Author: LANKA24X7

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, ඒ හේතුවෙන් අද (18) දිනයේත් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. තවද, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, වයඹ, උතුරු-මැද, උතුරු සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං…

Read More

පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට වෙලාගෙන තිබූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගෙන අදට (18) වසර 16ක් සපිරෙනවා. 16 වැනි විජයග්‍රණයේ සැමරුම වෙනුවෙන් සෑම නිවසකම ජාතික ධජය ඔසවා ඒ වෙනුවෙන් දිවිපිදූ හා කැපවූ අයවෙනුවෙන් ගෞරවය ලබා දෙන ලෙස දේශප්‍රේමී ජාතික පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 2009 වසරේ මැයි මස 18 වැනි දින පුදුකුඩිරිප්පු, නන්දිකඩාල් කලපුව ආසන්න ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමත් සමඟින් දශක තුනකට අධික කාලයක් උතුරු, නැගෙනහිර මෙන්ම මෙරට ත්‍රස්තවාදයෙන් ඇවිලූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මෙන්ම යුද්ධයේද නිමාව සනිටුහන් කෙරුණා. මෙම විජයග්‍රහණයට උර දුන් වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන 16 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් හෙට (19)…

Read More

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. දුම්රිය ස්ථානාධිපතිවරුන්ට මෙතෙක් නොලැබුණු එම ප්‍රධාන ඉල්ලීම් දෙකට විසදුම් ලබාදීම සදහා ආණ්ඩුවට සතියක කාලයක් ලබා දෙන බවද පැවසූ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා එම කාලය තුළ සිය ඉල්ලීම්වලට ආණ්ඩුවෙත් විසදුම් නොලැබුණොත් අඛන්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරෙන බවත් පැවසීය. පසුගිය (16) මධ්‍යම රාත්‍රීයෙන් ආරම්භ කළ වර්ජනය ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමක් නොව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් දිනාගැනීමක් බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි. එම වෙඩි ප්‍රහාරයෙන් හල්ලොලුව මහතාට කිසිදු හානියක් සිදු වී නොමැති උවත් එම මෝටර් රථයේ ගමන් කළ ඔහුගේ නීතිඥවරයකු බව කියන අයෙකුට සුළු තුවාල සිදුවී ඇති බවත් පොලිසිය පවසයි. තුසිල් හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනකු අහසට වෙඩි තබා පසුව මෝටර් රථය නවත්වා…

Read More

විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත් වූ සංඛ්‍යාව මේ වනවිට 100,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ 100, 413ක් ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. එමෙන්ම, විදේශ රැකියා නියෝජිත ලියාපදිංචි නොවී විදේශ ගතවූ සංඛ්‍යාව 64,150 වන අතර, එවැනි ආයතනයක් හරහා ලියාපදිංචි වී විදේශ ගතවූ සංඛ්‍යාව 36,263 ක්. ඊට කාන්තාවන් 39,496 ක් ද පිරිමි පුද්ගලයින් 6,0917 ක් ද ඇතුළත්. ඒ අතරින් වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම සංඛ්‍යාව 25,672 ක් වනවා. එසේම, එක්සත් අරාබි එමීර් රාජ්‍ය…

Read More

ජනාධිපති කාර්යාලය සතු වාහන වෙන්දේසියේදීි ව්‍යාජ ටෙන්ඩර් ගනුදෙණුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. කොළඹදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු කියා සිටියේ එම වාහන අඩු මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවයි.

Read More

කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රාතැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය පැවසීය. ඒ අනුව එළැඹෙන සඳුදා (19) හිටපු මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මියට අධිකරණය වෙත පැමිණ, ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇත. එමෙන්ම එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය පැවසීය. චාණිමා විජේබණ්ඩාර මහත්මිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොම්ෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදුකරනු ලබන පරීක්ෂණයන්ට යටත්ව මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා තිබේ. මේ වනවිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු…

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන්ට අදාළ විමර්ශන අවසන් කර, උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණි. නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව අදාළ සැකකරුවන් මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් භාරයේ තිබී පොලීසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු…

Read More

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවය. ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්ය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසා සිටියේ, නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බවය. ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බව කමල් අමරසිංහ…

Read More

පාර්ලිමේන්තුව මැයි 20 වැනි දා සිට 23 වැනි දා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද තීරණය කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ රැස්විය. මේ අනුව මැයි 20 වැනි අගහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා නිෂ්පාදන බදු (විශේෂ විධිධාන) පනත…

Read More