Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හෝර්ටන් ජාතික වන උද්‍යානයේ නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා පැවසිය. සිසර රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ වසර 12 පසු මෙවර නෙළු මල් වර්ග හතරක් එකට පිපී ඇති බවත්, එය නැරඹීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අධික සංචාරකයන් පිරිසක් සහ වැඩි රථවහන ප්‍රමාණයක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පැමිණෙන බවයි. එසේ එන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත්, එම පිරිස සදහා නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කල බවත් සිසිර රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
පළාත් සභා ඡන්දයට ඉදිරිපත්වීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව පළාත් සභාවට තරඟ කරන්නට සූදානම් බව කී විපක්ෂ නායකවරයා කැපකිරීම්,පරිත්‍යාග කර පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කරවන්නට සමගි ජන බලවේගය සූදානම් බව කීය. 2020 පෙබරවාරි මාසයේ ලියාපදිංචි වූ සමගි ජන බලවේගය මේ වන විට දුරකථනය ලකුණෙන් මහමැතිවරණ දෙකකට සහ එක් ජනාධිපතිවරණයකටත් පළාත් පාලන මැතිවරණයකටත් තරඟ කර ඇති බවත් අද වන විට සමගි ජන බලවේගයට පළාත් පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් 1773ක් සිටින බවත් විපක්ෂ නායකවරයා කීය. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය…
මාතලේ රිවස්ටන් සංචාරක කලාපයේ රිවස්ටන් කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේ පරිසර හිතකාමී රථ ගාලක් ඉදිකිරීමට තීරණය කර තිබේ. මධ්‍යම පළාත් වෙළෙද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 4ක් මේ සදහා වැය කිරීමට නියමිතය. සති අන්තයේ දිනවල දෙස් විදෙස් සංචාරකයින් රැසක් මෙම ස්ථානයට පැමිණිම නිසා ඇතිවන අධික වාහන තදබදයට පිළියමක් වශයෙන් හා මෙම ස්ථානයේ පස සේදීයාම වලක්වා ගැනීමේ අරමුණින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්දේසි හා නියාමනයන්ට යටත්ව වාහන ගාල් කිරිම සදහා ස්ථානයක් සකස් කිරීම මෙහි දී සිදුකෙරේ. මෙම ව්‍යාපෘතියට සමගාමිව මෙම ස්ථානයේ ඇති ටිකට් කවුන්ටරය හා පිවිසුම් ගේට්ටුව අලුත් වැඩියා කිරීමට ද නියමිතය. මෙම ස්ථානයේ සමස්ත සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් වැය…
උහන පොලිස් වසමට අයත් හිමිදුරාව ගම්මානයේ ඊයේ (11) දින සවස ගවයන් බැලීම සදහා ගොස් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීම නිසා මියගොස් ඇතිබව, උහන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ උහන හිමිදුරාව ජනපදයේ පදිංචි විජේකෝන් මුදියන්සේලාගේ අජිත් පුෂ්ප කුමාර නැමැති 42 හැවිරිදි අයෙකි. වැසි පැවති අවස්ථාවේ මියගිය අය ගවයින් රැගෙන ඒම සදහා ගොස් සිටියදී ඇතුණු පහරට ගොදුරුවී ඇතිබව මූලික විමර්ශනයේදී අනාවරණයවී ඇත. උහන පොලිස් ස්ථානාධිපති අනුජ ලංකාදේව මහතාගේ මෙහෙවීම මත පොලිස් විමර්ශන ආරම්භකර ඇත.
මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද(12) රාත්‍රී චීනය බලා පිටත්ව යාමට නියමිතය. අග්‍රාමාත්‍යවරිය අද (12) සිට 15 දා තෙක් චීනයේ සංචාරයේ නිරත වනු ඇත. එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය චීන රජය සහ බීජිං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන “එක් අනාගතයක්: කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතය. මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහත්වරුන් සමඟ අග්‍රාමාත්‍යවරිය ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගී වේ.
වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සහ ආයෝජන වල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මෙරට ආයෝජන සඳහා ඇති අවස්ථා, ව්‍යාපාරික පරිසරය සහ නීතිමය තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමරිකා ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ මේ වන විට ආයෝජන සඳහා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ඇති බවත්, ආයෝජන සම්බන්ධයෙන් පසුගිය රජයයන් යටතේ පැවැති අක්‍රමවත්භාවය වෙනස් කරමින්, වර්තමාන රජය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ, නව නීති සකස් කරමින් සිටින බවත් ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම රජයේ…
දිවයිනේ බොහෝ පළාත්වල අද (12) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් හෙට (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතව තිබේ. ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් 2,000කට මෙහිදී නිවාස හිමිකම් ලබා දීමට නියමිතය. සුවපහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමඟ එක්ව මෙරට මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිය වැවිලි ප්‍රජාව සඳහා හුදෙක් නිවසක් ලබාදීමක් පමණක් නොව මව්බිමට ජවයක් සපයන “ගෞරවනීය පුරවැසියෙක්” බවට පරිවර්තනය වීමේ මූලික අඩිතාලම වනු ඇත. ඒ අනුව කඳුකර වතු ප්‍රදේශ වල පදිංචිව සිටින මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය…
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට හෙට (12) පෙරවරු 10 ට පැමිණෙන ලෙසට විමල් වීරවංශ මහතාට දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනාගේ නිවසින් ආහාර ලබා ගත් බව කියන සිද්ධියට ප්‍රකාශ සටහන් කර ගැනීමට මෙලෙස කැදවා වීමට තිබේ. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ දැනුම් දීම මත ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය අට වැනිදින විමල් වීරවංශ මහතා අදාළ කාර්යාංශයට පැමිණුනද එම අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගාතුර වීම නිසා වෙනත් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු විසින් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබා…
නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහනුවරප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නීතිඥ භාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. විශ්‍රාමිකමේජර් ඩබ්ලිව්. එස්.එල්.එස්. පලිපාන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය. 2006 වසරේ මාර්තු මස පළමු වනදා සහ 2007 වසරේපෙබරවාරි මස 15 වන දා නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා තමන් විසින් වගඋත්තරකාර නීතිඥවරයාව පත් කරගෙන තිබූ අතර එම සේවාව වෙනුවෙන්රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලූ ඔහුට අත්තිකාරම් වශයෙන් රුපියල් 50,000 මුදලක් ලබාදුන් බව පෙත්සම්කරු සඳහන් කර තිබේ. කෙසේවෙතත් පොරොන්දු වූ පරිදි වගඋත්තරකාරනීතිඥවරයා සිය සේවාව ඉටු නොකිරීම හේතුවෙන් තමන් විසින් ලබාදුන් ලේඛන හා මුදල්ආපසු…
