Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ශ්රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බව මෙහිදී පැවසූ අප්රිකා හිටපු ජනපති ම්බෙකි මහතා මෙවැනි කාලයක ශ්රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බව සඳහන් කළේය. දකුණු අප්රිකාව හා ශ්රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බව ඔහු පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසූයේ ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්රහණය කරමින් ඉදිරියට…
දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130 ම ආවරණය වන පරිදි සහ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්රිතව රාජ්ය ඔසුසල් ආරම්භ කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය න ලින්ද ජයතිස්ස මහතා පැවසීය. එම ඔසු සල් වලින් ජනතාවට උසස් ප්රමිතියෙන් සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්යවරයා කීය. අමාත්යවරයා මේ බව කීවේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්ය ඔසුසල – නාරාහේන්පිට ශාඛාව අංක 209, කිරුල පාර, නාරාහේන්පිට යන ස්ථානයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. රජය බලයට පත්වීමෙන් පසු ස්ථාපිත කළ තෙවන රාජ්ය ඔසුසල ශාඛාව මෙය වන අතර, ගල්කිස්ස හා කිරිබත්ගොඩ යන නගරයන්…
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (27) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදුටුවෙිය. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි වජිර අබේවර්ධන මහතා තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක අටපිරිකර පූජා කොට ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි වජිර අබේවර්ධන මහතා වරකාගොඩ ශ්රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහානා හිමි බැහැදුටුවේය. මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්ය වෙත ප්රකාශයක් කරමින් අබෙිවර්ධන මහතා කීවේ වෛරය, ක්රෝධය, කුහකකම නැති වී මුලු රාජ්ය යාන්ත්රණයම සුවපත් වේවායි ප්රාර්ථනා කරන බවයි.
අවශ්ය ශල්ය ද්රව්ය නොමැති වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් නතර වීමේ අවදානමක් මතුව ඇතැයි කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග ප්රකාශ කළේය. කොළඹ ජාතික රෝහලේ දිනකට බයිපාස් සැත්කම් දිනකට 6ත් 10ත් අතර ප්රමාණයක් සිදුවන බවත් රෝගියෙකු බයිපාස් සැත්කමක් සිදුකර ගැනීම සඳහා වසර 2 ක් පමණ ලැයිස්තුවේ බලා සිටින බවත් ආරංචි මාර්ග පැවැසුවේය. වසර කීපයක සිට රෝගීන් බයිපාස් සැත්කම් සඳහා අවශ්ය ඇතැම් ශල්ය ද්රව්ය වෛද්ය නිර්දේශය මත පිටතින් රුපියල් 70,000ක් පමණ මුදලක් වියදම් කර ගෙන ආ බවත් විශේෂඥ වෛද්ය මහේෂි විජේරත්නගේ සිදුවීමෙන් පසුව වෛද්යවරුන් පිටතින් ශල්ය ද්රව්ය රැගෙන එන ලෙස නිර්දේශ කිරීමට මැලිකමක් දක්වන බවත් ආරංචි මාර්ග ප්රකාශ කළේය.…
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම ඊයේ (27) පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මෙසේ පැවසීය. ධීවර වරාය නීතිගතව සංස්ථාවට ඉදිරිපත්කළ වැලි කැනීමේ ව්යාපෘතියක් නීති විරෝධීව විදේශීය සමාගමකට භාරදී රජයට රුපියල් ලක්ෂ 263 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරිය උපාලි…
මහනුවර පාතහේවාහැට ප්රදේශයේ ඇති රජයට අයත් වතු පහක අයත් ඉඩම් රැසක් විවිධ පුද්ගලයන් සහ සමාගම් අත්පත් කරගෙන යන මහා ඉඩම් කොල්ලයක් සිදුවන බව මහනුවර ජාතික ජනබලවේග මන්ත්රි ජගත් මනුවර්ණ මහතා පැවැසීය. මහනුවර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මන්ත්රීවරයා මේ බව පැවැසීය. මෙම රජයේ ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් කරන්නැයි මන්ත්රිවරයා ඉල්ලා සිටියේය. ජනතා වතු සංවර්ධන මණ්ඩලය ,රාජ්ය වැවිලි සංස්ථාව සහ ඉඩම් ප්රතිංස්කරණ කොමිෂන් සභාව යන ආයතනවලට අයත් ඉඩම් කාටද දුන්නේ කොහොමද දෙන්නේ කියල වහා සොයා බැලිය යුතුයි. රත්නපුර පළාතේ කෙනකුට අක්කර 20 ක පමණ ඉඩමක් දීනා. මේ ඉඩම් කොහොමද දෙන්නේ ? රජයට අයත් තවත් අක්කර 22 ක් තවත් පුද්ගලයකුට ලබාදී…
බස්නාහිර,සබරගමුව, වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක තද වැසි ඇති වේ. යාපනය, මන්නාරම, අනුරාධපුර සහ මාතලේ දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
බූස්ස බන්ධනාගාරයේදී ගෙල වැලලාගත් රැඳවියා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. එම රැඳවියා කොළඹ ප්රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වෙයි.
කීරි සම්බා සහල් ප්රමාණවත්ව මෙරට වෙළෙඳපොළ තුළ නොමැති බවට ශ්රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්රික්ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත. ඉන් මෙට්රික්ටොන් 5,000 ක් රජයේ ආයතන මඟින්ද, සෙසු සහල් ප්රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය වී තිබේ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා එම කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි. පුරවැසියන්ගේ ආහාර අවශ්යතාව සපුරාලීම මෙන්ම, දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.…
බදුල්ල මහියංගණය ප්රධාන මාර්ගයේ දුන්හිද තිඹිරිගස්පිටිය 4 කනුව ප්රදේශයේදි ඉකුත් 21 වැනි දා සිදුවූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ නිත්යා රියදුරා එම අනතුරට අනුබලදීමේ චෝදනාව යටතේ අද 26 දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය. අනුරාධපුර තලාව කුඹුක්ගහ වැව පදිංචි මෙම පුද්ගලයාද තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු සුවය ලැබීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද බදුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතව තිබිණ. තමා බස්රථය මුතියංගන රථ ගාලේ නතර කර බසයේ යතුර යතුරුකවුළුයේ තිබියදීම බැසගොස් ආපන ශාලාවකින් තේ පානය කළ බවත් නැවත එනවිට අනතුර සිදුකළ රියදුරා එම බසය පනගන්වා වෙනත් බසයකට ඉඩ ලබාදෙමින් සිටි බවත්…
