Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉරානය සමග වෙළෙඳාම් අඛණ්ඩව සිදුකරන රටවලට අමතර තීරුබදු පනවන බවට අනතුරු අඟවමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ. කෙසේ නමුත් මෙම නියෝගය පැනවිය හැකි අනුපාත නිශ්චිතව දක්වා නොමැති අතර, එය 25% පමණ අගයක් වියහැකි බව සඳහන්. ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා, ආනයනය කරන හෝ වෙනත් ආකාරයකින් ලබාගෙන අමෙරිකාවට භාණ්ඩ අපනයනය කරන ඕනෑම රටක් මෙම නියෝගයට ඇතුළත් බව අමෙරිකාව පවසයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමෙරිකානු හා ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඕමානයේ දී සාකච්ඡා පවත්වන අතරවාරයේ මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම සුවිශේෂීය.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3ක් පැවැත්වේ. ඉන් පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දිව තරගයක් වන එය පෙ.ව. 11ට ආරම්භවීමට නියමිතය. අනෙක් තරග දෙක ඉන්දියාවේදී පැවැත්වෙන අතර, එහිදී බ.ඉ. කොදෙව්වන් ස්කොට්ලන්තයට එරෙහිව කොල්කටාහිදීද, සත්කාරක ඉන්දියාව අමෙරිකාවට එරෙහිව මුම්බායිහිදීද තරග වැදීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩාකරන අතර, එම තරගය හෙට (8) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත් හා ආකර්ෂණීයම තරග රටාව ලෙසින් පිළිගැනන විස්සයි20 ආකෘතියෙන් ලෝක කුසලානයක් පැවැත්වෙන…
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා තිබේ. මිල සංශෝධනයට අනුව රුපියල් 4,250ක් ව පැවැති 12.5kg ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල 4,330ක් වෙයි. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742ක් වෙයි.
අද (7) ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය. මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල…
ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.
මාදැල් භාවිතය සම්බන්ධයෙන් නව නීති පනවා නොමැති බවත් පවතින නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් සිදු කරන බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව ප්‍රකාශ කළේ, ට්‍රැක්ටර් සහ වින්ච් යන්ත්‍ර භාවිතය තහනම් කිරීමට එරෙහිව ඇතැම් ප්‍රදේශවල පැවැත්වෙන විරෝධතා පිළිබඳව අදහස් දක්වමිනි. 1984 මාදැල් නියෝග මාලාවට අනුව මාදැල් කර්මාන්තය යනු යාන්ත්‍රික ක්‍රියාකාරකම්වලින් තොරව මිනිස් ශ්‍රමය පමණක් භාවිත කරමින් සිදු කළ යුතු සාම්ප්‍රදායික රැකියාවක් බව ඔහු සඳහන් කරයි. දිවයිනේ ක්‍රියාත්මක මාදැල් 827න් අතිබහුතරයක් විශේෂයෙන් දකුණු පළාතේ ධීවරයින්, අදටත් ගැටලුවකින් තොරව මිනිස් ශ්‍රමයෙන් සාම්ප්‍රදායිකව කර්මාන්තයේ නිරත වන බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. වින්ච් යන්ත්‍ර සහ ට්‍රැක්ටර් භාවිතය හේතුවෙන්…
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අංක 2474/18 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව මේ වන විටත් රාජ්‍ය සේවයේ සිටින 2023.02.10 දිනට වයස අවුරුදු 45ට නොවැඩි සහ එදිනට උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවය. අංක 2474/19 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පහත…
එළැඹෙන 2027 වසරේ වැටුප් වැඩිවීමක් එන තෙක් කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් ව්‍යසනයට පත් ජනතාව නැවත පදිංචි කරවීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ පැවැත්විය. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ 2025, 2026 වසරේ සහ 2027 රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම රුපියල් 33,000ක් වැය කර ඇති බවය. ඒ අනුව 2027 තුන්වැනි වැටුප් වර්ධකය ඇතිවූවාට පසු අයවැයට සිදුවන බලපෑම සම්බන්ධව අවධානය යොමු කරමින් අනෙක් දීමනා ගැන සළකා බලන බවත් පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අද (06) පෙරවරුවේ අලව්ව හා රඹුක්කන අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසයි. ඒ අනුව හෙට (7) සිට මාර්තු 8 දක්වා වූ තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හා කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකය. මෙම කාලසීමාව තුළ ඉහත ක්‍රීඩාංගණයන්හි පැවැත්වෙන තරග නැරඹීම සඳහා දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් එම තරග පැවැත්වෙන දිනයන්ට අදාළව මෙය ක්‍රියාත්මක කිරීමට කොළඹ රථවාහන කොට්ඨාසය සැලසුම් කර ඇත.
