Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී එට්කා ගිවිසුමට අත්සන් නොතැබූ බවත් එට්කා පිළිබඳව මෙතෙක් ඇති වී තිබෙන එකඟතාවන් තවත් සාකච්ඡාවලට භාජනය කරමින් සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට පමණක් ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (20) ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එට්කා ගිවිසුම එසේත් නැතිනම් ශ්‍රී ලංකා – ඉන්දීය ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක්, සංවාදයක් කාලයක සිට පැවත එන බවත් ජනාධිපතිවරයා රටට හානිදායි කිසිම ගිවිසුමකට අත්සන් නොතබන බවත් එහිදී අමාත්‍යවරයා පැවැසුවේය. ඉන්දීය සංචාරයෙන් පසුව එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරන බවට කටකතා පැතිර…
බොරලැස්ගමුව පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට පහර දී බරපතල තුවාල සිදුකළ රංගන ශිල්පිනියකගේ ෙ සැමියා වන හිටපු ගුවන් නියමුවකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ආර්. ආර්. ගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයෙ තැබිමට නියෝග කළාය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ බොරලැස්ගමුව දිවුල්පිටිය පන්සල පාර පදිංචි සම්පත් චාමික බණ්ඩාර දිසානායක නමැත්තෙකි. පහරදීමෙන් බරපතල තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. පවුල් ආරවුලක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනිය බොරලැස්ගමුව පොලිසිය වෙත දුරකථනය හරහා කරන ලද පැමිණිල්ලකට අනුව රාත්‍රී ජංගම…
ගාල්ල දඩල්ල කනත්ත අසලදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවලකට ඊයේ එල්ල කළ වෙඩි පහරකින් සැමියා එම ස්ථානයේම මියගොස් තුවාල ලැබු බිරිඳ කරාපිටිය රෝහලට ඇතුලත් කළ බවත් ගාල්ල පොලිසිය පවසයි. මෙසේ ඝාතනයකර ඇත්තේ වංචාවල මැලැගොඩ පදිංචි 45 හැවිරිදි බරණසුරිය පටබැඳිගේ පැතුම් හෙවත්සඳමිණි ලොක්කා නමැති අයෙකි. ඔහු බිරිඳ සමග යතුරු පැදියෙන් ගිංතොට සිට ගාල්ල දෙසට එමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කනත්ත අසලදි ටී.56 ගිනි අවියකින් වෙඩිතබා ගාල්ල දෙසට පලාගොස් ඇති බව පොලිසිය පවසයි. වෙඩි වැදි යතුරු පැදිය සමග වැටුන පසුද වෙඩික්කරුවන් යලිත් වෙඩි තබා ඇති බවද පරික්ෂනවලදි අනාවරණයවි තිබේ.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී ඊයේ (20) පැවසීය. ජනාධිපතිවරයා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පසුව මාධ්‍යට අදහස් දක්වමින් මෙසේද පැවසීය. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පැවැත්වීමට කටයුතු කරනවා. එම ඡන්දයට නාමයෝජනා බාරදුන් සන්ධාන අද නැහැ. ඒ සන්ධාන කැඩිලා. මේ නිසා ප්‍රශ්න නියෙනවා. නාම යෝජනා අවලංහු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව පනත සංශෝධනය කර ජනවාරි මාසයේදී පනත සම්මත කර ගන්නවා. ඊට පසු ඡන්දය පවත්වන්න පුළුවන්.
පොළොන්නරුව ඇළහැර ගොවි ජනපදයේ අලි මිනිස් ගැටුම පිළිබඳ බලධාරීන්ට කොතෙක් අදහස් ප්‍රකාශ කළ ද ඊට කිසිදු අවධානයක් නොමැති හෙයින් ඇලහැර ඉකිරිවැව ගම්මානයේ 51 වියති එච්.එම්.උපුල් හෙට්ටිනායක ගොවිමහතා ඔලුවෙන් හිටගෙන අලි මිනිස් ගැටුම පිළිබඳ අදහස් ඉදිරිපත් කළේය. බලධාරීන්ට අපි අවුරුදු ගානක් අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල කිව්වා කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නෑ. ,ගොවිතැන ගන්ඩ දෙයක් නෑ. මඤ්ඤොක්කා ගහක් හිටවලා කාපු කාලයක් මතක නෑ සේරම අලි වනසනවා. මේ ගැන පුන පුනා හැම රජයකටම කිව්වා කිසිම කෙනෙක් අවධානයක්, විසඳුමක් දුන්නේ නෑ. දැන් මම හිතුවා මේක අලුත් විදිහටවත් කියල බලන්න. පරිසරවේදීන්, කෝටිපතියෝ, වාහනවල යනවා. ඒ අයට අලි තර්ජන නැහැ. අපේ අහිංසක මිනිස්සුන්, බෙහෙත් ගන්න, ටවුමට…
අපි බෝට්ටු තුනකින් රටින් පිටවුණා බෝට්ටු දෙකක් කැඩුණා. ඒ බෝට්ටු දෙකේ සිටී පිරිස අපේ බෝට්ටුවට නැග්ගා. ඒ එන අතරමගදී අපේ හයක් දෙනෙක් මැරුණා ඉන් හතර දෙනෙක් ළමයි. එම මළ සිරැරැ මුහුදට විසිකලා යැයි මියෙන්මාරයේ සිට සරණාගතව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල්වී සිටියදී නාවික හමුදා භාරයට ගනු ලැබු මියෙන්මාර් සරණාගත පිරිස අතරින් කිහිපදෙනෙකු එසේ පැවසීය . මෙම පිරිස ත්‍රිකුණාමල වරායෙන් අද (20) ගොඩබිමට රැගෙන ආ අතර වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙලෙස පැමිණි සරණාගත පිරිස අතරින් එක් අයෙක් පැවසුවේ මියන්මාර්යේ පවතින අභ්‍යන්තර වර්ගවාදී යුද ගැටුම් නිසා තමා ගෙවල් දොරවල් අතහැර එරට ආරක්ෂක අංශවලට රහසිගතව මුදල් ගෙවා…
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි එහි විත්තිකරුවන්ට අද කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. එම තීරණය දැනුම්දීම සඳහා අදාළ නඩුවේ විත්තිකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳිගේ මහතා විසින් විත්තිකරුවන්ට දැනුම් දුන්නේ අදාළ දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය. ඒ අනුව විත්තිකරුවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ…
ක්‍රීඩාවේ පරිපාලකයා ලෙස කිසිවිටෙක ක්‍රීඩාව සමඟ සෙල්ලම් නොකරන බවත් ක්‍රීඩාව සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුටත් ඉඩක් නොතබන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඊයේ (19) පැවසීය. කිසිදු ක්‍රීඩා සංගමයක් හෝ නිලධාරීන් සමඟ විශේෂ හිතවත් කමක් හෝ විශේෂ අමනාපයක් නොමැති බවත් ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටලු සංගම් තුළම විසඳාගෙන ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට සියලු දෙනා එක් විය යුතු බවත් ඒ මහතා කීය. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ඇතිවී ඇති අර්බුද සම්බන්ධයෙන් කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සම්මේලනයේ දිස්ත්‍රික් සංගම් නියෝජිතයින් ඊයේ (19) කැඳවූ අවස්ථාවේදී එසේ පැවසීය. මෙහිදී දැල්පන්දු සංගම් නියෝජිතයන්ගෙන් වත්මන් තත්ත්වය පිළිබඳ විමසූ අතර, වර්තමානයේ පවතින…
මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකල සියලුම බලපත්‍ර සහිත ගිනි අවි ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. සිවිල් පුරවැසියන්ට තම ජිවිත ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබු සියලුම වර්ගයේ ගිනි අවි හා පතරොම් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දීමෙන් පසු මේ වනවිට බලපත්‍රලාභීන් 85% ක් පමණ ගිනි අවි නැවත භාරදීමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි. පසුගිය කාලයේදී පුද්ගල ආරක්‍ෂාව සඳහා යුද හමුදාව සහ පොලීසිය විසින් සැලකිය යුතු ගිනි අවි හා පතරොම් ප්‍රමාණයක් නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය කියයි. සිවිල් ජන සමාජය තුල ගිනි අවි…
විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑම විටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. විපක්‍ෂයක් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්නට යන්නේ නැති වුවත් කරන විවේචන අයි.එම්.එෆ් රාමුව ඇතුලේ සිට කළ යුතු යැයිද කීය. ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් අයි.එම්.එෆ් රාමුවෙන් පිට කටයුතු කිරීමට හැකියාවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. 2024 වර්ෂයේදී මෙරට ආර්ථික වර්ධනය සියයට දෙකක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබුණා.මට අවශ්‍ය වුණේ ඒ වර්ධන වේගය තවත් වැඩි කර ගන්නයි. ඒ නිසා අවුරුද්ද මුල් කාලයේ සිට ධාරිතා භාවිතය වැඩි කරන ලෙස ජනතාව සහ…
