Author: LANKA24X7

ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ගඟ අසල නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පලාගොස් සිටින සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලීසිය ඊයේ (15) අදාළ නිවස වැටලූ අවස්ථාවේදී නිවසේ පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇත. පොලිසිය පැවසුවේ ඔවුන් පොලිස් රාජකාරියට බාධා කළ බවත් එක් අයෙක් කඩුවක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුට දණහිසින් පහළට වෙඩි ප්‍රහාරයක් එල්ලකළ බවය. ඒත් සමගම අනෙක් තිදෙනෙකු පලාගොස් තිබුණි. මීට පෙරද මෙම නිවසේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර තිබෙන බවත් වැටලීම් ද ක්‍රියාත්මක කර තිබූ බවත් පොලීසිය පැවසීය. කෙසේවෙතත් ඊයේ සවස 5:30ට පමණ පොලීසිය සිදුකළ වැටලීමේදී…

Read More

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

Read More

මාතලේ උකුවෙල ලෑලිඅඹේ උඩංගමුව ප්‍රදේශයේ නිවසකදී කිසියම් අයෙකු කාන්තාවකට පිහියෙන් ඇන මරා දමා ඇති බව පොලිසිය කියයි . මෙසේ මියගොස් ඇත්තේ රණවීර ආරච්චිලාගේ රුවනි තක්ෂිලා 29 හැවිරිදි එක් දරු මවකි. ඊයේ (15) මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය කියයි. මියගිය කාන්තාවගේ මෘත දේහය මේ වන විට මාතලේ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත . සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධව කන්දේනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Read More

නිවසක නිදන කාමරයේ ඇඳක් මත පුද්ගලයෙකු සැකසහිත ලෙස මියගොස් සිටින බවට ඇඹිලිපිටිය පොලීසියට ලද පණිවුඩයක් අනුව විමර්ශන ආරම්භ කර ඇත. ඇඹිලිපිටිය පොලිස් වසමේ හල්මිල්ලකැටිය ප්‍රදේශයේ නිවසක් තුළදී මෙම පුද්ගල මළසිරුර ඊයේ (15) රාත්‍රී කාලයේදී සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ක් වන තුංකම, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු මීට වසර 08 කට පමණ පෙර සිට බිරිඳගෙන් හා දරුවාගෙන් වෙන්වී තනිව නිවසේ පදිංචිව සිටි අයෙකි. පොලීසිය සඳහන් කළේ මෙම මරණය දින කිහිපයකට පෙර සිදුවී ඇති බවටද නිරීක්ෂණය වූ බවය. මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර ඊයේ (15) රාත්‍රී කාලයේදී පස්සර පොලිස් වසමේ දුම්මලතැන්න…

Read More

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 6 දෙනෙකු යාපනය වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල පදිංචි දැරියන් දෙදෙනෙකු ඇතුළ සිව්දෙනෙක් සහ යාපනය වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්වය. වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනා අදාළ පිරිස රැගෙනඒම සඳහා මෙරට සිට යාත්‍රාවක් රැගෙන ගිය අය වෙයි. වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අනෙක් සිව්දෙනා මෙරට සිට නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට ගොස් එහිදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට හසුවී රඳවා සිටි පිරිසක් බවය. ඔවුන් මෙලෙස යළි මෙරටට ඇතුළුවීමට උත්සාහ ගැනීමේදී යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා සන්ධානය (ජනනායක තමිල් තේසිය කූටනි) සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය එක්ව වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණයෙන් වවුනියාව මහනගර සභාව වැඩි ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා සන්ධානය ජයග්‍රහණය කළ අතර ඔවුනට බලය පිහිටවීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශිය සභාව , වවුනියාව වෙන්ගලචෙට්ටිකුලම ප්‍රාදේශිය සභාව සහ වවුනියාව උතුර ප්‍රාදේශිය සභාවන් හි බලය පිහිටුවීම සඳහා සිය පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා සන්ධානය එකඟව කටයුතු කරන බවත් සඳහන් කළේය. ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පි. සත්‍ය…

Read More

ජනමාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය ස්ථාපිත කිරී‍මේ මුලික කටයුතු සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය. ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි. ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම ප්‍රමුඛ වන බැවින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම එම ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ඉදිරි අභිවෘද්ධිය මුලික අරමුණ කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා කර්තෘ සංසදය,…

Read More

කසිප්පු වැටලිමකට ගිය තෙලිකඩ පොලිසියේ සැරයන්වරයකුට කසිප්පු පොලේ සිටි පුද්ගලයකු කඩුවකින් රැගෙන සැරයන් වරයාකු පසු පස පන්නද්දී පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් තුවල කරාපිටිය රෝහලට ඇතුළත් කළ තෙලිකඩ පොලිසිය පවසයි. තෙලිකඩ පොලිස් වසමේ දොඩන්ගොඩ පාලම අසල නිවසක කසිප්පු පෙරා විකුණන බවට ලැබුණ මෙම වැටලීම සිදුකර ඇත. පසුව පොලිස් නිලධාරින් 1990 ගිලන් රියක් ගෙන්වා 30 හැවිරිදි සැකකරු රෝහලට යවා ඇත. රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුගේ තත්වය බරපතල නොවන බවයි.

Read More

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී ඇති අතර, කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්ථාව ලබා දී තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Read More

දිවා හා රාත්‍රී කාලයේදී නිවෙස්වලට හොර රහසේ ලෙස ඇතුලුවීෙ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරා ගෙන , මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකොට ඒවා අලෙවි කළ බව කියන තරුණයකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සදහන් කරයි. මීට අවුරුදු එක හමාරකට පමණ පෙර කඩවත ප්‍රදේශයේ නිවසකින් පරිගණකයක් සොරා ගැනීම සිදු කොට පසුව විවිධ ප්‍රදේශවලදී සොරා ගැනීම් සිදුකළ බව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. යක්කල , වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු 27 හැවිරිදි වියෙහි පසුවන්නෙකි.

Read More