ,නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉන්ජිනේරු කුමුදුලාල් ද සිල්වා, අයි.එස්.ජයරත්න ,ගිහාන්ද සිල්වා, සන්ධ්‍යා සල්ගාදු, ආචාර්ය ගාමිණී බටුවිටගේ, ආචාර්ය අනුරුද්ධ ගමගේ, දිල්රුක් වනසිංහ, දීපාල් සූරියආරච්චි , සිසිර අමරබන්දු, ක්‍රිශාන්ත කුරේ, ජයතු පෙරේරා ,රුවන් වීරසූරිය , දයාන්…

Read More

මෙරටට සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය ජනවාරි 10 දා දක්වා දීර්ඝ කළ බව වෙළඳ අමාත්‍යාංශය පවසයි. සහල් හිඟයට විසදුමක් වශයෙන් සහල් ආනයනය කිරීමට ලබා දී තිබූ කාලය අදින් (20) අවසන්වීමට නියමිතව තිබුණි. මේ වනවිට පෞද්ගලික ආයතනයකරුවන් විසින් සහල් මෙට්‍රික් ටොන් 35600 ක් පමණ මෙරටට ආනයනය කර තිබූ බව රේගුව පවසයි. රජය මගින් ද සහල් ආනයනය කරන බව ප්‍රකාශ කළද ඊයේ (19) වනවිටත් රජය සහල් ආනයනය කර නොතිබූ බව වාර්තාවේ.

Read More

තානායමකදී බහින්බස්වීමක් දුර දිග යාමෙන් මත්පැන් බෝතලයක් කඩා කොස්තාපල්වරයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මොරගහහේන පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු වන අතර, තුවාල ලැබූ ඔහු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. පොලිස් කොස්තාපල්වරයා ඊයේ (18) රාජකාරී විවේකය වාර්තාකර පැන් පානය කිරීම සඳහා හොරණ තානායමට පැමිණ ඇත. එහිදී ඉහත සැකකරු සමග කිසියම් සිද්ධියකට බහින්බස් වී ඇති අතර සැකකරු බෝතලයක් කඩා කොස්තාපල්වරයාට ඉන් පහර දී තිබේ. සිද්ධියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ගල්ඓදණ්ඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොලේ වර්තමාන වර්ධනයට රට තුළ පවතින අඩු පොලී අනුපාත ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දේශීය ආයෝජකයන් ස්ථාවර තැන්පත් වැනි ආයෝජනවලින් බැහැර වී කොටස් වෙලෙඳපොලට මාරු වන බවත් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසීය. ආර්ථික වශයෙන් රට නිවැරදි මාර්ගයකට හැරීම, ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය, රට ආර්ථික සහ දේශපාලන වශයෙන් යම්කිසි ස්ථාවරත්වයක් ඇති වීම නිසා ආයෝජකයන් තුළ විශ්වාසයක් ගොඩනැගීම වැනි සාධක ද මෙම වර්ධනයට හේතු වී ඇති බව ද රජීව බණ්ඩාරනායක මහතා කීය. ද්විතීක වෙළෙඳපොලේ කටයුතුවලින් රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් නොමැති වුවද ප්‍රාථමික වෙළෙඳපොල ගණුදෙනුවලින් ප්‍රාග්ධන සම්පත් ඉහළ යන නිසා එම වෙළෙඳපොලේ ගණුදෙනු…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024(2025) ලබන වසරේ මාර්තු මස 17 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (18) පස්වරුවේ පැවසීය. එම විභාගය පිළිබඳ වැඩි විස්තර 1911 (සෘජු දුරකථනය), 0112784208, 0112784537 සහ 0112786616 යන දුරකථනවලට ඇමතීමෙන්, 0112784422 ෆැක්ස් අංකයට හෝ gceolexamsl@gmail.com යන විද්‍යුත් ලිපිනයට හෝ යොමු කිරීමෙන් ලබාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය. එසේ නැත්නම් 0112786200, 0112784201 සහ 0112785202 පොදු දුරකථනවලට හෝ ඒවායේ 263, 265, 280, 282 සහ 443 යන දිගුවලට ද අමතා වැඩි විස්තර ගතහැකි බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

නවසීලන්තයේදී මේ මස 28 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (18) නිවේදනය කළේය. චරිත් අසලංක නායකත්වය දරණ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නවසීලන්තය බලා අනිද්දා (20) පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලියේ තරග මෙම මස 28, 30 සහ ජනවාරි මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්‍ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිදු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු.

Read More

උතුරු,වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින දෙක තුළ දි උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ගමන් කරයි.

Read More

මත් ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවක් කේරළ ගංජා සමඟ අද (19) දින අලුයම කොට්ටාව හොකන්දර පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. ගංජා කිලෝ ග්‍රෑම් 66 කට ආසන්න ප්‍රමාණයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ද සැකකාරිය සන්තකයේ තිබී හමු වූ බවද එම බලකාය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොට්ටාව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ .

Read More